මෙම මැතිවරණය ඉතා තිරනාත්මක මැතිවරණයක් මෙම මැතිවරණය තුලින් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහානය කරවිමට අපි සියලුම දෙනා එකට එක්ව කටයුතු කල යුතුයි ඔබලා සියලුම දෙනා එකට එක්ව නුවරඑළිය දිස්ත්‍රික්කය තුලින් එක්සත් ජාතික පක්ෂයට මංත්‍රිධුර පහක් ලබා දිමට පියවර ගත යුතුයි.

නුවරඑළිය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක කේ. කේ. පියදාස මහතා මේ බව පවසන ලද්දේ 15වන දින බගවන්තලාව ප්‍රදේශයේ පැවති වතු කම්කරු හමුවකදිය.

මෙහිදි වැඩි දුරටත් කතා කල කේ. කේ. පියදාස මහතා අපිත් සමග ඉදලා වෙනත් තැනකට ගියපු අය දැන් කියන්නේ මොනවාද ඔවුන් කියන්නේ අගෝස්තු 06වන දාට සිරිකෝත අල්ලන්න ඡන්දය දෙන්න කියලා මිස වෙනත් දෙයක් කියනවාද.

සිරිකෝතේ ඉදලාත් එහි බලය අල්ලන්න බැරිවුන මේ අයට සිරිකෝතේ බලය අල්ලන්න ඔබලා ඡන්දය දෙන්න ඕනද එත් එක්සත් ජාතික පක්ෂය ඡන්දය ඉල්ලන්නේ මේ රට සංවර්ධනය කරලා අහිංසක ඔබලාට සහන සලසන්නයි.

පසුගිය ජනාධිපති මැතිවරණයේදි විවිධ බොරු කියලා පත්වුන අය අද මොනවාද කරන්නේ අද බඩු මිල බලන්න දිනෙන් දින බඩු මිල ඉහල යනවා අද හාල් කියද, සිනි කියද, පරිප්පු සැමන් මේ හැම දෙයකම මිල ඉහල ගිහින් තියෙන්නේ එත් ඔබලාගේ අදායම ඉහල ගිහින් නැහැ රැකියා දෙනවා කිවා කොරෝනා පිටින් දාලා රැකියා දිම නතර කලා.

එක්සත් ජාතික පක්ෂය තමයි මේ වතු කරයේ ජනතාවට විශාල සේවයක් කලේ වතුකර ජනතාවට ප්‍රජා උරුමය ලබා දුන්නේ එක්සත් ජාතික පක්ෂයයි,වතු ජනතාවට පර්.07 ඉඩමක නිවසක් හදා දිමට උපදෙස් දුන්නේ එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතායි වතුකරයේ දරුවන්ට ගුරු පත්විම් ලබා දුන්නේ එක්සත් ජාතික පක්ෂයයි.

හැටන් – මනුර සුදත් සෙල්ලහේවා

Similar Posts