ජනවාරිය තවම කලුයි

ජනවාරිය තවම කලුයි

ජනමාධ්‍යවේදීන්ට එරෙහිව සිදුව ඇති අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලමින් මාධ්‍ය සංවිධාන එකතුව විසින් සංවිධානය කරනු ලබන සංවාදාත්මක කතිකාව ජනවාරි 28 ප.ව. 3.00ට ශ්‍රී ලංකා පුවත්පත් ආයතන ශ්‍රවණාගාරයේදි  පැවැත්වුණි.

ජැමෙයිකාවේ ප්‍රබල භූ කම්පනයක්

ජැමෙයිකාවේ ප්‍රබල භූ කම්පනයක්

ජැමෙයිකාවේ රික්ටර් මාපක 7.7ක ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇතැයි වාර්තා වේ. භූකම්පනයෙන් පසුකම්පන ගණනක් ද ඇති වී තිබේ. සුනාමි අනතුරු ඇඟවීමක්ද නිකුත් කර ඇති බව සදහන්වේ. භූ කම්පනයෙන් මෙතෙක් දේපළ හානි හෝ ජිවිත හානි පිළිබදව වාර්තා වි නොමැත.  

පිලිපීන නාවික හමුදාව සහ ශ්‍රීලංකා නාවික හමුදාව අතර සුහද පැසි පන්දු තරගාවලියක්

පිලිපීන නාවික හමුදාව සහ ශ්‍රීලංකා නාවික හමුදාව අතර සුහද පැසි පන්දු තරගාවලියක්

තෙදින නිළ සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින පිලිපීන නාවික හමුදාවට අයත් ‘රමොන් අල්කරාස්’ (Ramon Alcaraz) සහ ‘ඩවාවෝ ඩෙල්සූර්’ (Davao Delsur) යන නෞකාවන් දෙකෙහි නාවික පුද්ගලයින් සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර සුහද පැසි පන්දු තරගයක් පවත් වන ලදි. ඒ අනුව, වැලිසර නාවික හමුදා කදවුරේදී පවත්වන ලද මෙම සුහද පැසි පන්දු තරගාවලිය සඳහා සහභාගී වන ලද…

බුදුරුවාගල වැව මධ්‍යයේ මහා පරිමාණයේ කසිප්පු නිෂ්පාදනාගාරයක් මාට්ටු වෙයි

බුදුරුවාගල වැව මධ්‍යයේ මහා පරිමාණයේ කසිප්පු නිෂ්පාදනාගාරයක් මාට්ටු වෙයි

බුදුරුවාගල වැව මධ්‍යයේ දීර්ඝ කාලයක සිට රහසිගතව පවත්වාගෙන ගොස් ඇති  මහා පරිමාණයේ කසිප්පු නිෂ්පාදනාගාරයක් වටලා තිබෙනවා. ඉතාමත්ම සූක්ෂම මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇති අතර එහිදී කසිප්පු පෙරීමට ගන්නා උපකරණ, බැරල් සහ ගෝඩා තොගයක් ද  සොයාගෙන ඇත. ජාවාරම සිදු කල වයස අවුරුදු 38ක සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

NOROCHCHOLAI-POWER-PLANT

නොරොච්චෝලේ චීනුන් ගැන දැඩි අවධානය

නොරොච්චෝලේ ලක් විජය තාප බලාගාරයේ  සේවය කරන චීන ජාතිකයින් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඇතැයි පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍යය අධක්ෂක පවසයි. බලාගාරයේ  සේවය කරන චීන ජාතිකයින් 75  දෙනාට සේවා ස්ථානයෙන් පිටතට නොයන ලෙසට විදුලි බලමණ්ඩල බළධාරින් උපදෙස් ලබා දී ඇති බව  වාර්තා වේ.

රටපුරා චීන ජාතිකයන් පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක්

රටපුරා චීන ජාතිකයන් පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක්

කොළඹ නගරයේ සහ තවත් ප්‍රදේශ ගණනාවක මහාපරිමාණ ව්‍යාපෘතිවල සේවය කරන චීන ජාතිකයින් පරීක්ෂා කිරීමේ සහ උපදෙස් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත. වෛද්‍යවරුන් , සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු කණ්ඩායම් එම ව්‍යාපෘති ස්ථානවලට ගොස් නව කොරෝනා වෛරස සම්බන්ධයෙන් දැනුම්වත් කරන අතර රෝග ලක්ෂණ සහිත චීන ජාතිකයින්  හමුවුව හොත් ඔවුන් ඉතා කඩිනමින් ප්‍රතිකාර සඳහා යොමුකරවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි….

කටුනායක බලධාරීන්ගෙන් මගීන්ට දැනුම්දීමක්

කටුනායක බලධාරීන්ගෙන් මගීන්ට දැනුම්දීමක්

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිලි තුළට ගුවන් මගීන් සමග පැමිණෙන බාහිර අමුත්තන් ඇතුළු කර ගැනීම නවතා දැමීමට අද (28) සිට තීරණය කර තිබෙනවා. අද දින උදෑසන 6.00 සිට නැවත දැනුම් දෙන තුරු මෙලෙස ගුවන් මගීන් සමග පැමිණෙන බාහිර අමුත්තන් ඇතුළු කර ගැනීම අත්හිටුවීමට ගුවන් තොටුපළ බලධාරීන් තීරණය කර තිබෙනවා.  

මොන්ගෝලියාව චීන දේශ සීමාව වසා දමයි

මොන්ගෝලියාව චීන දේශ සීමාව වසා දමයි

චීනය තුල පවතින අවධානම හමුවේ චීනයට මායිම්ව ඇති සිය දේශසීමාව වසා දැමීමට මොන්ගෝලියාව පියවර ගෙන ඇත. මේ අතර චීනයෙන් සිය රටට රථ වාහන ඇතුලු කිරීමට අවසර නොදෙන අතර දේශ සීමාව හරහා පදිකයින්ට ද චීනය දෙසින් සිය රටට ඇතුලු වීමට මොන්ගෝලියාව අවසර නොදෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

චීනයේ සිටි සිසුන් 60 ක් අද පස්වරුවේ දිවයිනට

චීනයේ සිටි සිසුන් 60 ක් අද පස්වරුවේ දිවයිනට

චීනයේ චෙන්ඩු නගරයේ වෙසෙන මෙරට සිසුන් 60 දෙනෙකුට ආසන්න පිරිසක් අද පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ. චෙන්ඩු නගරයේ රැඳි සිටින මෙරට සිසුන් 150 දෙනෙකු අතුරින් 60 දෙනෙකු එලෙස පැමිණෙන අතර, සෙසු පිරිස අනිද්දා පස්වරු 5.30 ට පැමිණීමට නියමිත යානයකින් මෙරටට ළඟා වීමට නියමිතයි චීනයේ චෙන්ඩුහි රැඳී සිටින ශ්‍රී ලාංකික සිසුන් පිරිස මෙරටට ගෙන්වා ගැනීම…

චීන අගමැති වූහාන් නගරයේ සංචාරයක

චීන අගමැති වූහාන් නගරයේ සංචාරයක

චීන අගමැති ලී ක්වැන්ග් මහතා  කොරෝනා වෛරස් රෝගය මුලින්ම වාර්තාවූ වූහාන් නගරයේ සංචාරයක නිරත විය. ඔහු රෝගීන් ප‍්‍රතිකාර ලබන රෝහලට ගොස් රෝගීන් හා සේවා සපයන වෛද්‍ය කාර්ය මණ්ඩලය හමුවිය.