ස්වාධීන කොමිෂන් සභාවලට දේශපාලන වශයෙන් අනිසි බලපෑම් එල්ල වෙමින් තිබෙන බවත්, එම බලපෑම්වල අහිතකර ප්රතිඵල සමාජයට භුක්ති විදීමට සිදුව ඇති බවත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා පවසයි.
කොට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති පාක්ෂික හමුවකදී ඔහු කියා සිටියේ මේ වන විට මැතිවරණ කොමිෂමේ සාමාජිකයින්ට පවා තර්ජන එල්ලවෙමින් තිබෙන බවයි. 69 ලක්ෂයක් වූ ජනතාවගෙන් ඔහු විමසා සිටියේ සිය ඡන්දය ලබාදුන්නේ මෙවැනි තත්ත්වයක් අපේක්ෂාවෙන්ද යන්නයි.
එමෙන්ම පොලිසියේ ස්වාධීනත්වය අහිමිවීම තුළ නිදහස් චතුරස්රයෙන් මිය ගිය පුද්ගලයින්ගේ සිරුරු හමුවීමේ තත්ත්වයක් දැන් නිර්මාණය වී ඇති බවද වික්රමසිංහ මහතා සඳහන් කළා.