ruwan

එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රුවන් විජයවර්ධන මහතා කෘත්‍යාධිකාරි මණ්ඩලයේ වැඩි ඡන්දයෙන් තේරී පත්විය.

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ  පැවති රහස් ඡන්ද විමසීමේදී රුවන් විජේවර්ධන මහතාට ඡන්ද 28ක්ද රවී කරුණානායක මහතා ඡන්ද 10ක්ද ලබා ගත් බව වාර්තා වේ.

දේශපාලන රාජවංශයක උපත ලැබූ රුවන් විජේවර්ධන රංජනී සේනානායක සහ රංජිත් විජේවර්ධනගේ බාල පුත්‍රයාය. ඔහුගේ මවගේ සීයා, ගරු ඩී. එස්. සේනානායක වන අතර ඔහුගේ පියාගේ සීයා ඩී. ආර්. විජේවර්ධනයි.

එජාපයේ වත්මන් නායක රනිල්ගේ මවගේ පියා හෙවත් රනිල්ගේ සීයා වන්නේද ඩීආර් විජේවර්ධනයි.
ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපති ජේ.ආර්.ට නෑකමින් රුවන් විජේවර්ධන බෑනාවේ.

 

Similar Posts