දිඹුලාගල මගුල්දමන සිවිල් ආරක්ෂක බලකා ගොවිපලේ වගාවන් රැක බලාගෙන සිටි සිවිල් ආරක්ෂක භටයෙකු පෙරේදා(10) රාත්රියේ වන අලි පහරදීමකින් මියගොස් ඇතැයි අරලගංවිල පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ වැලිකන්ද ,අසේලපුර,මහින්දාගම,අංක 52 ලිපිනයේ පදිංචිව සිටි මංජුල ප්රදීප් කුමාර ගුණතිලක (33) නම් දෙදරු පියෙකි.
පොලිසිය පවසන අන්දමට මෙම සිවිල් ආරක්ෂක සෙබලා පෙරේදා(10) මගුල් දමන සිවිල් ආරක්ෂක බලකා ගොවිපලේ කවුපි මුං ඇතුළු වගාවන් ආරක්ෂා කර ගැනීම සදහා රාත්රි සේවයට වාර්තා කර ඇති අතර රාත්රි 10 .00 ට පමණ ගොවිපලට ඇතුලු වූ වන අලි රංචුවක් එලවා දැමීමට යාමේ දී මෙසේ වන අලි පහරදීමට ලක්ව ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් අරලගංවිල පොලිසිය වැඩි දුර පරික්ෂණ සිදු කරයි
ඊෂා මුදියන්සේ- පොලොන්නරුව