china covid news

09 වැනි පාර්ලිමේන්තුව සදහා මන්ත‍්‍රීවරුන් තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම අද (05) පෙරවරු 07ට ආරම්භ වුනා. ඒ ඡන්ද මධ්‍යස්ථාන 12,985කදීයි.

ඡන්දය භාවිත කිරීම සදහා මෙවර සුදුසුකම් ලබා සිටින ඡන්ද දායකයින් සංඛ්‍යාව එක්කෝටි හැට දෙලක්ෂ 63,885 ක්.

මැතිවරණ දිස්ත‍්‍රික්ක 22ක් සදහා දේශපාලන පක්ෂ 20ක් සහ ස්වාධීන කණ්ඩායම් 34 ක් නියෝජනය කරමින් අපේක්ෂකයින් 7452 දෙදෙනෙකු මෙවර මහ මැතිවරණයට තරග කරනවා.

මෙවර මහ මැතිවරණයේදී මැතිවරණ කොට්ඨාස 160ක් වෙනුවෙන් මන්ත‍්‍රීවරුන් 196 ක් තෝරා පත් කර ගැනීමට නියමිතයි.

සෙසු මන්ත‍්‍රීවරුන් 29 දෙනා ජාතික ලැයිස්තුවෙන් තෝරා පත්කර ගැනෙනවා.

මෙවර ඡන්දය භාවිත කිරීම සදහා වැඩිම ඡන්ද දායකයින් පිරිසක් සුදුසුකම් ලබා සිටින්නේ ගම්පහ දිස්ත‍්‍රික්කයෙන්. එම ඡන්ද දායකයින් සංඛ්‍යාව දාහත් ලක්ෂ 85,964ක්.

Similar Posts