ගුවන් විදුලි, රූපවාහිණී නාලිකාවල ඕන තරම් මහජන නියෝජිතයින්ට විරුද්ධවාදීන්ට දෝෂාරෝපණය කරන්න පුළුවන්. ඒ වාද විවාදවලින් ජනතාවට වැඩක් නැහැ. ඡන්ද දායකයාටත් වැඩක් නැහැ.

රටේ ආර්ථිකය හදන්නේ මෙන්න මෙහෙමයි කියලා කියනවානම් ජනතාවටත්, ඡන්ද දායකයාටත් වැඩක් තිබෙනවා.

පාර්ලිමේන්තු යන්න නම් ප‍්‍රතිපත්ති ඇතිව ඉදිරි සැලසුමක් තිබෙන්න ඕන යැයි කොළඹ විශ්වවිද්‍යාලයේ සංස්කෘතික සහ පෙරදිග අධ්‍යයන අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමිපාණන් අනුරාධපුරයේදී පැවසූහ.

දේශපාලනය කොටස් දෙකයි. එකක් දේශපාලනය අනෙක පක්ෂ දේශපාලනය. දේශපාලනය කියන්නේ පක්ෂ දේශපාලනය නොවෙයි. ඒක ධාරා දෙකක්. දේශපාලනය කිරීමට බලයක් අවශ්‍යයි. පාර්ලිමේන්තුව කියන්නේ කථා පවත්වන තැනක් නොවෙයි.

ප‍්‍රතිපත්ති හදන තැනක්. විරුද්ධවාදීන්ට දොස් කියන එක ඡන්දදායකයාට වැඩක් නැහැ. රටට වැඩකුත් නැහැ. ජනතාව කියන්නේ ඔයාගෙන් අපට වැඩක් නැහැ කියලා.

පක්ෂ දේශපාලනයේදී එකිනෙකා ඇන කොටා ගන්නවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව රට දිහා බලන අය තමයි හාමුදුරුවන්. මොන පක්ෂයෙන් ආවත් රට ගැන ආගම ගැන හිතන්න ඕන. ප‍්‍රතිපත්තියක් තියෙන්න ඕන. ඉදිරි සැලසුමක් වසර පහට තියෙන්න ඕන.

රටේ ආර්ථිකය හදන්නේ මෙන්න මෙහෙමයි, කෘෂි කර්මාන්තය දියුණු කරන්නේ මෙහෙමයි කියලා සැලසුමක් තියෙන්න ඕන. එහෙම සැලසුම් තියෙන අය අද ඉන්නවද?බොහෝ අය මාධ්‍ය මගින් බැණ ගත්තාම හරි කියලා හිතන අය. ප‍්‍රතිපත්ති ඇති ඉදිරි සැලසුමක් ඇති අයෙක් අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ මහජන නියෝජිතයෙක් හැටියට ඉන්නවාද?

Similar Posts