unp

එ.ජා.ප පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් අද පැවැත්වේ

අද පස්වරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් පැවැත්වෙන බව පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කරයි. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම ඇතුළු, පක්ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමේ අරමුණින්.

ලංකා හොස්පිටල්ස් සභාපති ධූරයට වෛද්‍ය බන්දුල විජේසිරිවර්ධන

ලංකා හොස්පිටල්ස් සභාපති ධූරයට වෛද්‍ය බන්දුල විජේසිරිවර්ධන

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත රෝහල් සමාගමක් වන ලංකා හොස්පිටල්ස් කෝපරේෂන් පීඑල්සී හි නව සභාපතිවරයා වශයෙන් විද්‍යා ජෝති වෛද්‍ය බන්දුල චන්ද්‍රනාත් විජේසිරිවර්ධන මහතා පත් කර තිබේ. කොළ විශ්වවිද්‍යාල, වෛද්‍ය පීඨයේ සහ වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ උපාධිධරයෙකු වන ඒ මහතා, මාතර රාහුල විද්‍යාලයෙන් සහ කොළඹ ආනන්ද විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ඇත. මෙම පත්වීම 2019 දෙසැම්බර් 27…

අඩු ආදායම් ලාභීන්ට රැකියා ලබාදිමේ වැඩසටහනේ සැලුසුම් අවසන් අදියරට

අඩු ආදායම් ලාභීන්ට රැකියා ලබාදිමේ වැඩසටහනේ සැලුසුම් අවසන් අදියරට

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් බහුකාර්ය සංවර්ධන කාර්ය සාධන බලකාය සඳහා අඩුදායම්ලාභී සහ නිපුණතාවයක් රහිත අය වෙනුවෙන් රැකියා ලක්ෂයක් ලබාදිමේ වැඩසටහනේ සැලුසුම් මේ වන විට අවසන් අදියරේ පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. ජනවාරි 20 වන දිනට පෙර අදාළ බඳවා ගැනිමේ ක්‍රමවේදය සහ ඒ සඳහා වූ අයදුම්පත් ප්‍රසිද්ධ කිරීමට නියමිතය. ඉතාමත් දිළිඳු මට්ටමින් පසුවන…

2025 වන විට සංචාරක කර්මාන්තයෙන් ඇ.ඩො. මිලියන 10 ඉලක්කයක්

2025 වන විට සංචාරක කර්මාන්තයෙන් ඇ.ඩො. මිලියන 10 ඉලක්කයක්

2025 වන විට ඇ.ඩො. මිලියන 10 ඉක්මාව ගිය ආදායමක් ඉපැයීම මෙහි අරමුණු කර ගනිමින් සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා ඉලක්කගත වැඩපිළිවෙළක් සැලසුම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ. වේගවත් ආර්ථික වර්ධනයක් වෙනුවෙන් දායකකරගත හැකි ප්‍රධාන ක්ෂේත්‍රය ලෙස සංචාරක කර්මාන්තය යොදාගත යුතු බව සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ නිලධාරීන් සමග ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී…

චීනයෙන් ගෙන ආ බලවේග කට්ටල දුම්රිය අද පරීක්ෂණ චාරිකාවක

චීනයෙන් ගෙන ආ බලවේග කට්ටල දුම්රිය අද පරීක්ෂණ චාරිකාවක

චීනයෙන් ආනයනය කළ S-14 වර්ගයේ එන්ජින් දෙකේ බලවේග දුම්රියක්, ධාවනය අත්හදා බැලීමේ පරීක්ෂණ චාරිකාවක් සඳහා අද (16) මරදාන දුම්රිය ස්ථානයේ සිට මහනුවර දක්වා ධාවනය කරනු ලබයි. මෙම පරීක්ෂණය චාරිකාවෙන් අනතුරුව මෙම බලවේග දුම්රිය ලබන සතියේ කොළඹ සිට බදුල්ල දක්වා තවත් පරීක්ෂණ චාරිකාවක යොදවා පසුව කොළඹ – බදුල්ල අතර ධාවනය කෙරෙන ‘දෙනුවර මැණීකේ’ දුම්රිය සඳහා යොදවන…

china china news today taiwan china news today live china news today rain india china news today china news today flood china world news china news today earthquake china news australia

ජනපති දෙවැනි නිල සංචාරය චීනයේ

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව සිදුකරනු ලබන දෙවැනි නිල සංචාරය චීනයේ නිරතවීමට නියමිතය. චීනයේ සංචාරයක නිරතවන ලෙසට එරට විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා ජනාධිපතිට ආරධනා කරනු ලැබීය. තාක්‍ෂණය,සංචාරක කර්මාන්තය, යටිතල පහසුකම් හා අනෙකුත් ක්‍ෂේත‍්‍රයන්ට නියෝජිතයන් සමඟ ජනාධිපතිවරයා එහිදී සාකච්ඡා කිරීමට නියමිතය.

රන්ජන් 29 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරයි

රන්ජන් 29 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරයි

අද පස්වරුවේ, නුගේගොඩ මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ලබන 29 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. රංජන් රාමනායක මහතාගේ දුරකතන සංවාද සහිත හඬපටවලින් අධිකරණ ක්‍රියාවලිය විශාල කඩා වැටීමකට ලක්ව ඇති බැවින්, ඔහු අත්අඩංගුවට ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස දිලීප පිරිස් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111…

රුසියානු ආණ්ඩුව අහවරයි

රුසියානු ආණ්ඩුව අහවරයි

ජනාධිපති  පුටීන්ට එරට ව්‍යවස්ථාවට අවශ්‍ය වෙනස්කම් සිදු කිරීමට ඉඩ සැලසීම නිසා තම රජය ඉල්ලා අස්වන බව රුසියානු අග්‍රාමාත්‍ය සදහන් කරයි. රුසියානු ජනාධිපතිවරයා ද අග්‍රාමාත්‍යවරයාට සිය ස්තුතිය පළ කර ඇති බව විදෙස් පුවත් සඳහන් කරයි.

government information center

තේරීම් කාරක සභාව පත් කිරීමට නාම යෝජනා කැදවයි

අට වැනි පාර්ලිමේනතුවේ සිව්වැනි සැසිවාරයට අදාළ “තේරිම් කාරක සභාව’’ පත්කිරීම සදහා  නාම යෝජනා කැදවීමට  අද රැස්වු  පාර්ලිමේන්තුවේ පක්ෂ නායක හා දේශපාලන පක්ෂ නියෝජිත  රැස්වීමේදී තීරණය විය. මේ අනුව පක්ෂ විපක්ෂ නියෝජිතයන්ට අදාළ නාම යෝජනා ලබන බ්‍රහස්පතින්දා (16) ප.ව 3.00ට පෙර පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයට ලබා දෙන ලෙස කථානායකවරයා දැනුම් දී තිබේ. ඊට අදාළ යෝජනාව ලබන 21 වැනිදා…

සෞදියේ සැකකරුවන්ට මහජන පැමිණිලි ඒ්කකයක්

සෞදියේ සැකකරුවන්ට මහජන පැමිණිලි ඒ්කකයක්

නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රැඳවියන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන අවස්ථාවකදී පුරවැසියන්ට සහ නිවැසියන්ට පැමිණිලි ඉදිරිපත් කිරීමට විද්යුත්  මහජන පැමිණිලි සේවාවක් සෞදි ආරාබිය විසින් ආරම්භ කර තිබේ. බන්ධනාගාර අධීක්ෂණය සහ දඩුවම් බලාත්මක කිරීම පිළිබඳ දෙපාර්තමේන්තුවේ සහකාර උප ලේකම් ෂෙයික් අබ්දුල්ලා බින් නසාර් අල්-මුක්බෙල් පැවසුවේ නව සේවාව මගින් බන්ධනාගාර අධීක්ෂණය, යුක්තිය සහතික කිරීම සහ පුරවැසියන්ගේ අයිතිවාසිකම්…