වධහිංසාවට ලක් නොවී සිටීමට ඇති අයිතිය යනු කිසිම ආකාරයකින් උල්ලංඝනය කල නොහැකි අනුල්ලංඝනීය අයිතියකි. එසේත් නැතිනම් එය ජීවත් වීමට ඇති අයිතියේම තවත් ප්රකාශනයකි. ජීවත්වීමට ඇති අයිතිය 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයට ඇතුළත් කර නොමැත. නමුත් 11 වන ව්‍යවස්ථාවේ වධහිංසාවට ළක් නොවී සිටීමට ඇති අයිතිය, 13 (4) වන ව්‍යවස්ථාවේ කියවෙන නීතියෙන් නියම කරනු ලැබූ කාර්යපටිපාටියට මිස කිසිම තැනැත්තකුට මරණයට ළක් නොවී සිටීමට ඇති අයිතිය මගින් සහ 12 ව්‍යවස්ථාවෙන් කියවෙන සර්වසාධාරණත්වයේ අයිතිවාසිකම මගින් ජීවත්වීමට ඇති අයිතිය ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු මගින් තහවුරු කර තිබෙන්නේය.
01. වධහිංසාව කියන්නේ මොකක්ද?
1994 වධ දීම හා අනෙකුත් කෲර අමානුෂික හෝ අවමන් සහගත සැලකීම හෝ දඩුවම් වලට එරෙහි වූ සම්මුති පනත යටතේ වධහිංසාව යනු කුමක්ද යන්න පැහැදිලි කර තිබේ.
පනතේ අර්ථ නිරූපණය අනුව, ‘වධදීම’ යන්නෙන්,
■ වෙනත් අයෙකුට දැඩි ශාරීරික හෝ මානසික වේදනා ගෙන දෙන්නා වූ ක්‍රියාවක් ද,
■ යම් පුද්ගලයෙකුගෙන් යම් තොරතුරක් හෝ පාපොච්චාරණයක් ලබා ගැනීම සඳහා හෝ,
■ යම් පුද්ගලයෙකු කරන ලද හෝ එසේ සැක කරන ක්‍රියාවකට දඬුවම් කිරීම සඳහා හෝ,
■ එවැනි පුද්ගලයෙකුව බිය ගැන්වීම, ඔහුට බල කිරීම සඳහා හෝ,
■ වෙනස්කම් කිරීම මත පදනම් වූ වෙනත් හේතුවක් නිසා,
■ රජයේ නිලධාරියෙකු හෝ නිල තත්ත්වයෙන් කටයුතු කරන වෙනත් අයෙකු විසින් හෝ,
■ එම නිලධාරියාගේ හෝ වෙනත් අයෙකුගේ මුල් වීම මත හෝ, කැමැත්ත ඇතිව හෝ,
■ එම නිලධාරියාගේ හෝ වෙනත් අයෙකුගේ විරුද්ධ නොවීම මත කරන්නා වූ යම් ක්‍රියාවක්
අදහස් වේ.
02. වධහිංසාවට ලක්වෙන්නේ මොන වගේ අයද?
වැඩි වශයෙන් වධහිංසාවට ලක් වන්නන් වශයෙන් හඳුනාගෙන සිටින්නේ පහත දැක්වෙන අයයි.
■ පොලිස් සැකකරුවන්
■ බන්ධනාගාර රැඳවියන්
■ අත්අඩංගුවට පත්වූවන්
■ පරිවාසගතව සිටින්නන්
■ ලිංගික ශ්‍රමිකයන්
■ අඩු ආදායම් ලාභින්
■ සුළු ජාතික සහ ආගමික කණ්ඩායම්
■ වෙනස් ලිංගික වරණයක් සහිත කණ්ඩායම්
■ ආබාධිත පුද්ගලයන්
■ කාන්තාවන්
■ සංක්‍රමණික සේවකයින්
■ සරණාගතයින්
■ අවතැන්වූවන්
03. වධහිංසාවන්ට එරෙහිව පවතින ජාත්‍යන්තර නීතින් මොනවාද?
■ මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්රකාශනය
5 වන වගන්තිය – කිසිම පුද්ගලයෙකු වධහිංසාවට හෝ කෲර අමානුෂික පහත් සැලකිල්ලකට හෝ දඩුවමකට හෝ භාජනය නොකළ යුතුය.
■ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර සම්මුතිය
7 වන වගන්තිය – කිසිම පුද්ගලයෙකු වධහිංසාවකට හෝ කෲර අමානුෂික පහත් සැලකීමකට හෝ දඬුවමකට හෝ ළක් නොකළ යුතුය. විශේෂයෙන්ම කිසිවෙකු ඔහුගේ ස්වාධීන අනුමැතිය නොමැතිව වෛද්‍ය හෝ විද්‍යානුකූල අත්හදාබැලීම් වලට භාජනය නොකළ යුතුය.
■ වධහිංසාවලට සහ වෙනත් කෲර අමානුෂික හෝ අවමන් සහගත සැලකිලිවලට හෝ දඩුවම්වලට එරෙහි වූ සම්මුතිය