යුද හමුදා නව මාධ්‍ය අධ්‍යක්ෂවරයා වැඩ අරඹයි

යුද හමුදා නව මාධ්‍ය අධ්‍යක්ෂවරයා වැඩ අරඹයි

නව හමුදා මාධ්‍ය අධ්‍යක්ෂවරයා සහ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා වැඩ භාරගෙන තිබේ. ගජබා රෙජිමේන්තුව නියෝජනය කරන බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා වසර 30 කට අධික කාලයක් යුධ හමුදා සේවයේ කටයුතු කර ඇති අතර  ඒ මහතා යුද හමුදා මූලස්ථානයේදී  එම ධුරයේ වැඩ භාරගනියි.

පාර්ලිමේන්තුව මාර්තුවේදී විසුරුවනවා

පාර්ලිමේන්තුව මාර්තුවේදී විසුරුවනවා

පළාත් සභා ඡන්දයට පෙර  මහ මැතිවරණය පවත්වන බවත්  ලබන මාර්තු මාසයේදී  පාර්ලිමේන්තුව විසුරුවන බවත්  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  පවසයි. තමාට කටයුතු කරගෙන යාමට  ශක්තිමත් ආණ්ඩුවක් අවශ්‍ය බවත්  මේ  පාර්ලිමේන්තුව තුළ  එය කළ නොහැකි  බවත්  ජනාධිපතිවරයා කීවේය. පුවත්පත් කතුවරුන්ගේ  සහ විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවේදී ජනාධිපතිවරයා මේ බව කීවේය.

පක්ෂ නායකත්වය නැතිව අගමැති අපේක්ෂකත්වය බාර ගන්නේ නෑ

පක්ෂ නායකත්වය නැතිව අගමැති අපේක්ෂකත්වය බාර ගන්නේ නෑ

පක්ෂ නායකත්වයෙන් බැහැරව තමා ඉදිරි මහ මැතිවරණයේදී අගමැති අපේක්ෂකත්වය භාර නොගන්නා බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි සජිත් ප්‍රේමදාස මහතා පවසයි. මේ අතර දේශපාලනයෙන් විශ්‍රාම ගත යුතු බවට ජනතාව විසින් තමාට කියන්නේ නම් ඒ යෝජනාවද, පිළිගැනීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රි සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පවසයි. තමන් කොන්දේසි වලට යටත්වන පුද්ගලයකු නොවන බැවින් කිසිඳු කොන්දේසියක් මත…

dengue treatment

ඩෙංගු ගැන කියන්න – අහන්න මෙහෙයුම් මැදිරියක්

ඩෙංගු රෝගය මර්ධනය කිරිම වෙනුවෙන් පැය විසි හතර පුරා ක්‍රියාත්මක විශේෂ ඩෙංගු මෙහෙයුම් දුරකථන ඇමතුම් මැදිරියක් ස්ථාපිත කරන බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය පවසයි. ඉදිරියේදි පවත්නා වර්ෂාවත් සමග ඩෙංගු රෝගය ඉහළ යාමේ ප්‍රවණතාවයක් ඇති බවත් මේ වන විට ඩෙංගු වෛරසයේ රෝග ලක්ෂණද වෙනස් වෙමින් පවතින හෙයින් රෝගය කඩිනමින් ව්‍යාප්ත වීමේ අවදානමක්…

අමෙරිකානු ජනාධිපතිට ප්‍රශ්න පිට ප්‍රශ්න

අමෙරිකානු ජනාධිපතිට ප්‍රශ්න පිට ප්‍රශ්න

අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප්ට එරෙහි දෝශාභියෝගයේ වගන්ති දෙකකට එරට නියොජිත මන්ත්‍රී මණ්ඩලයේ අධිකරණ කමිටුවේ අනුමැතිය හිමිව ඇති අතර ඊට අදාළ ඡන්ද විමසීම ලබන බදාදා පැවැත්වෙනු ඇති බව එරට ඩිමොක්‍රොටික් පක්ෂ ජ්‍යෙෂ්ටයකු ප්‍රකාශ කර තිබේ. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ හෙළි නොකීරිම සම්බන්ධ නඩුව විභාග කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති අතර එම අධිකරණ…

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණ අයටම බන්ධනාගරයක්

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණ අයටම බන්ධනාගරයක්

පුද්ගලයින් බන්ධනාගාර ගත කෙරෙන්නේ  හිංසා කරන්න වධ දෙන්නට නොව පුනරුත්ථාපනය කිරිමේ අදහසින් බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් පළ ක‍ළේ බදුල්ල තල්දෙන එළිමහන් සිර කඳවුරේ පැවති නේවාසික මානවක බාල දක්ෂ කදවුරට සහභාගි වු සිරකරුවන්ගේ සහභාගිත්වයෙන් බදුල්ල මුතියංගන රජ මහා විහාරයේ පැවති ආගමික උත්සවය…

ශ්‍රී ලංකාවේ ස්‌විස්‌ තානාපති හැන්ස්‌ පීටර් මොක්‌ මහතා ජනපති හමු වෙයි.
|

ශ්‍රී ලංකාවේ ස්‌විස්‌ තානාපති හැන්ස්‌ පීටර් මොක්‌ මහතා ජනපති හමු වෙයි.

  ශ්‍රී ලංකාවේ ස්‌විස්‌ තානාපති හැන්ස්‌ පීටර් මොක්‌ (Hanspeter MOCK)   මහතා  ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය. තානාපතිවරයා මෙහිදී ජනාධිපතිතුමා සමඟ සුහද කතා බහක නිරත විය.

unp

පක්ෂ නායකත්වයට කරු පත් කරන ලෙස ඉල්ලා විශේෂ නිවේදයක්

රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් සමුගෙන එම තනතුරට කථානායක කරු ජයසුරිය මහතා පත් කරන ලෙස ඉල්ලා සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරය විසින් විශේෂ නිවේදයක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත යවා තිබේ. එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ප්‍රගමනය වෙනුවෙන් කෙරෙන විශේෂ නිවේදයක් ලෙසින් සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරයේ මකුරුප්පේ රතනපාල රතනපාල ,…

එළවළු මිල ඉහල ගියද තොග වෙළදුන් තමන්ගෙන් එළවළු මිල දි ගන්නේ සොච්චම් මුදලකට
|

එළවළු මිල ඉහල ගියද තොග වෙළදුන් තමන්ගෙන් එළවළු මිල දි ගන්නේ සොච්චම් මුදලකට

දේශිය වෙලදපොලේ එලවළු මිල සිඝ්‍රයෙන් ඉහල ගියද තම ගොවිපොලවල් වල එලවළු අස්වැන්න තොග එලවළු වෙලෙන්දන් මිල දි ගන්නේ ඉතා සොච්චම් මිලකට බව උඩරට එලවළු ගොවිහු චෝදනා කරයි. මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට සහ දිවයිනේ එලවළු වගා කරන අනෙකුත් ප්‍රදේශවලට පසුගිය කාලයේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමග එලවළු වගාව විනාශ වි ගිය බවත්, පැවති වර්ෂාවත් සමග…

වාහන ධාවනය කැලණි පාලම අසලින් එක් මංතීරුවකට සීමා වෙයි

වාහන ධාවනය කැලණි පාලම අසලින් එක් මංතීරුවකට සීමා වෙයි

කැලණි පාලම අබියස මහනුවර සිට කොළඹට රථවාහන ඇතුළු වීමේ මං තීරු දෙකෙන් එකක වාහන ධාවනය අද පෙරවරු 6 සිට තාවකාලිකව සීමා කළ බව වරාය හා නාවික කටයුතු හා මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. වරාය හා නාවික කටයුතු හා මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍යාංශය පොලීසිය සමග එක්ව සිදුකරන රථවාහන ධාවන සැලැස්මේ…