පොලොන්නරුව දිස්ත්‍රික්කයට බලපා ඇති දැඩි වියලි කාළගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ හතෙහි ම ග්‍රාමසේවා වසම් 53ක පවුල් 11676කට අයත් පුද්ගලයින් 38 697ක් පානීය ජල අර්බුදයකට හා අනෙකුත් අවශ්‍යතා සදහා ජලය නොමැතිව පීඩාවට පත්ව සිටින බව පොලොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
එහි සහකාර අධ්යක්ෂ උපුල් නානායක්කාර මහතා පැවසුවේ මෙහි වැඩිම පීඩාව එල්ල වී ඇත්තේ දිඹුලාගල හා වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවලට බවයි.වැඩි දුරටත් අදහස් දැක්වූ ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්යක්ෂ උපුල් නානායක්කාර මහතා මෙසේ ද කීය.
“මේ වනවිට පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 7 ටම දැඩි වියලි කාලගුණික තත්ත්වය බලපා තිබෙනවා.විශේෂයෙන් ම දිඹුලාගල හා වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල ග්‍රාමසේවා වසම් 30ක් පානීය ජල ගැටලුවට මුහුණ පාලා තියෙනවා.
දිඹුලාගල ග්‍රාමසේවා වසම් 16ක පවුල් 3120කට අයත් 10392ක් පීඩාවට පත් වෙලා ඉන්නවා.
වැලිකන්දෙත් ප්වුල් 5281කට අයත් පුද්ගලයින් 16430ක් පීඩාවට පත් වෙලා තියෙනවා.සමස්තයක් ගත්තාම පොලොන්නරුව දිස්ත්රික්කයේම් මේ සංඛ්‍යව පවුල් 11676ක පුද්ගලයින් 38697ක් වෙනවා.පාසල් 19ක සිසුන් 375ක් පානීය ජලය නොමැතිව පීඩාවට පත් වෙලා තියෙනවා.පොලොන්නරුව මහ දිසාපති ඩබ්.ඒ.ධර්මසිරි මහතා ගේ උපදෙස් පරිදි ප්‍රාදේශීය ලේකම්වරුන් මාර්ගයෙන් පානීය ජල බවුසර් බෙදාහැරීම සිදු කරනවා.
දැනට ජල බවුසර් 22ක් යොදාගෙන දවසකට පානීය ජලය ලීටර් 332 000ක් බෙදා හැරීම සිදු කරනවා.ඉදිරියේ දී තව දුරටත් මේ විදිහටම කාලගුණය පැවතුනොත් පීඩාවට පත් වන ජනතාවගේ ගණන සීග්‍රයෙන් ඉහළ යනවා.ඒ තත්ත්වයන්ට සූදානමෙන් අපි බෙදාහරින ජල බවුසර් ප්‍රමාණය වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා.” යැයි ද ඒ මහතා වැඩි දුරටත් පැවසීය.
ඊෂා මුදියන්සේ- පොලොන්නරුව