බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලට ඉදිරි පැය 12 තුළ මිලිමීටර 100ක පමණ තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අද උදෑසන 8 න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ලැබී ඇත්තේ කෑගල්ල, දෙහිඕවිට ප්‍රදේශයට මිලිමීටර 219ක වර්ෂාපතනයක් ලැබී තිබේ.
මේ අතර ගාල්ල , කළුතර, රත්නපුර ට සහ ගම්පහ මිලිමීටර 100 කට වැඩි වර්ෂාපතනයක් ලැබී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.