කොරෝනා වෛරසය යළි හිස එසවීමේ අවදානම හේතුවෙන් දෙවන වරටත් රට පුරා නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට ඊශ්‍රායලය තීරණය කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
යුදෙව් නව වසර ආවරණය වන පරිදි මෙම නිරෝධායන සීමා පැණවීමට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු නියෝග කර ඇතැයි සදහන්වේ.
ඒ අනුව සති තුනක කාලයක් රට වසා දැමීමට තීරණය කර තිබේ.