බස් රථයක් නොමැතිව, රාත්රියේ සිය නිවසට යා නොහැකිව අසරණව සිටි පුද්ගලයෙකුට පිහිට වූ තවත් පුද්ගලයෙකුට පොලීසියෙන් දඩ නියම වූ පුවතක් ගාල්ල, නෙළුව ප්රදේශයෙන් වාර්තා වනවා.
යතුරු පැදියකින් පැමිණ ඇති ඔහු නිවසට යාමට නොහැකිව මාර්ගයේ අසරණව සිටි පුද්ගලයාට ප්රවාහන පහසුකම් ලබාදී තිබුණා.
යතුරු පැදිකරු සතුව අතිරේක ආරක්ෂිත හිස්වැසුමක් නොමැති වුවද අසරණව සිටි පුද්ගලයා සිය යතුරු පැදියේ නංවාගෙන රැගෙන යාමට කටයුතු කර තිබුණේ ඔහුට පිහිටවීමේ අරමුණින්.
පොලිස් නිලධාරියෙකු විසින් පසුපැදිකරුට ආරක්ෂිත හිස්වැසුම් නොමැතිවීම හේතුවෙන් දඩ නියම කර තිබෙනවා. මෙය සිදුව ඇත්තේ කිලෝමීටර් 30 ක්වූ පැලවත්ත – නෙලූව මාර්ගයේදියි.
දඩ පත්රිකා සියයක් ලැබුණත් තමන් ඔවුන් වෙනුවෙන් පෙනී සිටින බවත් ඔහු සිය ෆේස්බුක් සටහන හරහා සදහන් කර තිබෙනවා.