පොලිස් අත්අඩංගුවේදි තරුණයෙකු මිය යාම සම්බන්ධයෙන් පූගොඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඩබ්ලිව්. ඒම්.ඒස්. වන්නිආරච්චි මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමට ලක්කර තිබේ. ඒමෙන්ම ඒම පොලිස් ස්ථානයේ සැරයන් වරයෙකු මේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු වෙනුවනට නව ස්ථානාධිපතිවරයෙක් පූගොඩ පොලිස් ස්ථානයට පත් කිරිමට පොලිස් මූලස්ථානය විසින් පියවර ගෙන තිබේ. මෙලෙස නව ස්ථානාධිපතිවරයා වශයෙන් පත් කර ඇත්තේ හාලිඇල පොලිස් ස්ථානාධිපතිව සිටි ප්‍රධාන පොලිස් පරික්ෂක ඒ්.ඒම්. පී.කේ. චන්ද්‍රසේකර මහතාය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මුලස්ථානය විසින් විමර්ශනයක් ආරම්භ කළ ඇති අතර, ඒ් අනුව හිටපු පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කිරිමටත් පොලිස් සැරයන්වරයා ඇතුලු ප්‍රදේශයේ පුද්ගලයින් 08 කු අත්අඩංගුවට ගැනීමටත් ඊයේ (18) දින පියවර ගෙන තිබුණි.
ශානිකා