වැලිකන්ද සුසිරිගම වැව් ඉස්මත්තේ වෙඩි වැදී තුවාල ලබා දින 15ක් පමණ දැඩි වේදනාවෙන් පසු වූ වන අලියෙකු  මියගොස් ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

මෙම අලියා වැලිකන්ද බෝ අත්ත ප්‍රදේශයේ සිට මීට දින 15 කට පමණ පෙර සුසිරිගම වැව් ඉහත්තාවට පැමිණ වේදනාවෙන් සිටිනු දැක ගැමියන් විසින් කිහිපවතාවක් ම වනජීවී නිලධාරින් ට දැනුම් දී ඇත.

“මේ අලියා තුවාල වෙලා ආව දවසේ ඉදලා අපි හැමදාම වනජීවී මහත්වරුන්ට දැනුම් දෙනවා.නමුත් ඒ අයට එන්න වාහන නෑ.එන්න විදිහක් නෑ.පිරිසක් නෑ.දවස් තුනක් විතර ආවා.

ඇවිත් තුවාලවලට බෙහෙත් දාලා බෙහෙත් විදලා ගියා.ඒත්  අලියා මැරුණා.මේ සුසිරිගමදී මැරුණු දෙවෙනි අලියා.අපට දුකයි මේ සද්ධන්තයෙක් මැරිලා ඉන්නවා දකින්න අපි පුලුවන් තරම් උතාහ කළා වනජීවී මහත්වරු ගෙනල්ලා ප්‍රතිකාර කරවන්න.

කෑම ගිහින් දුන්න.වතුර දුන්නා.”යැයි ගම්මු කියති.මේ පිළිබදව වනජීවී දෙපාර්තමේන්තුවේ පොලොන්නරුව කලාපයෙ විමසීමක් කළ විට එහි ප්‍රකාෂකයෙකු පැවසුවේ මෙම සතා අඩි 9ක් පමණ උස පිරිමි සතෙකු බවත් අලියාට බදින තුවක්කුවකින් එල්ල වූ වෙඩි පහරවල් කිහිපයක් ම තිබෙන බවත් අවස්ථා ගණනාවක දී ප්‍රතිකාර ලබා දුන්නද බේරා ගැනීමට නොහැකි වූ බවත් ය.මියගිය අලියා වයස අවුරුදු 20ක් පමණ වන සතෙකි.පින්තූරවල දැක්වෙන්නේ මියගිය අලියායි.

ඊෂා මුදියන්සේ – පොලොන්නරුව

Similar Posts