හැටන් දික්ඔය ප්රදේශයේදි හක්ක පටස් යොදා මරා ත්රිරෝද රථයකින් රැගෙන යමින් සිටි වල් ඌරක් සමග පුද්ගලයන් තිදෙනකු හැටන් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.
මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් මුලස්ථාන ප්රධාන පොලිස් පරික්ෂක පි. ඩබ්ලිව්. එස්. බී. පලිපාන මහතා පවසන ලද්දේ 19වන දින අලුයම් කාලයේ දික්ඔය වනරාජ ප්රදේශයේ කරන ලද රථ වාහන පරික්ෂාවකදි ත්රිරෝද රථයකින් රැගෙන යමින් සිටි මරන ලද වල් ඌරකු සමග පුද්ගලයන් තිදෙනකු අත් අඩංගුවට ගත් බවත්ය.
මෙසේ අත් අඩංගුවට ගන්නා ලද පුද්ගලයන් අතරින් ත්රිරෝද රථයේ රියදුරු බිමත්ව සිටි බවත් එමෙන්ම මේ පිලිබදව කරන ලද පරික්ෂනවලදි මෙම පුද්ගලයන් හක්ක පටස් යොදා මෙම වල් ඌරා මරා ඇති බවට කරුනු අනාවරණය වු බවද ඔහු පවසන ලදි.
මෙසේ අත් අඩංගුවට ගන්නා ලද සැකකරුවන් හැටන් දිසා හා මහේස්ත්රාත් අධිකරනයට ඉදිරිපත් කිරිමට පියවර ගන්නා බවත් මෙයට සම්බන්ද ත්රිරෝද රථ රියදුරුට බිමත්ව රිය පැදවිම යටතේ තවත් චෝදනාවක් ගොනු කරන බවත් පලිපාන මහතා වැඩි දුරටත් පවසන ලදි.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්