සාධාරණ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා රෝහින්ග්‍යා වැසියන් යාඥා කරයි

සාධාරණ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා රෝහින්ග්‍යා වැසියන් යාඥා කරයි

නෙදර්ලන්තයේ  පිහිටි ජාත්‍යන්තර අධිකරණයේ මියන්මාරයට එරෙහිව ගොනුකර ඇති ජනසංහාර නඩුවේ තීන්දුව අද (23) දින ලබාදීමට නියමිතයි. බංගලාදේශයේ ලෝකයේ විශාලම සරණාගත කඳවුරේදී වසර ගණනාවක් විඳි හිංසා පීඩා ලද තමන්ට යුක්තිය ඉටුවන තීන්දුවක් ලැබෙනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වෙති. වසර 2017 දී රඛයින් පළාතේ සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් ඔවුන් අසල්වැසි බංගලාදේශයට පළා ගියහ. “අපගේ තුවාල සුවකළ හැක්කේ…

සමන් රත්නප්‍රියට පාර්ලිමේන්තු වරමක්

සමන් රත්නප්‍රියට පාර්ලිමේන්තු වරමක්

ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු  මන්ත්‍රී ධුරය සඳහා සමන් රත්නප්‍රිය මහතාගේ නම යෝජනා කර ඇති බව සදහන් වේ. පක්ෂ මහලේකම් අකිල විරාජ්  මහතා  සමන් රත්නප්‍රියගේ නම හෙට මැතිවරණ කොමිසමට දැනුම් දෙන බව සඳහන් කරයි.

කසළ කන්දක් ගිනිගනි

කසළ කන්දක් ගිනිගනි

පිළියන්දල කරදියාන කසළ කන්දේ ගින්නක් හටගෙන ඇත. මේ වන විටත් මොරටුව මහ නගර සභාවේ ගිනි නිවීම්  සේවා රථ 3ක් යොදා ගනිමින් ගින්න නිවා දැමීම සිදුකරමින් පවතින බව සඳහන් වේ.  

පෞද්ගලික දුරකතන සංවාද පටිගත කිරීමට කිසිදු තහනමක් නෑ

පෞද්ගලික දුරකතන සංවාද පටිගත කිරීමට කිසිදු තහනමක් නෑ

තොරතුරු තාක්ෂණයේ දියුණුවේ පිහිටි ලද මෙම තාක්ෂණය දරුණු ගණයේ අපරාධ නීතියේ රැහැනට කොටුකර ගැනීමට පවා උපකාරී වන දුරකතන සංවාද පටිගත කරගැනීම සදහා උපකාරී වන්නාවූ ජංගම දුරකතන යෙදුම් (App) තහනම් කිරීමට පියවර ගන්නා ලෙස රජයට සිදුකරන ඉල්ලීම් සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ඉතා කනගාටුවට පත්වෙමු.  විශේෂයෙන්ම සමාජයේ උගත් බුද්ධිමත් පිරිස් ලෙස පෙනී සිටින…

දුම්රිය දෙපාර්තමේන්තුවේ ලිපිකරුවන් පිරිසක් අතිකාල වංචාවක

දුම්රිය දෙපාර්තමේන්තුවේ ලිපිකරුවන් පිරිසක් අතිකාල වංචාවක

දුම්රිය සේවකයින්ගේ සුබසාධනය වෙනුවෙන් ක්‍රියාත්මක වන ‘දුම්රිය නිලැඳුම් සේවා අර්ථසාධක අරමුදල්’ කාර්යාලයේ ලිපිකරුවන් අතිකාල වංචාවක් සිදු කරන බවට පාලක කමිටුව ප්‍රකාශ කරයි. දුම්රිය සමාන්‍යාධිකාරීවරයා විසින්  ලිපිකරුවන්ගේ අතිකාල සීමාකරමින් පසුගියදා චක්‍රලේඛනයක්ද නිකුත් කර අතිකාල සීමාකිරීමට විරෝධය දැක්වීමක් ලෙස  ඔවුන්  හිතාමතා අතිකාල වංචාව සිදු කරන බව සදහන් වෙයි.

එළවළු ගන්න යනකොට ඇඟේ මාළු නටනවා

එළවළු ගන්න යනකොට ඇඟේ මාළු නටනවා

ජනතාවට දරාගත නොහැකි මට්ටමින් එළවළු මිල ඉහළයාමට හේතුව ආණ්ඩුවට නිසි වැඩපිළවලක් නොමැති  වීම බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු සභාවාරයට එළවළු මල්ලක්ද රැගෙන පැමිණි තුෂාර ඉඳුනිල් මන්ත්‍රීවරයා පවසයි. ඉතිහාසයේ පළමු වතාවට එළවළු කඩ මංකොල්ලය වාර්තා වි ඇති බවද පැවසීය.  

රාජ්‍ය ආයතන ඩිජිටල්කරණයේ දී එක්සත් ජාතීන්ගේ සහාය

රාජ්‍ය ආයතන ඩිජිටල්කරණයේ දී එක්සත් ජාතීන්ගේ සහාය

එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හැනා සිංගර් මහත්මිය රාජ්‍ය ආයතන ඩිජිටල්කරණයේ දී සහය ලබාදීමට පොරොන්දු වුවාය. දිළිදුබව පිටුදැකීම, කාලගුණික විපර්යාස, රජයේ ආයතන ඩිජිටල්කරණය, අතුරුදන්වූවන් පිළිබඳ ගැටලුව කළමනාකරණය කිරීම, අධ්‍යාපන ක්ෂේත්‍රය, තොරතුරු තාක්ෂණ විෂය ප්‍රවර්ධනය සහ රාජ්‍ය ආයතන ඩිජිටල්කරණය යන කටයුතුවලදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහය ලබාදීමට නියෝජිතවරිය පොරොන්දු වුවාය.  

ranjan-ramanayake

රන්ජන්ගේ විශේෂ ප්‍රකාශය

මන්ත්‍රි රන්ජන් රාමනායක පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේ තමන් ගේ නිවසේ තිබු හඬ පට නිසා සෑම මනුස්සයෙකුටම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු  සියලු දෙනාගෙන් සමාව ඉල්ලා සිටින බවයි. හඬ පට සහිත දෘඩ තැටි නිවසේ තබාගෙන සිටියේ බොරු කියන පුද්ගලයින් සිටින මේ රටේ  සොරුන්ට එරෙහිව සිදුකරන මෙහෙයුමේදී අවශ්‍ය සාක්ෂි ළඟ තබා ගැනීමේ අවශ්‍යතාවය…

ඉරාකයේ අමෙරිකානු තානාපති කාර්යාලය ආසන්නයට රොකට් ප්‍රහාර

ඉරාකයේ අමෙරිකානු තානාපති කාර්යාලය ආසන්නයට රොකට් ප්‍රහාර

ඉරාකයේ අමෙරිකානු තානාපති කාර්යාලය ආසන්නයට රොකට් ප්‍රහාර තුනක් එල්ල වී ඇති අතර ප්‍රහාරයෙන් තුවාල ලැබුවන් පිළිබඳ මෙතෙක් වාර්තා වී නැත. මෙම ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු පාර්ශවයක් විසින් භාරගෙන නොමැති බව විදෙස් පුවත් වාර්තා කරයි.

මිනිසුන් රහිත කැප්සියුලයක්

මිනිසුන් රහිත කැප්සියුලයක්

අමෙරිකාව, අභ්‍යවකාශය තරණය කිරීමේ තවත් පියවරක් ඉදිරියට තබමින් රොකට්ටුවක්  දියත් කිරීමෙන් පසුව මතුවන හදිසි අවස්ථාවකදී ගගනගාමීන්ගේ ජීවිත ආරක්ෂා කර ගත හැකි ක්‍රමවේදයක් ලෙස  මිනිසුන් රහිත අභ්‍යවකාශ කැප්සියුලයක් අත්හදා බැලීමක් සිදුකර තිබේ. සිය අත්හදා බැලීම සාර්ථක වූ බවත්  සිය ගගනගාමීන් අභ්‍යවකාශගත කිරීමේ හැකියාව ලබා ගැනීම සඳහා වන වැඩපිළිවෙළේ අවසන් අදියර කරා ළඟා වීමට හැකි වූ බවත්…