ලබන මාසයේ සිට පස්වරු 4.00 න් පසුවද අක්ෂි කාච දැමීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
මෙම රජයෙන් අක්ෂි කාච නොමිලේ ලබා දුන් බවත් මෙම වැඩසටහන තවත් පුලුල් කරමින් ලබන මස සිට පස්වරුවේ අක්ෂි කාච දැමීමේ වැඩපිලිවෙල පටන් ගන්නා බවද ඒහිදි එම සේවා සපයන වෛද්‍යවරුන් හා රෝහල් කාර්ය මණ්ඩලයට ගෙවීමක් කරන බවද අමාත්‍යවරයා පවසයි.
දැනට වෛද්‍යවරු 20 දෙනෙක් මෙයට කැමැත්ත පළ කර ඇති බවත් දැනට සිදු කරන ලක්ෂයක් පමණ වන අක්ෂි සැත්කම් ප්‍රමාණය ඒවිට දෙලක්ෂය ඉක්මවා යා හැකි බවද ඔහු පවසයි.. අද පෙණහැල්ල හැර සියළු බද්ධ කිරීම් කටයුතු සිදු කෙරෙන බවත් පෙනහළු බද්ධ කිරීමත් මාසයක් යන්න පෙර ආරම්භ කරන බවද අමාත්‍යවරයා සඳහන් කරයි. ඒමෙන්ම ඖෂධ මිල අඩු කිරීම නිසා මහජනතාවට අවුරුද්දකට ඇති ලාභය මිලියන 4400 ක් බවත් පිළිකා ඖෂධ මිල අඩු කිරීමෙන් ආණ්ඩුවට රුපියල් මිලියන 1750 ක ලාභයක් හිමිව ඇති බවත් ඔහු පවසයි .
මේ මාසය අවසන්වීමට පෙර තවත් ඖෂධ වර්ග 30 කට වැඩි ප්‍රමාණයක මිල අඩු කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මාතලේ දිස්ත්‍රික්කයේ පැවැති උත්සවයක දී අමාත්‍යවරයා මෙසේ පවසා ඇත.
ශානිකා මාධවී