ෆින්ලන්තයේ ජනගහනය ඉහළට

ෆින්ලන්තයේ ජනගහනය ඉහළට

පසුගිය වසරේදී ෆින්ලන්තයේ ජනගහනය 9,654 කින් 5,527,573 දක්වා ඉහළ ගොස් ඇති බව ෆින්ලන්ත සංඛ්‍යාලේඛන ය විසින් අනාවරණය කර තිබේ. ජනගහන වර්ධනයට හේතු වී ඇත්තේ සංක්‍රමණ බවත්  රටට සංක්‍රමණය වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 17,903 කින් ඉක්මවා ගිය අතර උපත් සංඛ්‍යාව මරණ සංඛ්‍යාව 7,962 ඉක්මවා ඇති බව ෆින්ලන්ත මාධ්‍ය පවසයි.අපේක්ෂිත සමස්ත අනුපාතය වාර්තාගත අවම මට්ටමින් 1.35 ක් විය….

රොබෝටෙක්ස් උළෙල ඇතන්ස්හි සෙරෆියෝ සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේදී

රොබෝටෙක්ස් උළෙල ඇතන්ස්හි සෙරෆියෝ සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේදී

යුරෝපයේ විශාලතම උත්සවය වන රොබෝ තාක්ෂණය වටා කැරකෙන රොබෝටෙක්ස් උළෙල 2020 අප්‍රේල් 4-5 දිනවල ඇතන්ස් හි ඇතන්ස්හි සෙරෆියෝ සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේදී පැවැත්වේ. මෙම වාර්ෂික උත්සවයේ කොටසක් ලෙස ලොව පුරා රටවල් 50 කට ආසන්න සංඛ්‍යාවක දස දහස් සංඛ්‍යාත අමුත්තන් ආකර්ෂණය කර ගනිමින් රොබෝ තාක්ෂණයට අදාළ රොබෝටික් තරඟ, කථා සහ සම්මන්ත්‍රණ පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය පවසයි. විවෘත රොබෝටික්…

law

ගිහාන් පිලපිටය අත්අඩංගුවට ගන්න වරෙන්තුවක් ගන්න යැයි නීතිපති සී.සී.ඩී.යට දන්වයි

වැඩ තහනමට ලක්කර සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයට පොලිසියේ පංච පුද්ගල කමිටුවක් පත් කර තිබේ. වැඩ බලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා විසින් මෙම එම විමර්ශනයේ උදෘත පිටපත් අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙකු ඇතුළු පංච පුද්ගල විශේෂ කමිටුවක් පත් කර තිබේ. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අධිකරණ…

train

දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලු සේවකයින්ට රක්ෂණාවරණයක්

දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලු සේවකයින්ට රක්ෂණාවරණයක් ලබාදීමට කටයුතු කරන බව දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සී.බී රත්නායක රාජ්‍ය අමාත්‍යවරයා කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් පැවසීය.

රන්ජන්ගේ හඬපට සභාගත කර නැහැ

රන්ජන්ගේ හඬපට සභාගත කර නැහැ

පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතාගේ හඩ පට සභාගත කර නැති බව කතානායක කරූ ජයසූරිය මහතා සදහන් කරයි. පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් රන්ජන් රාමනායක මහතා කියා සිටියේ අදාළ හඩපට සභාගත කරන බව කිව්වත් එවැනි සභාගත කිරිමක් සිදුව නැති බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත.

ගර්භනී කාන්තාවන්ට ඇමෙරිකාවට ඇතුළුවීම තහනම්

ගර්භනී කාන්තාවන්ට ඇමෙරිකාවට ඇතුළුවීම තහනම්

දරු ප්‍රසූතිය සදහා ගර්භනී කාන්තාවන් ඇමෙරිකාවට ඇතුළුවීම වැළැක්වීමට  ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කරයි. ඇමෙරිකාවේ උපත ලබන සෑම දරුවෙකුටම එරට පුරවැසිභාවය හිමි වීම හේතුකොට ගෙන  ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එය විවේචනය කරයි. වෛද්‍ය ප්‍රතිකාර සදහා ඇමෙරිකාවට ඇතුළුවන අය සදහා ද නීති දැඩිකර ඇති බවයි සදහන් වෙයි.

චීනයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

චීනයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

කොරෝනා වෛරසය හේතුවෙන් චීනයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කරයි. අභිරහස් වෛරසය හේතුවෙන්  චීනයේ පුද්ගලයින් 41 දෙනෙකු මියගොස් තිබෙනවා. පුද්ගලයින් 850 කට වෛරසය ආසාදනය වී ඇති බවයි විදෙස් පුවත් සේවා සදහන් කරයි. වෛරසය යුරෝපයටද පැතිර ගොස් ඇති බව සදහන් කරයි.

කැලණිමුල්ලේ වගුරු බිමක ගින්නක්

කැලණිමුල්ලේ වගුරු බිමක ගින්නක්

කැලණි ගංඉවුරේ සිට මීටර් 200 ක පමණ දුරින්, කැලණිමුල්ල ප්‍රදේශයේ විශාල වගුරු බිමක පිහිටි කසළ බැහැර කිරීමේ  ස්ථානයක ඊයේ රාත්‍රී ගින්න හටගෙන ඇත. වගුරු බීමක්වීම නිසා ගින්න මැඩපැවැත්වීම සඳහා එම ස්ථානයට ළඟාවීමේ බාධා මතුව ඇතිබව ප්‍රදේශවාසින් සදහන් කරයි. වසරක පමණ කාලයක සිට  කසළ බැහැර කරමින් එම වගුරු බිම ගොඩකිරීමේ ක්‍රියාවලියක් පවතින බව අනාවරණය වී තිබේ.

පිස්තෝලය සෙල්ලම්ද බලන්න මාස 10ක් ගිහින්- අහිංසක දෙදරු පියෙක් මාස 10ක් හිරේට

පිස්තෝලය සෙල්ලම්ද බලන්න මාස 10ක් ගිහින්- අහිංසක දෙදරු පියෙක් මාස 10ක් හිරේට

ප්‍රසාද් කුමාර මාස දහයක් රක්ෂිත බන්ධනාගාරයේ සිටියේ තමන් කළ වරදකට නොව ආණ්ඩුවේ කන්තෝරුවක අකාර්යක්ෂමතාවේ වරදකිනි. ප්‍රසාද් කුමාර සිටියේ හිඟුරක්ගොඩ පිංපාර, යටියල්පතාන දකුණ අංක 30/1හි නිවසේය. ඔහු තිස්එක් හැවිරිදි දෙදරු පියෙකි. ගිය අවුරුද්දේ පෙබරවාරි 12 දා අපේ ගෙදර පොඩි රණ්ඩුවක් වුණා. නෝනයි මායි බැණගත්තා. අපේ ගෙදරමයි නෝනගේ තාත්තාත් ඉන්නේ. ඉතින් එයා එදා ටිකක් බීලා හිටියෙත්. අපි…

ශ්‍රී ලංකාවට කඩුලු 10ක ජයක්

ශ්‍රී ලංකාවට කඩුලු 10ක ජයක්

සිම්බාබ්වේ කණ්ඩායම සමග හරාරේහිදී පැවැති පළමු ටෙස්ට් තරගය කඩුලු 10කින් ජය ගැනීමට සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ සමත් විය. මේ සමගින් තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමටද ශ්‍රී ලංකාවට හැකිවිය. සිම්බාබ්වේ හමුවේ මෙතෙක් ටෙස්ට් තරගයක් පරාජය වී නොමැති ශ්‍රී ලංකාව දෙරට අතර පැවැති ටෙස්ට් තරග 19කින් ලැබූ 14 වැනි ජයග්‍රහණය වශයෙන්…