සැප්තැම්බර් 2 වැනි දිනට යෙදී ඇති ජාත්‍යන්තර පොල් දිනය නිමිත්තෙන් දිවයින් පුරා පොල් සංවර්ධන වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.
එදිනට පොල් වලා කිරීමේ මණ්ඩලයේ පොල් සංවර්ධන හා ව්‍යාප්ති සේවා ඇතුළත් කොට සැකසුණු “Coconut App“ එකක් එළිදැක්වීමට නියමිත බව රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා නිකුත් කළ නිවේදනයක දැක්වේ.
එමෙන්ම පොල් පර්යේෂණ ආයතනය මඟින් නිපදවන ලද වැඩි දියුණූ කරන ලද දෙමුහුන් පොල් ප්‍රභේදයක් හඳුන්වා දීම, පොල් පර්යේෂණ ආයතනය මඟින් නිපද වු රතු කුරුමිණි විකර්ෂකය හඳුන්වා දීම, ගුණාත්මක පොල් තෙල් හඳුනා ගැනීම සඳහා පොල් සංවර්ධන අධිකාරිය හඳුන්වා දෙන ලද ප්‍රමිති ලාංඡනය හඳුන්වා දීම ද එදිනට සිදුකිරීමට නියමිතය.