Similar Posts
B.1.525 තවත් වෛරස ප්‍රභේදයක් හමුවේ
කොවිඩ් වෛරස විකෘතියක් වියහැකි තවත් වෛරස ප්‍රභේදයක් එක්සත් රාජධානියෙන් හඳුනාගත් බව එඩින්බ්රරෝ විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පවසයි. B.1.525 යනුවෙන් නම්කර ඇති එම වෛරස ප්‍රභේදය බොහෝ දුරට දකුණු අප්‍රිකානු වෛරස ප්‍රභේදයට සමානකම් දක්වන බව සඳහන් වේ. එම නව ප්‍රභේදය එන්නත්වල ඵලදායිත්වය අඩුකිරීමටත් හේතුවනු ඇති බව එක්සත් රාජධානියේ සෞඛ්‍ය බලධාරීන් පවසයි.
ධවල මන්දිරය අසල වෙඩි තැබීමක්
ඒක්සත් ජනපද ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප් ප්රවෘත්ති සාකච්ඡාවක් අතරතුර ධවල මන්දිරයෙන් සිටි පුද්ගලයෙකු සිදු කළ වෙඩි තැබිමක් හේතුවෙන් ඒක්සත් ජනපද රහස් සේවා නියෝජිතයින් විසින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ව ඒම ප්රවෘත්ති සාකච්ඡාවෙන් මිනිස්තු කිහිපයකට ඉවත් කෙරිණි. “ආක්‍රමණශීලීව” දිව ගිය පුද්ගලයෙකුට පොලිසිය මෙලෙස වෙඩි තබා ඇත. එක්සත් ජනපද රහස් සේවය පැවසුවේ සඳුදා ධවල මන්දිර පරිමිතියෙන් පිටත 17 වන…
බ්‍රිතාන්‍ය අගමැති දැඩි සත්කාරයට
කොරෝනා වෛරසය ආසාදනය වී සිටින 55 හැවිරිදි වියේ පසුවන බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව විදෙස් පුවත් සේවා පවසයි. අගමැතිවරයාගේ කොරොන වෛරස් රෝග ලක්ෂණ “නරක අතට හැරීම” හේතුවෙනි. බ්‍රිතාන්‍ය අගමැතිවරයාට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට පළමුවරට තහවුරු කර ගනු ලැබුවේ පසුගිය මාර්තු 27වැනිදාය.
යුක්රේන ජනපතිට ගෞරව සම්මානයක්
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට අභියෝගයක් වෙමින්, යුක්රේන වැසියන් සමඟ එක් වී, රුසියන් හමුදා සමඟ සටන් කරන යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීට චෙක් ජනරජයේ ඉහළම ගෞරව සම්මානය පිරිනැමීමට එරට ජනාධිපති මයිලෝස් සෙමාන් තීරණය කර තිබේ. යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී මෙම සම්මානය ලබා දීමට තීරණය කළේ ඔහුගේ ධෛර්යය සහ නිර්භීතභාවය වෙනුවෙන් බව ද චෙක් ජනාධිපතිවරයා කියයි.
මත්පැන් පෝලිම් නිසා කොරෝනා ආසාධිතයින් ඉහළ යන තමිල්නාඩුව
ඉන්දියාවේ කොරෝනා ආසාධිතයින් වැඩිම ප්‍රමාණයක් සිටින ප්‍රාන්ත අතරින් තමිල්නාඩු ප්‍රාන්තය 3 වන ස්ථානයට පැමිණ තිබෙනවා. ඊට හේතුව වූයේ මත්පැන් හල් අසල දිගු පෝලිම් පැවතීම බවයි ඉන්දීය බලධාරීන් සදහන් කළේ. එහි දැනට ආසාධිතයින් 7204 ක් වාර්තා වන අතර මරණ 47 ක් වාර්තා වනවා. මේ වන විට දිල්ලි නගරයට වඩා තමිල්නාඩුවේ ආසාධිතයින් වැඩි වී ඇති බව ඉන්දීම…