death

සර්බයිජානයේ දී ලාංකික සිසුවියන් තිදෙනෙකු මරුට

අසර්බයිජාන් බාකුහි වෙස්ටන් කැස්පියන් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ ශ්‍රී ලාංකික සිසුවියන් තිදෙනෙකු එරට මහල් නිවසක හටගත් ගින්නකින් මිය ගොස් තිබේ. විදුලි කාන්දුවකින් එම ගින්න හටගෙන අති බවත් එරට පොලීසිය හා ගිනි නිවීම් අංශ එක්ව වැඩිදුර විමර්ශන සිදු කෙරෙන බව ද විදෙස් වාර්තාවල සඳහන් විය. සිදුවීම සම්බන්ධයෙන් ඉරානයේ ටෙහෙරාන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ඒ…

කොළඹ සරසවියේ නවකවදය ගැටුම ගැන පරීක්ෂණයක්

කොළඹ සරසවියේ නවකවදය ගැටුම ගැන පරීක්ෂණයක්

කොළඹ සරසවියේ  ආපනශාලාවකදී ඇති වූ ගැටුම පිළිබඳව පාලනාධිකාරිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ආපනශාලාවක් තුළදී නවකවදය සිදුවීමක් මුල්කර ගනිමින් ඇති වූ ගැටුමකින් තුවාල ලැබු සිසුවෙකු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි. ඒ සම්බන්ධයෙන් සැකපිට කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් 12 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

හැරී මේගන් රාජකීයත්වයෙන් ඉවත්වීමට තිරණය කරයි

හැරී මේගන් රාජකීයත්වයෙන් ඉවත්වීමට තිරණය කරයි

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ ඔහුගේ බිරිඳ මේගන් රජ පවුලේ භූමිකාවෙන් ඉවත්ව නිදහසේ වාසය කිරීමට තීරණය කර ඇති බව ප්‍රකාශ කරිමත් සමග  හැරී කුමරුගේ මිත්තනිය වන එලිසබත් රැජිණ පුදුමයට පත්වී ඇතැයි ද විදෙස් වාර්තා සදහන් කරයි. මිත්තණිය, පියා සහ සොහොයුරා සමඟ සාකච්ඡා කිරීමෙන් පසු මෙම පියවර සම්බන්ධ සවිස්තරාත්මක තොරතුරු මාධ්‍යයට ලබාදෙන බව හැරීකුමරු පවසයි.

poya

දුරුතු පෝය අදයි

දුරුතු පෝය යනු වසරේ ආරම්භක පෝය යි. එහි ඓතිහාසික වැදගත්කම් කිහිපයකි. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවීම උරුවෙල් දනව්වේ දී තුන්බෑ ජටිලයන් දමනය කිරීම ලොව්තුරු තථාගත අමාමෑණී බුදුපියාණන් වහන්සේ ලක්දිවට තෙවරක් ම වැඩම කළ සේක. බුදුපා පියුම් පහස ලත් මහියංගණය, නාගදීපය , කැලණිය ඒ අතර වෙති. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමන මහියංගණය හා බැඳී පවතී. උන්වහන්සේ සම්බෝධියට…

නව වසරේ පළමු චන්ද්‍ර ග්‍රහණය අදයි

නව වසරේ පළමු චන්ද්‍ර ග්‍රහණය අදයි

නව වසරේ පළමු චන්ද්‍ර ග්‍රහණය මෙරට වැසියන්ට අද රාත්‍රි දර්ශනය වීමට නියමිතයි. අද රාත්‍රී 10. 38 සිට හෙට අලුයම 1. 42 දක්වා එය දිස්වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා පීඨයේ මහාචාර්ය, තාරකා විද්‍යාඥ චන්දන ජයරත්න මහතා සඳහන් කරයි. මෙම වසර තුළ එවැනි චන්ද්‍රග්‍රහණ 4 ක් සහ සූර්යග්‍රහණ දෙකක් සිදු වීමට නියමිත බවද සදහන් කරයි.

ඕස්ට්‍රේලියා සංචාර ගැන ඒක්සත් ජනපදය අනතුරු හඟවයි

ඕස්ට්‍රේලියා සංචාර ගැන ඒක්සත් ජනපදය අනතුරු හඟවයි

එක්සත් ජනපදය තම පුරවැසියන්ට ඕස්ට්‍රේලියාවට යන විට වැඩි අවධානයක් යොමු කරන ලෙස අනතුරු අඟවා තිබේ. එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ඕස්ට්‍රේලියාව සඳහා වන සංචාරක උපදේශනය “දෙවන මට්ටම” දක්වා ඉහළ නංවා ඇති අතර “වැඩි ප්‍රවේශම් වන්න” යනුවෙන් අමුත්තන්ගෙන් ඉල්ලා සිටියි. “ස්වාභාවික විපත් වල අන්තරාය පහව යන තුරුම සංචාරකයින් තම බලපෑමට ලක් වූ ප්‍රදේශවලට ගමන් කිරිම කල් තැබීම…

පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගම දසවන සංවත්සරය අභිමානවත්ව සමරයි

පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගම දසවන සංවත්සරය අභිමානවත්ව සමරයි

ශ්‍රී ලාංකීය රක්ෂණ ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සිය දසවන සංවත්සරය අභිමානවත්ව සමරමින් පීපල්ස් ඉන්ෂුවරන්ස් රක්ෂණ සමාගම විසින් ‘පීපල්ස් ගාඩියන්ස්’ නමින් නව පුද්ගල හදිසි අනතුරු සහ රෝහල් හා සැත්කම් ගාස්තු රක්ෂණ යෝජනා ක්‍රමයක් ආරම්භ කළේය. ශ්‍රී ලංකාවේ ජනතාවට පහසුවෙන් රක්ෂණ හිමිකමක් ලබාදීමේ අරමුණින් නව යෝජනා ක්‍රමය ආරම්භ කළ බව පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී…

ජනපති හදිසියේ කොළඹ ජාතික රෝහලට

ජනපති හදිසියේ කොළඹ ජාතික රෝහලට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට කොළඹ ජාතික රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරතව සිටින බව වාර්තා වෙයි. එහිදී ජනාධිපතිවරයා බාහිර රෝගී අංශය වෙත ගොස් එහි කාර්ය මණ්ඩලය හා රෝගීන් සමඟ සාකච්ඡාවක නිරතව ඇත. එහිදී රෝගීන් කොළඹ ජාතික රෝහල වෙත පැමිණ ඇති ප්‍රදේශ විමසා ඇති අතර දුර බැහැර සිටි පැමිණි රෝගීන් එසේ පැමිණීමට හේතු විමසා…

මහා භාණ්ඩාගාරයේ දෙපාර්තමේන්තුවලට නව ආයතන ප්‍රධානීන්

මහා භාණ්ඩාගාරයේ දෙපාර්තමේන්තුවලට නව ආයතන ප්‍රධානීන්

මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිර්දේශය මත අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද එම පත්කිරීම්වලට අදාළ ආයතන ප්‍රධානීන්  මුදල් අමාත්‍යාංශයේදී එම ධූරවල වැඩ භාරගෙන ඇත. මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් තනතුරු 02 හා ආයතනවල ප්‍රධානීන් වශයෙන් පහත නිලධාරීන් පත්කරනු ලැබ ඇත. 1. දැනට රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ලෙස…

අවම විවාහ වයස 18 කිරීම සඳහා පාර්ලිමේන්තුවට කෙටුම්පතක්

අවම විවාහ වයස 18 කිරීම සඳහා පාර්ලිමේන්තුවට කෙටුම්පතක්

ශ්‍රී ලංකාවේ විවාහවීමේ අවම වයස 18 ක් බවට පත් කිරීම සඳහා පනත් කෙටුම්පතක් කෑගලු දිස්ත්‍රික්කයේ එජාප මන්ත්‍රීනී වෛද්‍ය තුසිතා විජේමාන්න මහත්මිය පාර්ලිමේන්තුවට  ඉදිරිපත් කළාය. පනත් කෙටුම්පත ඉදිරි දිනකදී විවාදයට ගැනීමට නියමිතය. ‘‘මෙරට ළමයින් අඩු වයසින් විවහ වීම වළක්වාලීමේ අරමුණින් සියලු ජනකොටස් සඳහා විවහ වීමේ කෙටුම්පතක් අවුරුදු 18 ක් බවට පත් කිරීම සඳහා වන පෞද්ගලික මන්ත්‍රීවරයෙකුගේ…