හැටන් ආශ්රිත ප්රදේශවලට පවතින වැසි හා මීදුම් තත්වයන් මත ප්රදේශයේ ජනතාව විවිධ අපහසුතාවයන්ට පත්ව ඇති අතර විවිධ රථ වාහන අනතුරු ඇතිවිමේ අවදානමක්ද හට ගෙන ඇත.
මෙම ප්රදේශයන්ට විටින් විට දැඩි වර්ෂාවක් පවතින අතර විටින් විට දැඩි මීදුම් තත්වයන්ද පවති.
මෙම වැසි හා මීදුම් තත්වයන් හේතුවෙන් මාර්ග ලිස්සන සුලු තත්වයන්ට පත් විමෙන් හා මාර්ගය නොපෙනි යන තත්වයන් හේතුවෙන් විවිධ රථ වාහන අනතුරු ඇතිවිමේ අවදානමක් පවතින බව හැටන් පොලිසියේ නිලධාරියකු පවසන ලදි.
එම තත්වයන් හේතුවෙන් මෙම ප්රදේශවල රථ වාහන ධාවනය කරවිමේදි ඉතාමත් කල්පනාකාරිව රථ වාහන ධාවනය කරවිමට සියලුම රියදුරන් පියවර ගත යුතු බවද එම නිලධාරියා පවසන ලදි.
පවතින වැසි හේතුවෙන් තමන් විවිධ අපහසුතාවයන්ට පත් වන බව ප්රදේශයේ බොහෝ පිරිස් පවසති.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්