දශකයක තරම් ඈතක මැංගුස්වලට තිබුණු තැන දැන් නැතැයි මැංගුස් වෙළෙන්දෝ මැසිවිලි නගති..කළුතර පාලම් දෙක සහ ඵෙතිහාසික බෝධි පරිශ්‍රය ආශ්‍රිතව ගාලු පාර දෙපස වෙළඳාම් කළ මැංගුස් වෙළෙඳුන් අද අසරණයැයි ඔවුන් කියති.
අධිවෙිගි පාර හැදුනට පස්සෙ අපේ බිස්නස් එක නැත්තට නැති වුණා. වාහණ වලින් යන අයට විකිණු මැංගුස් වෙළඳාම ඉවර වුනා .වෙළඳාම නැතිවුනා වගේම කළුතරින් මැංගුස් නැතිවෙලා යන තැනට ඇවිල්ලා.
කළුතර දිස්ත්‍රික්කයේ මැංගුස් වානිජ වගාවක් වශයෙන් විශාල ලෙස කරන්නෙ නෑ.කලකට ඉහත සෑම ගමකම හැම ගෙවත්තකම මැංගුස් ගස් හතර පහක් තිබුණා. දැන් ඉඩම් කැබලි වෙලා ගෙවතුවල මැංගුස් වගා කරන්නෙ නෑ.
අනෙත් කාරණය මෙි වන විට කළුතර දිස්තුික්කයේ ගමිබද මැංගුස් ඵලදාවෙන් වැඩිම ප්‍රමාණය වන සතුන් අයිති කරගන යැයි බෙල්ලන ප්‍රදේශයේ මැංගුස් ගස් හිමිකරුවෙකු වු සරත් සමර සේකර කීවෙිය. මැංගුස් ගෙඩියක් ඉල්ලන්නෙ රුපියල් දෙක තුනට මොකද දැං මැංගුස් වලට වඩා කළුතර මිනිස්සුත් දුරියන් වලට අැබිබැහිවෙලා යයි සමරසේකර මහතා කීවෙිය.
මැංගුස් වගාව සඳහා විශාල ඉඩ ප්‍රමාණයක් යන නිසා එයට පිළියමක් ලෙස බද්ධ මැංගුස් හඳුන්වාදීමට කෘෂිකර්ම දෙපාර්තමෙින්තුව පියවර ගෙන තිබෙි.