මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් ආයතනයේ කීප දෙනකුට ඉකුත් සැප්තැම්බර් මස 20 වැනිදා සිටම උණත් සමග ශ්වසන ආබාධ තත්ත්වයන් පැවැති බවට අනාවරණය වී ඇත.

එමෙන්ම එම ආයතනයේදී වයිරසය ආසාදනය වූ පළමු කාන්තාව ගම්පහ රෝහලේදී හඳුනාගත් කාන්තාව නොවන බවද වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර කියයි.

බස්නාහිර පළාතෙන් පිටතට ගොස් සිටි බ්‍රැන්ඩික්ස් සේවකයන් 495න් අඩක් පමණ ස්ථිර ලිපිනයන්වල නොසිටි බවත්, කොළඹ සෙසු ප්‍රදේශවල ඔවුන් සැඟවී ඇති බවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා  පැවසීය.

නිරෝධායනය කිරීමට අවශ්‍ය එහෙත් දැනට ලිපිනයන් වෙනස් කර සැඟවී සිටින බ්‍රැන්ඩික්ස් සේවකයන් වහාම ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත්වී නි​රෝධායනයට යොමුවන ලෙස හමුදාපතිවරයා ඉල්ලා සිටී.

ආයතනයට විදේශ ජාතිකයින් පැමිණි බවට සාක්ෂියක් තවම හමුවී නැහැ. කොහෙන්ද මේ රෝගය ආවේ කියලා මූලාශ්‍රය හොයා ගන්න පුළුවන් නම් හොඳයි. එසේ නොවුණත් අපිට රෝගය පාලනය කිරීමේ හැකියාව පවතිනවා.

 

Similar Posts