සාමාන්‍ය පරිසර තත්ත්වය යටතේ කොරෝනා වෛරසයට දින 28ක පමණ ආයු කාලයක් පවත්නා බව නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා.
මුදල් නෝට්ටු , ජංගම දුරකතන මුහුණත් හි හා සුදු යකඩ මත වෛරසයට නොනැසී දින 28ක් පමණ රැඳී සිටිය හැකි බවයි එම පර්යේෂණයෙන් අනාවරණය වී තිබෙන්නේ.
පෙර නිගමනය කළ ආයු කාලයන්ට වඩා බොහෝ වැඩි ආයුකාලයක් මේ අනුව වෛරසයට නොනැසී පැවතිය හැකි බව ඕස්ට්‍රේලියා ජාතික විද්‍යා ආයතනය නිවේදනය කරනවා.