හැරී කුමරුගේ තීරණයට මේගන්ගේ පියාගේ අප්‍රසාදය

හැරී කුමරුගේ තීරණයට මේගන්ගේ පියාගේ අප්‍රසාදය

බ්‍රිතාන්‍ය රජ පවුලේ රාජකීය ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉවත් වීමට හැරී කුමරු සහ සිය දියණිය ගත් තීරණය සම්බන්ධයෙන් මේගන් මාකල්ගේ පියාවන තෝමස් මාකල් අප්‍රසාදය පළ කර ඇති බව බ්‍රිතාන්‍යයේ ප්‍රවෘත්ති නාළිකාවක් සමඟ පැවති වැඩසටහනකට එක්වෙමින් පවසා තිබේ. ඔහු ප්‍රකාශ කර ඇත්තේ අදාළ තීරණයෙන් සිය දියණිය බ්‍රිතාන්‍ය රජ පවුල අවතක්සේරුවට ලක් කර ඇති බවටයි. මේගන් මාකල්ගේ පියා සඳහන් කර…

සාර්ස් රෝගයට සමාන චීනයේ අබිරහස් වෛරසයට ගොදුරු වු පිරිස ඉහළට

සාර්ස් රෝගයට සමාන චීනයේ අබිරහස් වෛරසයට ගොදුරු වු පිරිස ඉහළට

චීනයේ වුහෑන් ප්‍රදේශයේ ව්‍යාප්ත වන හඳුනා නොගත් වෛරස්රෝගී තත්ත්වය වැළඳුනු රෝගින් 62 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් 08 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.  2002  චීනය සහ හොංකොංහි පුද්ගලයින් 650කට ආසන්න පිරිසකට මරු කැඳවු සාර්ස් රෝගි තත්ත්වයට සමාන බව ද වාර්තා වේ.

සුරතලුන් වෙනුවෙන් දේව මෙහෙයක්

සුරතලුන් වෙනුවෙන් දේව මෙහෙයක්

සුරතල් සත්ත්වයින් වෙනුවෙන් ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවර දේවස්ථානයක  වාර්ෂිකව සංවිධානය වන විශේෂ දේව මෙහෙය මෙවරද පැවැත්වුණි. සුරතල් සතුන්ට ආශීර්වාද කිරීම පිණිස එය පැවැත්වෙන බව සඳහන් වේ. ශුද්ධ වූ ජලයෙන්  සෑම සුරතලෙකුටම ආශීර්වාද එක් කිරීමට දේවස්ථානයේ පූජකවරයා කටයුතු කරයි. මෙලෙස ආශීර්වාද කිරිම සිය සුරතලුන්ට ආරක්ෂිත සහ සෞඛ්‍යය සම්පන්න දිවියක් උරුම වන බව ස්පාඤ්ඤ වැසියන් විශ්වාසය කරයි.  

හූති කැරලිකරුවන්ගේ ප්‍රහාරයකින් හමුදා සෙබළුන් 60 දෙනෙකු මරුට

හූති කැරලිකරුවන්ගේ ප්‍රහාරයකින් හමුදා සෙබළුන් 60 දෙනෙකු මරුට

බැලිස්ටික් මිසයිල සහ ඩ්‍රෝන යොදා ගනිමින් හූති කැරලිකරුවන්  යේමනයේ හමුදා පුහුණු කඳවුරකට එල්ල කල ත්‍රස්ත ප්‍රහාරයකින් හමුදා සෙබළුන් 60 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ප්‍රහාරයෙන් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි සෞදියේ රාජ්‍ය රූපවාහිනී නාලිකා ප්‍රකාශ කරයි.  

හැරී – මේගන් රාජකීය නම්බුනාම අත්හරී

හැරී – මේගන් රාජකීය නම්බුනාම අත්හරී

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් කුමරිය සිය රාජකීය නම්බුනාම සහ නිලතල නිල වශයෙන් අතහැර ඇති බව ප්‍රකාශයක් නිකුත් කරමින් බකිංහැම් මාළිඟය කියා සිටියි. ඔවුන් දෙදෙනා තවදුරටත් රජ පවුලේ ක්‍රියාකාරී සාමාජිකයින් නොවන බැවින් එම තීරණය ගෙන ඇති බව සදහන් වෙයි . හැරී , මේගන් සහ ආචී කුමරු සැමදා සිය පවුලේ ආදරණීය සාමාජිකයන් වනු ඇතැයි බ්‍රිතාන්‍ය දෙවන…

සෙල්ල කතරගම ගැටුමෙන් පුද්ගලයින් 34 ක් අත්අඩංගුවට

සෙල්ල කතරගම ගැටුමෙන් පුද්ගලයින් 34 ක් අත්අඩංගුවට

සෙල්ල කතරගම ප්‍රදේශයේදී  දෙපිරිසක් අතර සිදුවූ ගැටුමක් හේතුවෙන් පුද්ගලයින් 34 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත්ව ඇත්තේ හබරණ සහ පාදුක්ක ප්‍රදේශවල සිට කතරගම වන්දනාවේ පැමිණි පිරිසකි. ගැටුමක් හේතු වී ඇත්තේ බීමත්ව මැණික් ගඟේ නිරුවතින් දිය නාමින් සිටියදී ඊට විරුද්ධ වූ  පිරිසක් සමග ඇතිවූ බහින්බස් වීමක් දුරදිගයාමෙන්  ගැටුම හටගෙන ඇති බවයි.

බන්ධනාගාර නීතියට අනුව හැසිරෙන්න

බන්ධනාගාර නීතියට අනුව හැසිරෙන්න

බන්ධනාගාර නීතියට අනුව හැසිරිය යුතු බව රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායකට බන්ධනාගාර නිලධාරී විසින් දැනුම් දී තිබේ. ඒ තමන්ට මෙට්ටයක් ලබාදෙන ලෙසට බන්ධනාගාර නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබුණා.එය සැලකිල්ලට ගනිමින් බන්ධනාගාර නිලධාරීන් ඔහුට දැනුම් දී ඇත්තේ බන්ධනාගාර නීතියට අනුව කටයුතු කරන ලෙසටයි.

හඬපටයක් ප්‍රසිද්ධ වීමෙන් අගමැති ඉල්ලා අස්වෙයි

හඬපටයක් ප්‍රසිද්ධ වීමෙන් අගමැති ඉල්ලා අස්වෙයි

යුක්රේන ජනාධිපතිවරයා විචේචනය කරමින් හඬපටයක් ප්‍රසිද්ධියට පත්වීමත් සමඟ යුක්රේන අග්‍රාමාත්‍ය ඔලෙක්සි හොන්චාරුක් සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ජනාධිපතිවරයා කෙරෙහි ඇති අවංකභාවය හා සැකය දුරු කිරිම සඳහා තමා අස්වීමට තීරණය කළ බවයි. මා විසින් සිදුකළ ප්‍රකාශයක් කූට අයුරින් සංස්කරණය කර රහසිගතව මුදා හැර ඇති බවත් එහි සඳහන් කර ඇත.  

chinaamerica

චීනය – ඇමෙරිකාව වෙළඳ ගිවිසුමක්

චීනය සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර වෙළෙඳ ගිවිසුමේ පළමු අදියරට ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන උපඅගමැති ලියූ හී යන මහත්වරු ධවල මන්දිරයේදී අත්සන් තබන ලදි. චීනය විසින්  ඇමෙරිකානු ගොවිපළ නිෂ්පාදන සහ අනෙකුත් භාණ්ඩ ඇතුළු සේවා මිලදී ගැනීම ඉහළ නැංවීම මේ යටතේ සිදුවන බව අමෙරිකාව සදහන් කරයි.

ඩ්‍රෝන තහනම ඉවතට

ඩ්‍රෝන තහනම ඉවතට

පාස්කු ඉරිදා සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් පසු ක්‍රියාත්මක කර තිබූ ඩ්‍රෝන යානා තහනම ඉවත් කිරීමට තීරණය කළ බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සදහන් කරයි. සාමාන්‍ය සිවිල් ගුවන් සේවා රෙගුලාසිවලට අනුකූලව ඩ්‍රෝන යානා ගුවන් ගත කළ හැකි බව එම අධිකාරිය පවසයි.