අඩු මුදලට හජ් වන්දනා වරම්

අඩු මුදලට හජ් වන්දනා වරම්

පෞද්ගලික නියෝජිත ආයතන මගින් සංවිධාන කරන ලද මක්කම හජ් වන්දනා කටයුතු ඉතා අඩු මුදලකට මේ වසරේ සිට රජයේ මෙහෙයවීමෙන් සංවිධාන කිරීමට ශ්‍රී ලංකා හජ් වන්දනා කමිටුව   තීරණයකර ඇත. හජ් වන්දනා සමයේදී පෞද්ගලික නියෝජිත ආයතන රුපියල් 700,000ක් ඉක්මවන අධික මුදලක් අය කිරීමෙන් මුස්ලිම් බැතිමතුන් පත්වන අසීරුතාවයෙන් ගලවා ගැනීම සඳහා ආගමික කටයුතු අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ…

mask

කොළඹ කුරුඳුවත්තේ මුඛ ආවරණ අලෙවිය වැඩිවෙලා

කොළඹ කුරුඳුවත්තේ  පිහිටි රාජ්‍ය ඔසුසල මෙන්ම  නගරයේ පිහිටි අනෙකුත් පෞද්ගලික  ඔසුසල් වල මුඛ ආවරණ ( මාස්ක්) වැඩි වශයෙන් අලෙවි වන බව වාර්තාවේ. මුහුණු ආවරණ මිලදී ගන්නේ වැඩිපුරම මෙරට සිටින චීන ජාතිකයින් බවද සදහන් වේ. කොරෝනා වෛරසය හේතුවෙන් කොළඹට පැමිණෙන සියලුම ජනතාවට මුඛ ආවරණයක් (මාස්ක්) පළඳින ලෙස ඉල්ලා සිටින බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය…

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශය යටතට

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශය යටතට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශය යටතට පවරයි. ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා යටතට පත්කර තිබේ.

කොරෝනා වනසතුන්ගේ ජිවිත බේරයි

කොරෝනා වනසතුන්ගේ ජිවිත බේරයි

වහාම ක්‍රියාත්මක වන පරිදි චීනයේ වනසතුන් මසට විකිණීම තහනම් කර ඇත.  සර්පයින් මොනරුන් කිඹුලන් ඇතුළු තවත් බොහෝ සත්ත්ව විශේෂ ගණනාවකගේ ජීවිත බේරිමට කොරෝනා  වෛරසය සමත් වි ඇත. මාරාන්තික කොරෝනා වර්ගයේ වෛරසය මධ්‍යම චීනයේ වුහාන් නගරයේ මුහුදු ආහාර වෙළඳපොළකින් ව්‍යාප්ත වුණු බවට සැකකෙරෙන අතර එම වෙළඳපොළේ නීති විරෝධී ලෙස වනසතුන් මසට විකුණන බවද සඳහන් වේ. කොරෝනා…

පැසිපන්දු ක්‍රීඩක කෝබේ අනතුරකින් මිය යයි

පැසිපන්දු ක්‍රීඩක කෝබේ අනතුරකින් මිය යයි

අමෙරිකානු පැසිපන්දු ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයකු වන බ්‍රයන්ට් සිය දියණිය  සමග කැලිෆෝනියාවේ කැලබසාස් නුවරදී සිදු වූ හෙලිකොප්ටර් අනතුරකින් මියගොස් ඇත. මෙම අනතුරින්  පුද්ගලයන් 9දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ.

unp
|

එජාපය නව ලකුණකින් මැතිවරණයට

මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය නව ලකුණක් තරග වදින බව විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් පළාත් පාලන නියෝජිතයින් ඊයේ කොළඹට කැඳවා පැවති හමුවෙන් අනතුරුව සඳහන් කළේය. “අලුතින් හිතමු.. නැඟිටිමු” යන්න තේමා කරගනිමින් පැවති මෙම හමුවට එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ නායකයෝ ද එක්ව සිටියහ.

චීනයේ වෙසෙන ලාංකික සිසුන් ගෙන්වන්නැයි ජනපතිගෙන් උපදෙස්

චීනයේ වෙසෙන ලාංකික සිසුන් ගෙන්වන්නැයි ජනපතිගෙන් උපදෙස්

කොරෝනා වෛරසයෙන් වසා දැමුණු චීනයේ වූහාන් නගරයේ මේ වන විට සිටින ශ්‍රී ලාංකික සිසුන් සියලු දෙනා ගෙන්වා ගැනීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලධාරීන්ට උපදෙස් දී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, විදේශ ලේකම්වරයාට සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ජනාධිපතිවරයා අදාළ උපදෙස් දී ඇති බවයි. එමෙන්ම එම සිසුන් වෙනුවෙන් සියලු ගුවන් ටිකට් පත් වියදම් ආණ්ඩුව දරන බව ද ජනාධිපතිවරයා පවසා තිබේ. කොරෝනා හේතුවෙන්…

Water_Cut

හැටන් ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද පැය 24 ක ජල කප්පාදුවක්

හැටන්, ගිනිගත්හේන සහ අඹගමුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද (26) පැය 24 ක ජල කප්පාදුවක් සිදු කෙරෙනවා. පෙරවරු 09 සිට පසුදා පෙරවරු 09 දක්වා මෙම ජල කප්පාදුවක් සිදුකෙරෙනු ඇති. මෙහිදී හැටන් පාර, රංජුරාව, බදුපොල, ගල්පොත්ත යාය සහ දෙල්හේන යන ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවනවා. අලුතින් එළන ලද ජලනල පද්ධතිය දැනට තිබෙන බෙදාහැරීමේ නළ පද්ධතියට සම්බන්ධ කිරීම…

තුර්කියේ භූමිකම්පාවකින් 21 ක් මියයයි 1000 කට තුවාල

තුර්කියේ භූමිකම්පාවකින් 21 ක් මියයයි 1000 කට තුවාල

නැගෙණහිර තුර්කියේ එලාසිග් ප්‍රදේශයේ භූමිකම්පාවකින් 21 දෙනකු මියගොස් 1000 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත. භූමි කම්පාව හේතුවෙන් සුන් බුන් අතර සිරවී සිටි ගැබිණි කාන්තාවන් පස් දෙනකු පැය 12 කට වැඩි කාලයක් කල මෙහෙයමුකින් බේරාගත් බව තුර්කි රජයේ පවසයි.

ෆින්ලන්තයේ ජනගහනය ඉහළට

ෆින්ලන්තයේ ජනගහනය ඉහළට

පසුගිය වසරේදී ෆින්ලන්තයේ ජනගහනය 9,654 කින් 5,527,573 දක්වා ඉහළ ගොස් ඇති බව ෆින්ලන්ත සංඛ්‍යාලේඛන ය විසින් අනාවරණය කර තිබේ. ජනගහන වර්ධනයට හේතු වී ඇත්තේ සංක්‍රමණ බවත්  රටට සංක්‍රමණය වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 17,903 කින් ඉක්මවා ගිය අතර උපත් සංඛ්‍යාව මරණ සංඛ්‍යාව 7,962 ඉක්මවා ඇති බව ෆින්ලන්ත මාධ්‍ය පවසයි.අපේක්ෂිත සමස්ත අනුපාතය වාර්තාගත අවම මට්ටමින් 1.35 ක් විය….