මුලතිව් ගුරුකන්ද රජමහා විහාරාධිපතිගේ අදාහන කටයුත්ත මුලතිව් මහේස්ත්‍රාත් අධීකරණයෙන් දුන් නියෝගය නොතකා සිදු කිරීම මගින් අධීකරණයට අපහාසයක් සිදු කරනු ලැබුවේ යැයි පවසමින් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රිනී ශාන්ති ශ්‍රී ස්නන්ධරාජා මහත්මිය ඉදිරිපත් කල පෙත්සම සලකා බැලූ අභියාචනාධිකරණය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු තිදෙනෙකුට නොවැම්බර් මස 8 වන දින අභියාචනාධීකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන්නැයි අද දින නියෝග කරන ලදී.
නොතීසි නිකුත් කල අනෙක් දෙදෙනා වන්නේ මුලතිව් ප්‍රදේශ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ මුලතිව් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාය.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ විනිසුරු අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් හමුවේ මෙම පෙත්සම කැඳවිණි.