කොවිඩ් 19 වෛරසය අසාධනය වු රෝගින් විශාල පිරිසක් මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා විමත් සමග සෞඛ්‍යය අංශ සහ ආරක්ෂක අංශ විසින් ලබාදෙන උපදෙස් පිලිපදින ලෙස බගවන්තලාව පොලිසිය විසින් වතුකරයේ ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහනක් (07) දින බගවන්තලාව නගරයෙන් ආරම්භ කෙරිණ.

බගවන්තලාව පොලිසිය සහ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් එක් ව ශබ්ද විකාශන යන්ත්‍ර උපයෝගි කර ගනිමින් මෙම දැනුවත් කිරිමේ වරඩසටහන දියත් කර තිබු අතර , බගවන්තලාව නගරයෙන් ගමන් ආරම්භ කරන සියළුම බස් රථ වල රියදුරන් සහ කොන්දොස්තරවරුන්ට ආසන ගණනට මගින් ප්‍රවාහනය කරන ලෙසත් , මුඛ ආවරණ  නොපැලද බස් රථ වලට පැමිණෙන මගින් මුඛ ආවරණ පැදල පැමිණෙන ලෙසට උපදෙස් ලබාදෙන ලෙසටද පොලිසිය විසින් දැනුවත් කරනු ලැබුහ.

 

Similar Posts