දිවයිනේ ප්‍රධානතම රෝහල් අතරින් තෙවන රෝහල වන අනුරාධපුර ශික්ෂන රෝහලේ ප්‍රතිකාර සදහා පැමිණ ඖෂධ ලබාගැනිමේ අපේක්ෂාවෙන් සිටින රෝගින්ට අසුන්ගැනීමට පුටුවක්වත් නොමැති බව එම රෝහලේ කාර්ය මණ්ඩලය අනාවරණය කල අතර අද (12දා) අසරණ රෝගින් 168 දෙනෙකු සිය ඖෂධ ලැබෙන තුරු සිටගෙන පොලිමේ සිටින අයුරු නිරික්ෂනය කර ගැනීමට හැකිවිය.

අනුරාධපුර ශික්ෂන රෝහලේ ජෛයිකා ගොඩනැගිල්ල අද (12දා) දහවල් වනවිට දැඩි තදබධයක් පැවති අතර කොරෝනා රෝගය නිසා මීටරයේ පරතරයක් තබාගන්න ලෙස සෞඛ්‍ය අංශ උපදෙස් ලබාදි තිබුණත් එම දිගු පොලිමේ සෙන්ටිමිටරයකවත් පරතරයක් තිබෙන අයුරක් දක්නට නොලැබුණි.

රෝහලේ සේවයේ නියුතු ජේෂ්ඨ නිලධාරියෙකු විසින් රෝගින් දිනපතා මුහුණදෙන පීඩාව පිළිබදව මාධ්‍යට පෙන්වාදුන් අතර ඔහු කියා සිටියේ රෝහගේ ගොඩනැගිලි ඉදිවුවාට රෝගින්ට අවශ්‍ය මූලික පහසුකම්වත් නොමැති නම් රෝහලට ප්‍රතිකාර සදහා පැමිණෙන රෝගින්ට පීඩාවිදිමට සිදුවන බවයි.

බදාදා දිනයේ රෝහලේ සායන රැසක් පැවත්වෙනවා ඒ රෝගින් බෙහෙත් ගන්න ඇවිල්ලා තමයි මේ පීඩාව විදින්නේ.මම ඇහුවා රෝගින්ගෙන් කොච්චර වෙලාවක් පොලිමේ හිටියද කියලා පැයකට අධික කාලයක් හිටියා කිවුවා.

මේ ස්ථානයට එන්නේ අසරණ විවිධ රෝගා බාධයන්ට ලක්වු රෝගින්.ඔවුන් විදින අපහසුතාවය දැක්කාම අපිට දරාගන්න බෑ.මහළු වියේ පසුවන අම්ම කෙනෙකුට තාත්තා කෙනෙකුට පැයක් හිටගෙන ඉන්නවා කියන්නේ කොයිතරම් අපහසුවක්ද?

සායනයෙන් මේ දුකම විදලා තමයි මෙතන්ට එන්නේ.කොරෝනා කියලා මීටරයක් දුර තියාගන්න කියනවා.නමුත් මෙතන තියන තදබදය පේනවා නේද?බලධාරියෝ වායු සමීකරණවලට වෙලා ඉන්නවා.විසදන්න ඕන ගැටළු හැමදාම එකතැන පල්වෙනවා යනුවෙන් එම නිලධාරියා පැවසුවේය.

ඖෂධ ලබාගැනිමට පැමිණ සිටි වයස්ගත රෝගියෙකු මෙසේ පැවසුවේය.මහත්තයා මම උදේ පාන්දර පහට විතර රෝහලට ආවේ.දැන් වෙලාව 1.30ත් පහුවෙලා.මේ බලන්න මගේ කකුල දිහා හිටගෙනම ඉදලා කොට්ට ගෙඩියක් වගේ.අපිට වාඩිවෙන්න පුටුටිකක් තියලා තිබ්බ නම් මේතරම් අපි අපහසුතාවයට පත්වෙන්නෙ නෑ.හිටගෙනම ඉදලා ක්ලාන්තය වගේ.බොහෙත් ගත්තට පස්සේ ගෙදර යනකොට බස් එකේ යන්න වෙන්නෙත් හිටගෙන යනුවෙන් ඔහු පැවසුවේය.

ඖෂධ නිකුත්කිරිමේ දුර්වලතාවක් නිසා දිගු පෝලිම් ඇතිවි ඇත්ද යන්න පිළිබදව අනුරාධපුර ශික්ෂන රෝහලේ ප්‍රධාන ඖෂධවේදි අජිත් පී තිලකරත්න මහතාගෙන් දුරකථනයෙන් කල විමසීමකදි ඒ මහතා මෙසේ පැවසුවේය.බදාදා දිනයේ මේවගේ ගැටළුවක් ඇති වෙනවා.

කොරෝනා ප්‍රශ්නය නිසා බංකුවක ඉන්දවන්නේ රෝගින් දෙන්නයි.මේ අවස්ථාව වෙනකොට ඖෂධවේදින් 14ක් කළුවු 14ක රාජකාරියේ නිරත වනවා.මේක අපේ ගැටළුවක් නෙමෙයි.පුටු දාන්න මේ ගොඩනැගිල්ලේ ඉඩ නෑ.ඒ නිසා බදාදා දිනයේ මේ අපහසුතාව මතුවෙනවා යනුවෙන් ඒ මහතා පැවසුවේය.

මහේෂ් විජේසුරිය – අනුරාධපුර

Similar Posts