ලොකු ලූණු සඳහා පනවා තිබූ බද්ද ඉවත් කිරීමත් සමගම දේශීය ලූණු ගොවියා අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇති බවත් රුපියල් සියයක් වැනි මිලකට ලොකු ලූණු අලෙවි කළ නොහැකි බවත් පොලොන්නරුවේ ලොකු ලූණු ගොවියෝ පවසති.
මේ වන විට තමන් සන්තකයේ ලොකු ලූණු කිලෝ ලක්ෂයක් පමණ පවතින බවත් පොලොන්නරුව පමණක් නොව අනුරාධපුරය,.යාපනය,මාතලේ යන දිස්ත්‍රික්කවල ලූණු ගොවියාත් මේම තත්ත්වය නිසා බරපතල පීඩාවකට ලක්ව සිටින බවත් ඔවුහු පවසති.තමන්ට සාධාරණ මිලක් ලෙස රුපියල් 150-200 අතර මිලක් ලබා දෙන ලෙස ද ඔවුහු ඉලා සිටිති.
තමන්ට සිදු වූ අසාධාරණය ගැන පොලොන්නරුව අලුත්වැව දිවුලපිටිය ගොවි සංවිධානයේ සභාපති එස්.ඒ දසුන් ශ්‍යාමල් මහතා මෙසේ පැවසීය.
“ක්රිෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් අපට බීජ දුන්නා.මාස තුනක් තිස්සේ වතුර ගහලා පැල් රැකලා කට්ටිය දම්මලා වැඩ කරලා බීජ හිටවපු වෙලාවේ ඉදලා විශාල වියදමක් දැරුවා.දැන් ගලවලා ගෙදරට ගෙනාවට පස්සේ හොඳ මිලක් තිබුණා.ඒත් කොරෝනා ප්‍රශ්න නිසා අපට ගැටලු ආවා.දඹුල්ලට ගෙනියන්න දවසක් දෙකක් ප්‍රමාද වුණා.ඒ අතරේ එක පාරටම බන්දුල ගුණවර්ධන ඇමතිතුමා ආනයන බද්ද අයින් කරලා කොකු ලූණු රුපියල් සියයට බැස්සුවා.
පාලකයෝ කියනවා ගොවියා නගා සිටුවන්න ඕන.ගොවිතැන් කරන්න.හොඳ මිලක් දෙනවා කියලා.හැබැයි අද ලූණු අස්වනු නෙලුවාම ඒක විකුණ ගන්න විදිහක් නෑ.දුක් විදලා ගොවිතැනක් කරලා අස්වැන්න ගත්තාම ඒකට පහර ගහනවා.අද ගොවියා විදින දුක දන්නේ නෑ කවුරුවත්.අපි කියන්නේ නෑ ඉහල මිලක් දෙන්න කියලා සාධාරන මිලක් දෙන්න.රුපියල් 150 -200 අතර.බන්දුල ගුණවර්ධන එමතිතුමා තමයි මේවා ගන්න ඕන.
මේ දැන් කුණුවෙන්න පටන් අරන්.තියාගන්න පහසුකමක් නෑ.ගෙවල්වල හැම තනේම දාලා තියෙන්න.අලි ඉන්නවා හරක් ඉන්නවා.එහෙන් වැස්ස ආවා.තෙල් පොහොර නෑ.දිලීරයක් ආවා.ගොවියා මේවා බේර ගත්තේ බොහොම අමාරුවෙන්.තෙල් හොයාගන්න විදිහක් නෑ.අද රුපියල් 900 ට තියෙන තෙල් එක ඊළග සතියේ 2000යි.
මේ නිසා අපට සාධාරණයක් කරන්න.අපට රුපියල් 100ට දීලා වැඩක් නෑ.දැන් දවසකර කිලෝ 20ක් 30ක් කුණු වෙලා විසි කරන්න්න වෙලා.එක ගොඩේ දාලා තියෙන නිසා.ගොවියාට ප්‍රශ්න කෝටියයි.
ණය වෙලා,බැංකු ලෝන් අරගෙන කණකර උකස් කරලා ඒවා ගෙවා ගන්න බැරුව ඉන්නේ.රුපියල් 100ට දුන්නොත් වියදම් ටික විතරයි.අපේ විතරක් ගොවීන් 50ක් විතර ඉන්නවා.
ඊට අමතරව මැදිරිගිරිය,බකමූණ,අත්තනකඩවල,අනුරාධපුරය මාතලේ ,ගලේවෙල,යාපනය හැම තැනම ගොවියෝ අසරණ වෙලා.මෙහෙම ගියෝත් ලූණු ගොවියාටත් වහ බොන්න වෙන්න.පිට රටින් ගේන ලූණු ද ඕන මේ රටට.ඇයි ආනයනය කරන්නේ.සාධාරණයක් ඉටු කරලා දෙන්න අපට.”
ආර්.එම්.ආර්.සුමනාවති මැනිකේ (49)
760/1,නවනගරය, පොලොන්නරුව පදිංචි විශාල ප්‍රමාණයෙන් ලොකු ලූණු වගා කල ගෙව්ලිය මෙසේ පැවසුවා ය.
මේ විදිහට ගියෝත් අපට වැලේ වැල් නෑ.අපි කිලෝ 5ක් විතර බීජ හිටෙව්වා.කිලෝ 14000ක් 15000ක් අපි ළග තියෙනවා.ලොකු වියදමක් දරලා තමයි වගා කළේ.ඊට වඩා ගොඩක් මහන්සි වෙන්න ඕන,රුපියල් 100 ට දීලා පාඩුයි.අපට සහනයක් දෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ.”
පොලොන්නරුව ,නව නගරය ,දිවුලපිටිය ලොකු ලූණු ගොවියෙකු වන බුද්ධික ලක්මාල්(30)මහතා මෙසේ කීය.
“අපි ට ලූණු ටික විකුණාගන්න විදිහක් නෑ.දඹුල්ලේ කොරෝනා තත්ත්වය නිසා ගෙනියන්න බැරි වුණා.මිලක් තියෙන වෙලාවේ.ලූණු ගලවලා දින කිහිපයක් වෙනවා.එක පාරම මෙහෙම මිල අඩු කළාම අපේ ලූණු විකුණා ගන්න බැරි වෙලා තියෙන්නේ.පොලොන්නරුව නව නගරයේ දිවුලපිටියේ ගොවීන් 50ක් විතර ඉන්නවා.
ලූණු කිලෝ ලක්ෂයක් විතර තියෙනවා.රුපියල් හය හත් ලක්ෂයක් විතර වියදම් කරලා අපි වගා කළේ.මගෙත් කොලෝ 7000ක් විතර තියෙනවා.රුපියල් 100 ට දීලා අපට වැඩක් නෑ.ලෙඩ ඇවිල්ලා ගොවියෝ ගොඩක් දුක් මහන්සියෙන් මේවා ගොඩ දාගත්තේ.
පිට රටින් රුපියල් 70 වට ගෙනත් දෙනවලු.අපට ගිය වියදමවත් පියවා ගන්න විදිහක් නෑ.ගොවියා නගා හිටුවන්න කියලා රටින් රූණු ගෙනත් හරියනවා ද.අනෙක් බඩු ගත්තාම රුපියල් දහ දොළොස්දාහකින් වැඩි වෙලා.
අපේ ලූණු ටිකට තමයි හැමෝම කෙලින්නේ.වී වගා කරලා අනාතම වෙලා ලූණු වගා කරන්න ගත්තේ.ඒකත් වැටි වැටී නැගිටින්න ගත්තේ මේ විදිහට ගියොත් මේ රටේ ගොවියා ගොවිතැන් ඔක්කොම අත් හරියි,ඒ නිසා රජය අපට සාධාරණ මිලක් දීලා අපේ ලූණු ටික අරගන්න කියලා ඉල්ලා සිටිනවා.”
කෙසේ වෙතත් සතොස හරහා දඹුල්ලෙන් ලොකු ලූණු කිලෝව රුපියල් 130 කර මිලට ගන්නා බව රජය නිවේදනය කළ අතර රුපියල් 100 බැගින් මිලට ගැනීමට දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ප්‍රතිපාදන වෙන් කරන බව ද පවසා තිබුණි.එහෙත් පොලොන්නරුවේ ගොවීන් ඉල්ලන්නේ රුපියල් 100ට ලොකු ලූණු අලෙවි කිරීමෙන් තමන්ට අත පිහදා ගැනීමට සිදු වන බවයි.
ඊෂා මුදියන්සේ – පොලොන්නරුව