දික්ඔය ඇන්පිල්ඩ් වතුයායේ පවතින බබර කුඩුවල සිටින බබරුන් පලවා හැරිම සදහා සලංකන්ද ප්රදේශයේ තරුණ පිරිසක් පෙරමුණ ගෙන ඇත.
වතුකරය තුල පවතින බබර ප්රහාරයන් හේතුවෙන් මෙම මාස දෙකක පමන කාලයක් තුලදි තිදෙනකු මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා රෝහල් ගත කරන ලදි.
මෙම බබර කුඩුවල සිටින බබරුන් විසින් සිදු කරන බබර ප්රහාරයන් හේතුවෙන් වතුකරයේ ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්වන අතර මෙම තත්වයන් පිලිබදව අවදානය යොමු කර ඇති මෙම තරුණ පිරිස මෙම බබරුන් පලවා හැරිමට පියවර ගෙන ඇත.
සලංකන්ද ග්රාම සංවර්ධන සමිතියේ සභාපති සිවනු ගනේෂන් මහතාගේ ප්රධානත්වයෙන් එක්ව සිටින මෙම තරුණ පිරිස රසායනික ද්රව්යක් මගින් සිදු කරනු ලබන දුම් ගැසිමකින් මෙම බබරුන් පලවා හැරිමට පියවර ගෙන ඇත.
මේ පිලිබද කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම තරුණයකු පවසන ලද්දේ මෙම දුම් ඇල්ලිම තුලින් එහි පවතින ගදට බබරුන් නැවත එම පලාතට නොඑන බවත් ඇන්පිල්ඩ් වතුයායේ පැවති බබර කුඩු 70වක බබරුන් අද දිනයේ පලවා හැරිමට පියවර ගත් බවත්ය.
මෙම ක්රමය සාර්ථක වුවහෝත් වතු කරය තුල පවතින බබර කුඩු රාශියක බබරුන් පලවා හැරිමට පියවර ගන්නා බවද ඔහු පවසන ලදි.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්