covid infections today

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 19 දෙනෙකු කොරෝනා වෛරසය ආසාධිතයින් ලෙස හදුනාගෙන ඇති බවත් ඉන් සමාජයෙන් හමු වූ පුද්ගලයින් 04ක් සිටින බවත් පොලොන්නරුව දිස්ත්‍රික් ප්‍රාදේශිය සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්.කේ.ඩබ්.එස්.කුමාරවංශ මහතා පවසයි.

නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාළනයට ගෙන ඇති පියවර පිළිබදවඅප කළ විමසුමක දී ඒ මහතා මේ බව පැවසීය.එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ ප්‍රාදේශීය සෞඛ්‍යසේවා අධ්‍යක්ෂවරයා පැවසුවේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 850 ක් පමණ මේ වන විට නිවෙස්තුළ ම නිරෝධායනය කර ඇති බවයි.

“මේ වන විට පොලොන්නරුව දිස්ත්‍රික්කයේ කොරෝනා ව්‍යාප්තිය පාළනයට පියවර ‍රැසක් අරගෙන තියෙනවා.නිවෙස් තුළ නිරෝධායනයට ලක් කර ඇති සංඛ්‍යාව 850ක් පමණ වෙනවා.ඒ නිරෝධායනය කළ හා හදුනාගත් ස්ථානවලින් අපි පී.සී.ආර්.පරික්ෂණ 346ක් සිදු කර වාර්තා ලැබී තිබෙනවා.දිස්ත්‍රික්කය තුළ පදිංචි පුද්ගලයින් 19 දෙනෙකුට කෝවිඩ් 19 වෛරසය ආසාධිතයි කියලා තහවුරු වී තිබෙනවා.ඉන් 4ක් ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ සාමාන්‍ය සමාජයෙන්.

එකම පවුලෙ 3ක් හා අසල් වැසි නිවසේ කුඩා දරුවෙකුට ආසාධනය වී ඇති බව පී.සී.ආර්.පරික්ෂ්ණවලින් තහවුරු වී තිබෙනවා.මේ අයගෙ විශේෂත්වය තමයි රෝග ලක්ෂණ පෙන්වන්නේ නැ.අනිත් 15 දෙනාම කන්දකාඩු පුනරුත්ථාපන කදවුරේ සේවය කළ අය.ඒ අය  කන්දාඩු කදවුරේ ‍රැදී සිටින්නේ.

වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ පුද්ගලයින් 238ක් නිරෝධායනය කර තිබෙනවා.ඔවුන්ගේත් පී.සී.ආර්.පරික්ෂණ වාර්තා නෙගටිව්.අද දිනයේත් තවත් පී.සී.ආර්.පරික්ෂණ වාර්තා ලැබෙන්න තිබෙනවා.දැනට පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ජන සමාජයෙන් කොරෝනා ආසාධිතයින් ලෙස මතුව තිබෙන්නේ ලංකාපුර 4 දෙනා පමණයි.

ඉදිරි දින කිහිපයේ අහඹු ලෙස ‍තෝරා ගත් ස්ථානවල පී,සී.ආර්.පරික්ෂණ සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා.”යැයි ද ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

ඊසා මුදියන්සේ – පොලොන්නරුව

Similar Posts