මුල්ලේරියාව කැලණි නදී මාවත ප්‍රදේශයේ නිතී විරෝධී අනවසර  වැලි තොටුපල පවත්වාගෙන ගිය පාතාල සාමාජිකයෙක් වන රංගන නොහොත් සුනාමි නැමැත්තා අත්බෝම්බයක් හා  කඩුවක් සමග  අත්අඩංගුවට ගත් බව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය පැවසීය.

සංවිධානාත්මක අපරාධ කරුවෙකු මෙන්ම පාතාල කල්ලි නායකයෙකු වන ලසන්ත චමින්ද පෙරේරා නොහොත් අංගොඩ ලොක්කාට මෙම අත්  බෝම්බය හා කඩුව අයිති එකක් බවත් රංග නැමැති  පාතාල සාමාජිකයාට ගමන් බිමන් යාම සදහා අංගොඩ ලොක්කා විසින් ලබාදී  තිබූ  බව කියන ත්‍රීරෝද රථයක් ද පොලිස් භාරයට ගත් බවද පොලීසිය පැවසීය.
අංගොඩ ලොක්කා නිතී විරෝධී අයුරින් අත්පත් කරගෙන සිටින  මුල්ලේරියාව කැලණි නදී මාවත ප්‍රදේශයේ වැලි තොටුපලක් පවත්වාගෙන යමින්  අඹතලේ හන්දිය ආසන්න ප්‍රධාන මාර්ගයේ වගුරු බිමක් ද ඔහුගේ ගෝල බාලයන් ගොඩ කරන බවට බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන් 40248 නිලධාරීයාට ලද රහසිගත තොරතුරක් අනුව වැටලීම සිදු කළ බව බස්නාහිර දකුණ දිසාව අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති වරයා පැවසීය.
අංගොඩ ලොක්කාගේ ගෝල බාලයන් වන ෂොල්ටා හා රංගන හෙවත් සුනාමි නැමැති සාමාජිකයන් යොදවා මෙම වැලි ජාවාරම පවත්වාගෙන යමින්  වගුරු බිම ද ගොඩ කරගෙන ගොස් ඇති බව  පොලිස් විමර්ශන වලදී අනාවරණයවී ඇති බවත් අංගොඩ ලොක්කාගේ ගෝල බාලයන්ගේ පාතාල ක්‍රියාකාරම් හමුවේ එම ප්‍රදේශයේ කිසිදු පුද්ගලයෙක් මෙම ක්‍රියාවන් වලට එරෙහිව කතා නොකරන බවත් පොලිස් නිලධාරීයෙකු පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරු විසින් කේරල ගංජා ජාවාරම ද ත්‍රීරෝද රථය යොදා ගෙන සිදු කර ඇති බව වැඩිදුර විමර්ශන වලදී හෙලි වූ බව පොලිස් නිලධාරීයා වැඩිදුරටත් පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරු කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

බස්නාහිර පළාත භාර  ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත  බස්නාහිර දකුණ පළාත භාර නියෝජ්‍ය පොලිස්පති කපිල කඩුපිටිය ,බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක පොලිස් අධිකාරී ලලිත් අබේසේකර ,ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා ,පොලිස් පරීක්ෂක වරුන් වන හේමන්ත කුමාර , අත්තනායක ,උප පොලිස් පරීක්ෂක බණ්ඩාර ,සැරයන් වරුන් වන 40248 ප්‍රසන්න ,56951 සුනිල්,56958 ප්‍රසන්න ,21284 බණ්ඩාර පොලිස් කොස්තාපල් වරුන් වන 81600 සමීර,72338 ලලන්ත,77688 අමිල,72979 චමින්ද ,84762 කුමාර ,18818 තිලකසිරි මහත්වරු පරීක්ෂණ පවත්වයි.
සමීර අබේසිංහ – බොරලැස්ගමුව

Similar Posts