රුපියල ඉහළට

රුපියල ඉහළට

වසර නවයකට පසුව පසුගිය වසරේදී ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ යාමක් පෙන්නුම් කළේ යැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා පැවැසීය. 2018 වසරේදී සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වීමෙන් පසුව ශ්‍රී ලංකා රුපියල ඉහළ ස්ථාවරත්වයක් පෙන්නුම් කර ඇති බව ද හෙතෙම කීය. ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ පැවැති ‘ප්‍රතිපත්ති පෙර දැක්ම’…

වහාම ක්‍රියාත්මක වන පරිදි බඩඉරිඟු සහ රටකජු ආනයනය අත්හිටුවයි

වහාම ක්‍රියාත්මක වන පරිදි බඩඉරිඟු සහ රටකජු ආනයනය අත්හිටුවයි

ජනවාරි මස 15 වනදා සිට බඩඉරිඟු සහ රටකජු ආනයනය අත්හිටුවීමට රජය පියවර ගෙන ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සදහන් කරයි. රටකජු සහ බඩඉරිඟු ගොවීන්ගේ අස්වනු ඉදිරියේදී වෙළඳපොලට නිකුත් කිරීමට නියමිත බැවින් දේශීය ගොවියා ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව වැඩිදුරටත්  සදහන් කළේය.

Water_Cut

මහරගම ඇතුළු ප්‍රදේශ රැසකට පැය 24 ක ජල කප්පාදුවක්

මහරගම ඇතුළු ප්‍රදේශ රැසකට අද පෙරවරු 9 සිට පැය 24 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තෙගොඩ, හෝමාගම, මීපේ සහ පාදුක්ක යන ප්‍රදේශවලට අද පෙරවරු 9 සිට පැය 24 ක් ජල සැපයුම අත්හිටුවනු ඇති.

පස්සර බස් අනතුරින් 8 දෙනෙකු මරුට : 40කට තුවාල

පස්සර බස් අනතුරින් 8 දෙනෙකු මරුට : 40කට තුවාල

බදුල්ල, පස්සර මඩොල්සිම මාර්ගයේ හයේ කණුව ප්‍රදේශයේ ලංගම බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරින් මේ වන විට 8 දෙනෙකු මරුමුවට පත්ව 40ක් බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති. බදුල්ල පස්සර හයේ කණුව ප්‍රදේශයේදී ඊයේ පස්වරු 4.30 ට පමණ ඇකිරිය බලා ධාවනය ආරම්භ කර ඇති මෙම බස් රථය අඩි 100 ත් 150 ත් අතර ප්‍රපාතයකට පෙරළීමෙන්…

ප්‍රවාහණ වෛද්‍ය ආයතනයේ තදබදය වළක්වන්න අලුතින් ප්‍රාදේශීය ඒකක  03ක්

ප්‍රවාහණ වෛද්‍ය ආයතනයේ තදබදය වළක්වන්න අලුතින් ප්‍රාදේශීය ඒකක  03ක්

රියදුරු බලපත් ලබා ගැනීම සඳහා අවශ්‍ය වන වෛද්‍ය වාර්තා ජාතික ප්‍රවාහණ වෛද්‍ය ආයතනයෙන් ලබා ගැනීමේ දී දැනට පවතින තදබදය වැළැක්වීමට සුදුසු විකල්ප වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස ප්‍රවාහණ කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් මින් පෙර උපදෙස් ලබා දී තිබුනි. දැනට එම වෛද්‍ය සහතික ලබා ගැනීම සඳහා වැඩිම පිරිසක් පැමිණෙන්නේ  කොළඹින් බැහැර …

පළමු විස්සයි20 තරගය වැස්සට සේදෙයි

පළමු විස්සයි20 තරගය වැස්සට සේදෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලිය අද ආරම්භවීමට නියමිතව තිබූ පළමු විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගය එක් පන්දුවක් හෝ නොයවාම අත්හැර දැමීමට විනිසුරුවෝ තීරණය කළහ. දෙරට අතර පැවැත්වෙන දෙවැනි විස්සයි20 තරගය ලබන 7 වැනිදා ඉන්දෝර්හිදී පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා කණ්ඩායම අවිශ්ක ප්‍රනාන්දු, ධනුෂ්ක ගුණතිලක, කුසල් ජනිත් පෙරේරා, ඕෂධ ප්‍රනාන්දු, භානුක…

කඩා වැටුණු යානය ගැන හොයන්න චීනය සූදානම්

කඩා වැටුණු යානය ගැන හොයන්න චීනය සූදානම්

කඩා වැටුණු චීනයේ නිෂ්පාදිත වයි 12 යානය ගැන ගුවන් හමුදා විමර්ශන කණ්ඩායම් සිදුකරන පරීක්ෂණවලට අවශ්‍ය වන්නේ නම් චීන රජයේ සහාය ලබාදීමට එකඟත්වය පළ කර තිබෙන බව සදහන්. අවසන් වරට යානය අඩි 8500ක් පමණ ඉහළට ගුවන් ගතවී ඉන් තත්ත්පර අටකට පමණ පසු උදෑසන 9.0ට පමණ ගුවන් යානය කඩා වැටී තිබේ. අවසන් මොහොතෙත් යානයේ පාලනය ගිලිහී යන්නට…

හතුරුසිංහ ක්‍රිකට් ආයතනයෙන් වන්දි ඉල්ලයි

හතුරුසිංහ ක්‍රිකට් ආයතනයෙන් වන්දි ඉල්ලයි

තමා හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර පැවැති ගිවිසුම නීතිවිරෝධී ආකාරයෙන් අවසන් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් මිලියන 5 වන්දි ඉල්ලමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිපියක් යොමුකර තිබේ. නියමිත කාලයට පෙර සිය ගිවිසුම අවලංගු කිරීම හමුවේ තමන් බලවත් ලෙස අපකීර්තියකට පත්වූ බැවින් මෙවැනි වන්දියක් ඉල්ලා සිටින බවයි හතුරුසිංහ මහතා ප‍්‍රකාශ කර තිබෙන්නේ.  

Water_Cut

මීගමුවේ ප්‍රදේශ කිහිපයකට අද පෙරවරු 9 සිට පැය 24ක ජල කප්පාදුවක්

මීගමුව ඇතුළු ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අද පෙරවරු 9 සිට පැය 24ක් අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. ඒ අනුව කොච්චිකඩේ, සීදූව, පිටිපන, දුන්ගාල්පිටිය, බසියාවත්ත, පමුණුගම සහ කටාන ප්‍රදේශයේ කොටසකට ජල සැපයුම අත්හිටුවනු ඇති. කටුනායක ආයෝජන කලාපයට, ගුවන් හමුදා කඳවුරට සහ කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයට ද ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන…

ඉරාකයේ ඇමෙරිකානු හමුඳා ස්ථාපිත වී සිටින බලාද් ගුවන් හමුදා කඳවුරට රොකට් ප්‍රහාර
|

ඉරාකයේ ඇමෙරිකානු හමුඳා ස්ථාපිත වී සිටින බලාද් ගුවන් හමුදා කඳවුරට රොකට් ප්‍රහාර

ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවර “ග්‍රීන් සෝන් – ජාත්‍යන්තර කලාපය”ට මෝටාර් ප්‍රහාර මාලාවක් සහ රොකට් ප්‍රහාර දෙකක් එල්ල වූයේ යැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.  ඉරාකයේ ඇමෙරිකානු තානාපති කාර්යාලය පිහිටා ඇත්තේ “ග්‍රීන් සෝන්” ප්‍රදේශය වන අතර මෙම ප්‍රදේශය දැඩි ආරක්ෂාවක් සහිත ප්‍රදේශයක් යැයි ද සළකයි. උතුරු බැග්ඩෑගයේ පිහිටි ඇමෙරිකානු හමුඳා ස්ථාපිත වී සිටින බලාද් ගුවන් හමුදා කඳවුරට…