එස් – 14 දුම්රියක දෝෂයක්

එස් – 14 දුම්රියක දෝෂයක්

කොළඹ සිට බදුල්ල බලා ධාවනය අත්හදා බැලීමේ පරීක්ෂණ චාරිකාවක් ගිය චීනයෙන් ආනයනය කළ එස් – 14 වර්ගයේ එන්ජින් දෙකේ බලවේග දුම්රිය එන්ජිමක වතුරු පොම්පයේ හටගත් හදිසි ජල කාන්දුවක් නිසා දුම්රිය ආපසු කොළඹ බලා ධාවනය කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. දුම්රිය පොල්ගහවෙල දක්වා ගමන් කරමින් සිටියදී ජල කාන්දුව හටගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි….

ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් දින වෙන්කරවා ගැනීම online ක්‍රමයට

ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් දින වෙන්කරවා ගැනීම online ක්‍රමයට

අද (22) සෙත්සිරිපාය ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශයේ ප්‍රවාහණ සේවා කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් වෛද්‍ය සහතික ලබා ගැනීමේ දී ඊට අවශ්‍ය දින වෙන් කරවා ගැනීමට ඔන්ලයින් ක්‍රමයට පහසුකම් සපයන නව යෙදවුමක් හඳුන්වා දිමට කටයුතු යොදා ඇත. මෙම යෙදවුම සතියේ සිකුරාදා තෙක් පරීක්ෂණ මට්ටමින් පවත්වාගෙන යන අතර ලබන සඳුදා සිට මහජනතාවට එම යෙදවුම…

borinjonson

බ්‍රිතාන්‍ය අගමැතිගෙන් හැරි – මේගන්ට සුබ පැතුම් එක්කරයි

බ්‍රිතාන්‍ය රජ පවුලෙන් ඉවත්ව යන හැරී කුමරුන්ට සහ මේගන් ට සුබ පැතුම් එක් කරන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පැවැසීය. “මං හිතනවා මුළු රටම ඔවුන් දෙපළගේ අනාගතයට සුබ පැතුම් එක් කරනවා කියලා. මුළු රටටම ඔවුන් දෙදෙනාට සුබ පැතුම් එක් කරන්න එකතු වෙන්න ඕනෑ යැයි මං විශ්වාස කරනවා” යැයි ද හෙතෙම කීය. “මං කලින් කිව්වා වගේ…

රන්ජන්ගෙන් අද විශේෂ ප්‍රකාශයක්

රන්ජන්ගෙන් අද විශේෂ ප්‍රකාශයක්

රන්ජන් රාමනායක මහතා අද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සදහන් කරයි. රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි කරවීමට බන්ධනාගාර නිලධාරින් විසින් විශේෂ ආරක්‍ෂක රැකවල් යටතේ පාර්ලිමේන්තුවට රැගෙන එනු ලැබීමට නියමිතය.  

චන්දන ලියනආරච්චිගේ  “මා මේඛලා” එළිදක්වයි

චන්දන ලියනආරච්චිගේ “මා මේඛලා” එළිදක්වයි

ප‍්‍රවීන ගායන ශිල්පී චන්දන ලියනආරච්චිගේ අලුත්ම ගීතය වන “මා මේඛලා” එළිදක්වා තිබෙනවා. මෙහි සංගීතය සපයා තිබෙන්නේ ජේ.ආර් රස්නායක විසින්. එමෙන්ම මෙම ගීතයේ ගී තනු නිර්මාණය සිදුකර තිබෙන්නේ ෂෙහාන් ගලහිටියාව විසිනුයි.

parliament-of-sri-lanka Mesothelioma attorney specialized Best-structured settlement annuity companies Purchase structured settlements Offshore accident lawyer premium

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ පළමු රැස්වීම පස්වරුවේ

කථානායක කරූ ජයසූරිය මහතාගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ පළමු රැස්වීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. තේරීම් කාරක සභාව සාමාජිකයන් 17 දෙනෙකුගෙන් එය සමන්විතයි. චමල් රාජපක්ෂ, නිමල් සිරිපාල ද සිල්වා, දිනේෂ් ගුණවර්ධන ඇතුලු අමාත්‍යවරුන් හා විජිත හේරත්, පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන්, නිරෝෂන් පෙරේරා ඇතුලු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගෙන් තේරීම් කාරක සභාව සමන්විත වේ.

අභිරහස් වෛරසය දකුණු කොරියාවට, ජපානයට සහ තායිලන්තයට පැතිර යයි

අභිරහස් වෛරසය දකුණු කොරියාවට, ජපානයට සහ තායිලන්තයට පැතිර යයි

චීනයේ පැතිර යන අභිරහස් වෛරසය දකුණු කොරියාවට, ජපානයට සහ තායිලන්තයට පැතිර ගොස් ඇති බව විදෙස් පුවත් සේවා සදහන් කරයි. චීනයේ මේ වන විට වෛරසය ආසාධනය වී ඇති පුද්ගලයින්ගේ සංඛ්‍යාව 200 දෙනෙකු බවයි චීන වාර්තා සඳහන් කරන්නේ. අභිරහස් මේ වන තෙක් වෛරසය කෙසේ පැතිරෙන්නේ ද යන්න පිලිබඳ තවමත් සොයා ගැනීමට නොහැකි බවයි චීන සෞඛ්‍ය බලධාරීන් පවසයි….

එලිසබෙත් රැජිනගේ මුණුබුරු රජ පවුලෙන් ඉවත්ව යාම සම්බන්ධයෙන් කනගාටුව පළකරයි

එලිසබෙත් රැජිනගේ මුණුබුරු රජ පවුලෙන් ඉවත්ව යාම සම්බන්ධයෙන් කනගාටුව පළකරයි

රාජකීය තනතුරු අත්හැර රජ පවුලෙන් ඉවත්ව යාම සම්බන්ධයෙන් එලිසබෙත් මහරැජිනගේ මුණුබුරු හැරී සිය බලවත් කනගාටුව පළකර ඇත. මේගන් සහ ආචි පුතු සමඟ ගෙවන නිදහස් දිවියක් වෙනුවෙන් රාජකීය තනතුරු අත්හැරීමට සිදුවන බවත් වෙන විකල්පයක් නොවූ බවටත් හැරී සඳහන් කර ඇත. මෙම තීරණය නිසා බ්‍රිතාන්‍ය රජ පවුල දැඩි කම්පනයකට ලක්වීම බලවත් කනගාටුවක් යැයි ද ඔහු කීය. හැරී…

කේබල් කාර් ප්‍රවාහන සේවාවක්

කේබල් කාර් ප්‍රවාහන සේවාවක්

සයිට් හැඟින්ග් කාර් සිස්ටම් හෙවත් කේබල් කාර් සේවාවක් ඇරඹීමට චයිනා රේල්වේ ගෘප් ලිමිටඩ් ආයතනය අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත යෝජනාවක් ඉදිරිපත් කර ඇත. නවමු අත්දැකීමක් එක්කරමින් පරිසර දූෂණයෙන් තොර කේබල් කාර් ප්‍රවාහන සේවාවක් ඇරඹීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ. විදුලිබලයෙන් ක්‍රියාත්මක වන මෙම රථයක එකවර මගින් 11 දෙනෙකුට පමණ ගමන් කළ හැකියි. මෙහි ආරම්භක ව්‍යාපෘතිය…

sajith

එජාප ආසන සංවිධායකවරු අද කොළඹට

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන හමුවක් සඳහා එක්සත් ජාතික පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන්  අද කොළඹට පැමිණීමට නියමිතයි. මහමැතිවරණය සඳහා පක්ෂයේ සූදානම ඇතුළු කරුණු පිළිබඳව අද සවස 3.00ට පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කෙරෙනු ඇති.