ගෝටාභය රාජපක්ෂ මහතාගේ ගම් මට්ටමේ ප්රචාරක රැළියක් අමතමින් ජනාධීපති නීතිඥ අලි සබ්රි මහතා සිදු කරන ලද ප්‍රකාශයක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ පැතිර යමින් තිබේ.
එහිදී රැස්ව සිටින මුස්ලිම් ජනයාට පවසන්නේ ගෝටාභය රාජපක්ෂ මහතා සිංහල ජනයාගේ ඡන්දයෙන් ජයග්රහණයෙන් කරන බවත් එහි කොටස්කරුවන් බවට මුස්ලිම් ජනයා පත් නොවුනහොත් ඔවුන්ට අම්බානකට කන්න වෙන බවයි.
එතුමා මේ ව්‍යංගයෙන් කරන්නේ මුස්ලිම් ජනතාවට තර්ජනයක් බවත්ම, මුස්ලිම් ජනයාට නිදහසේ සිටීමට නම් රාජපක්ෂලාගේ දේශපාලන ව්‍යාපාරයට සහය දැක්විය යුතු බවත් එසේ නොවී වෙනත් විරුද්ධ දේශපාලන අදහසක් දැරීම ජනවර්ගයක් ලෙස ඔවුන්ගේ විනාශයට හේතු වන බවත් මේ ප්‍රකාශයෙන් ගම්‍ය වන බව දේශපාලන විචාරකයන්ගේ අදහසයි.