පැලවත්ත වතු සමාගමට අයත් පැලවත්ත, බඹරවාන, ගුලන වත්ත, වීරකන්ද, පහළ හෙවෙස්ස , සහ අක්කර පනහ වතු කම්කරුවන්ට ජිවත්වීමේ මූලික අවශ්‍යතා හෝ නැතැයි වතු කම්කරුවන් චෝදනා කරති.
කළුතර දිස්තුික්කයේ වළල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැඩිම වතු කම්කරුවන් පිරිසක් ජීවත්වන පැලවත්ත රාජ්‍ය වතු යායේ වතු කම්කරුවන් පරමිපරා ගණනක සිට වහළුන්සේ ජීවත්වනවා, යැයි කම්කරුවන් කියති.
1960 දශකය තරම් ඈත අතීතයක සිට වතු කම්කරුවන් සේ ජිවත්වන මොවුන්ට තවමත් පදිංචියට බිම් අඟලක අයිතියක් නැතැයි චෝදනා කරති.බහුතරයක් සිංහලයින් සමඟ දෙමළ හා මුස්ලිම් ජනතාව මෙසේ පීඩාවට පත්ව සිටිති.
වසර හැට – හැත්තෑවක්, පරම් පරා දෙක තුනක් වතු හාම්පුතුන්ට සේවය කළත් තවමත් ගරාවැටෙන පැල්පත් තුළ දිවි ගෙවන කොටසක් සිටිති. කිසිම කමිකරුවෙකුට ඉඩම් අයිතිය නැතිවා පමණක් නොව පර්චස් හයක – හතකට කොටුවූ තමන්ට අඩුම තරමෙි වැසිකිළි වළක් කපා ගැනිම පවා වතු පාලකයින් තහනම් කර ඇතැයි වතු කම්කරුවන් කියති.
පරම්පරා ගණනකට ඉහත තම දෙමාපියන් සිටවූ ගස් කොළන් තම ගෙපැළක වහළයට ගැනීමට කැපීම තහනම්ය. දිරා ගරා වැටෙන ගසක් හෝ කපා දැමිම තහනම්ය.
පසුගිය ආණ්ඩු සමයේ වැවිළි කර්මාන්ත අැමති වරයා අගලවත්ත ආසනයෙන් පත් වුවත් වතු කම්කරුවන්ගේ මුලික අවශ්‍යතා වලට හෝ විසදුමක් නොලැබුණැයි කම්කරුවන් චෝදනා කරති.
පවුල් 700 ක පමණ 4000 කට අධික වතු කම්කරුවන්ගේ ජීවිත රැකදුන් වතු රෝහල වසා දමා ගොඩනැගිලිද කැලෑවටය.ලෙඩක් දුකක් හැදුනුවිට සැතපුමි තිහ – හතලිහ රෝහලක් සොයා යන විට රෝගියා නෙඑන ගමන් ගොස් හමාර යැයි පුදේශයේ ජනතාව කියති.
වලල්ලාවිට ප්‍රාදේශීය සභා මන්ත්‍රී රජිත සමිපත් මහතා .
——————————
මෙි ජනතාවට විශාල අසාධාරණයක් සිදුවෙනවා.ඔවුන් හිටවපු ගහක්, කොළක් වත් කපා ගන්න දෙන්නෙ නෑ. වැසිකිළියක් හදන්න අවසර නෑ.එකම පවුලෙ හත් – අට දෙනා පුංචි පැල්පත් නිවාස වලට කොටුවෙලා ඉන්නවා. මෙි පිළිබද පසුගිය කාලෙ අපි අදාල බලධාරින්ට නොයෙක් වර දැනුම් දුන්නත් වැඩක් වුනේ නැහැ.
එස්. කාංචනා මහත්මිය ( දරුවා සමග)
——————————
අපි හත් දෙනෙක් ඉන්නෙ මෙි ඉටිකොල වටකළ පැල්පතෙයි. අපට ගෙයක් හදාගන්න මෙතන අවසර ගන්න බැරිව දුක් වින්දා. වත්තෙ වැඩට යන්නඔිනා. ලෙඩක්දුකක් හැදුනොත් නෙළුවට, යටිටපාතට නැතිනම් මීගහතැන්න රෝහලට යන්න ඔිනා. ළග පාත තිබුණු රෝහල වැහිල ගියා.
අනුර වසන්ත සිල්වා මහතා
——————————
ඉතාම හොඳට තිබුණු වතු රෝහල වහල දැම්මා මගේ දරුවා පවා ඉපදුනෙ මෙි රෝහලේ ,ගිලන් රථයක් පවා තිබුණා.සියළු පහසුකම් සහිත රෝහල් දේපල ,ගොඩනැගිළි තවම විනාශවෙමින් තියෙනවා. වැසිකිළියකට වලක් කැපීම තහනම්. පදිංචි වෙලා ඉන්න කුඩා පැල්පතට කුස්සි මඩුවක් හදාගන්න තහනමි මෙික හරිම අසාධාරණයි.
කේ.රාමයියා මහතා.
——————————
අපි දුප්පත් මිනිස්සු වුණාට අපට ආණ්ඩුවෙන් දෙන දේවල් නැ.සහනාධාර නෑ.වගා කරන්න අරටයක් පැළයක්නෑ. දුන්නත් වගා කරන්න තහනම්. අපි මෙි රටෙි මිනිස්සු නෙමෙයි වගේ ජීවත් වෙනවා.
සෝමරත්න පොද්දෙණිය – මීගහතැන්න