රුපියල් කෝටි දෙකකට ආසන්න  වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු සුපිරි වර්ගයේ  මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි අඹු සැමි යුවලක් පිලියන්දල ,පැලැන්වත්ත ප්‍රදේශයේදී  වන දින  අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් පාසල් ආශ්‍රිත මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය පැවසීය.

                  සැකකාර අඹුසැමි යුවළ   වයස අවුරුදු 21,.හා 23 අතර වයස් කාණ්ඩයේ පසුවන්නන් බවත්   මෙම යුවළ සන්තකයේ තිබි මත්කුඩු කිලෝ එකකට වැඩි ප්‍රමාණයක් සහ ඔවුන් ගමන් ගත් මෝටර් රථය, ලක්ෂ දෙකකට ආසන්න මුදල් , ජංගම දුරකථන දෙකක්, පෞද්ගලික බැංකු කිහිපයක ඒටීඑම් කා පත් පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බවත් පොලිසියේ පැවසීය
මත්කුඩු තොගයේ වටිනාකම රුපියල් එක්කෝටි අසුලක්ෂයකට ආසන්න බවත් පන්නිපිටිය  පැලැන්වත්ත ප්‍රදේශයේ  සිට කොළොන්නාව ප්‍රදේශයේ ස්ථානයකට මෙම මත්කුඩු ප්‍රවාහන කරමින් සිටි බවත් ලද තොරතුරක් මත  කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත බස්නාහිර පළාත් පාසල් ආශ්‍රිත මත්ද්‍රව්‍ය වැටලීමේ ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.පී. කස්තුරිආරච්චි මහතා ඇතුළුව නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම යුවල සහ වාහනය පරීක්ෂා කිරිමෙදී සැකකාර යුවළ අත්අඩංගුවට ගැනීමට  හැකි වූ බව පොලීසිය පැවසීය.

 අත්අඩංගුවට පත්වු කාන්තාවගේ පන්නිපිටිය, පැලන්වත්ත, මිහිඳුපුර පදිංචි  නිවසේ සිට මෙම මත්ද්‍රව්‍ය ජාවාරම  කලක සිට කරගෙන ගොස් ඇති බව සිදුකළ මූලික විමර්ශන අනාවරණය වූ බව පොලිස් නිළධාරියෙකු පැවසීය.
                      අත්අඩංගුවට පත්වූ පිරිමි පුද්ගලයා ගල්කිස්ස අබේසේකර පාර, අදියර 3 හී පදිංචි පුද්ගලයෙක් බවත් මෙම පුද්ගලයා මීට පෙර ගංජා ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූවෙකු බවත් පොලිස් නිලධාරීන් විසින් හඳුනා ගෙන ඇති බවත් පොලිසිය පැවසීය.
                                            සැකකාර යුවළ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
               බස්නාහිර  පළාත භාර  ජේෂ්ඨ නියෝජ්‍ය  පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරි ජගත්  නන්දන සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා යන මහත්වරු ගේ උපදෙස් පරිදි කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එරංග පනාන්දු මහතාගේ මෙහෙයවීම මත බස්නාහිර පළාත් පාසල් ආශ්‍රිත මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.පී කස්තුරිආරච්චි මහතා ඇතුළු පොලිස් නිලධාරින් විසින් වැඩි දුර පරීක්ෂණ පවත්වනු ලබයි.
සමීර අබේසිංහ – බොරලැස්ගමුව

Similar Posts