විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබද අපේ කණ්ඩායම් යම් – යම් මත ප්‍රකාශ කළත් මේ රට වෙනුවෙන් සියලුදෙනා එක තැනක සිටිනවා. යැයි කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල්, ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා පසුගිය දා කීවේය.

විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංසෝධනය පිළිබද අදහස් දක්වමින් පියල් නිශාන්ත ද සිල්වා මහතා මේ අදහස් පළකලේය. මේ රටේ ජනතාව ඉතාම අමාරුවෙන් විශාල බලාපොරොත්තු ඇතිව නිර්මාණය කළ ආණ්ඩුව වැටෙන්නට ඉඩ නොදි ආරක්ෂා කරගත යුතුයි. ඒ සදහා අප කැපවිය යුතුයි. රට විනාශවීයාමේ අනතුර ළගදි ජනතාව විශාල කැපකිරිමක් කරල රට බේරාගැනිමට අපට බාරදි තිබෙනවා. ඒ නිසා දේශපාලනඥයින් ලෙස අපට විශාල වගකිමක් තිබෙනවා.ඒ වෙනුවෙන් අපට විශාල කැපකිරිමක් කිරිමට සිදුවෙනවා.

එල්ලෙන්න වැල් නැති විපක්ෂය විසිවන සංශෝධනය කරේ තියාගන මහා ලොකු බිල්ලෙක් මවල රටම ගිණි තියන්න උත්සාහ කරනවා. කොවිඩ් වසංගතයෙන් මුළු ලෝකයමත් අපේ රටත් විශාල අභියෝගයකට මුහුණදි තිබෙනවා. ගෝලිය වශයෙන් ලෝක ආර්ථිකය කඩා වැටෙන තත්වයකට පත්ව තිබෙනවා. මේ සියලු අභියෝග ජය ගැනිම සදහා අති ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා,ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ගේ නායකත්වයෙන් මේ රට ක්‍රමාණුකූලව ගොඩ නැංවීමේ කාර්ය භාරය සිදුවෙමින් තිබෙනවා.

මේ රටට විනාශයක් , හානියක් සිදුවන කිසිම දෙයකට අපේ සහායක් ලැබෙන්නෙ නෑ. පසුගිය ආණ්ඩුව ඇතිකල 19 වන සංශෝධනය නිසා මේ රට අනාථ වුණා. අදටත් මේ රටේ නිළධාරියෙකු ලවා වැඩක් කරවා ගන්න බැරි තත්වයක් ඇතිකර තිබෙනවා. නිළධාරින්ට ස්වාධිනව කටයුතු කිරිමට අවස්ථාව නැතිවුණා. රටට යමක් කරන්න නායකයින් උත්සාහ ගත්තද රටට යමක් කරන්න බැරි වුණා.

පාස්කු ප්‍රහාරයේ තොරතුරු සොයන ජනාධිපති කොමිසමේ අදටත් පසු ගිය ආණ්ඩුවේ අය ඇවිදින් විකාර දොඩවන බව අපට පේනවා. 19 වන සංශෝධනය ඇතිකල අයම අද ඒක නිසා රටට වැඩක්කරන්න බැරිවූණා කියනවා. තවමත් මේ රටට කොඩිවිනයක් වෙලා තියෙන්නෙ 19 වන වන ව්‍යවස්ථා සංශොධනයේ භයානක තත්වයයි.

එමනිසා 19 වන සංශෝධනය ඉක්මණින් ඉවත් කර ඉතා කෙටි කාලයකට 20 වන සංශෝධනය ගෙනල්ල වසරක් , එකහමාරක් වැනි කෙටි කාලයක් තුලදි මේ රටට නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඇති කලයුතුයි.එමගින් මේ රටේ ජනතාවට යහපත් අනාගතයක් උදාකිරිම අති ගරු ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ රජයේ බලාපොරොත්තුවයි.

මේ සියල්ල සදහා මහා සංඝරත්නයේ අනුසාසකත්වය ලබාගනන්වා. එසේ ලබගෙන ඉතාම නිවැරදි දේ ක්‍රියාත්මක කරනවා. මොන අභියෝග ආවත් රට වෙනුවෙන් , ජනතාව වෙනුවෙන්, රටේ අති මහත් ජනතාවක් ලබාදුන්න ජනතා මනාපයට අබ මල්රේණුවක තරම්වත් හානියක් වෙන්න ඉඩ තියන්නෙ නෑ.

සෝමරත්න පොද්දෙණිය – මීගහතැන්න

Similar Posts