ඕස්ට්‍රේලියානු රජය විසින් වැඩියෙන් වතුර බොනවැයි ඔටුවන් 10,000 ක් මරයි

ඕස්ට්‍රේලියානු රජය විසින් වැඩියෙන් වතුර බොනවැයි ඔටුවන් 10,000 ක් මරයි

වැඩියෙන් ජලය පානය කිරීමේ වරදට, ඕස්ට්‍රේලියාවේ වියළි ශුෂ්ක ප්‍රදේශවල නිදැල්ලේ ජීවත් වන ඔටුවන් 10,000 ක් මරා දැමීමට ඕස්ට්‍රේලියානු රජය තීරණය කළේය. ඔටුවන් මරා දැමීමේ පස් දින වැඩසටහනක් ආරම්භවුණු අතර, ඒ සඳහා හෙලිකොප්ටර් යානා යෙදවිණි. ඔටුවන් මරා දැමීමට ඕස්ට්‍රේලියා රජය තීරණය කළේ ‘කැන්යිප්’ ඇබොරිජින්ල් ප්‍රජාව කළ ඉල්ලීමකට අනුව බවද සදහන්ය.  

රංජන්ගේ හඬපට පොලිසියෙන් පිට ගියේ නැහැ- පොලිසිය කියයි

රංජන්ගේ හඬපට පොලිසියෙන් පිට ගියේ නැහැ- පොලිසිය කියයි

රංජන් රාමනායක මහතා සම්බන්ධයෙන් පුද්ගලයින් සහ සමාජ ජාල ඔස්සේ සංසරණය වන දුරකථන සංවාද ඇතුළත් හඞ පට සමාජ ගතවීම සම්බන්ධ වගකීම ඒවා සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින්ට පැවරෙන බව පොලිස් මූලස්ථානය පවසයි. ඒමෙන්ම මේ හඩපට පොලීසිය විසින් මුදාහැර ඇති බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ද පොලිස් මුලස්ථානය පවසයි. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය මේ බව…

වසර අවසානයේ සිදුකෙරෙන ස්ථාන මාරු නිසා පාසල් වසා දැමීමට සිදුවන බව ගුරුවරුන් අනාවරණය කරයි

වසර අවසානයේ සිදුකෙරෙන ස්ථාන මාරු නිසා පාසල් වසා දැමීමට සිදුවන බව ගුරුවරුන් අනාවරණය කරයි

වසර අවසානයේ සිදුකෙරෙන ස්ථාන මාරු ක්‍රියාවලිය සමග කැබිතිගොල්ලෑව අධ්‍යාපන කොට්ඨාශයේ ගුරුවරුන් එකිසිය අසූවකට ආසන්න පිරිසක් කලාපයෙන් හා පළාතෙන් පිට ස්ථානමාරු සදහා සුදුසුකම් ලබා ඇතත් එම පිරිසගේ හිඩැස් පිරවිම සදහා ඇත්තේ එක් අනුප්‍රප්තිකයෙකු පමණක් බවත් අනුප්‍රාප්තිකයන් නොමැතිව ගුරුවර ගුරුවරියන් ස්ථානමාරු ලබාගිය හොත් අඩුම තරමේ පාසල් හතරක්වත් වසා දැමීමට සිදුවන බව එම කලාපයේ ගුරුවරුන් පිරිසක් අනාවරණය කලහ….

රංජන්ගේ දුරකථන සංවාද ගැන විමර්ශන ඇරඹේ

රංජන්ගේ දුරකථන සංවාද ගැන විමර්ශන ඇරඹේ

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ ජංගම දුරකතන හඬපට සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විමර්ශන ආරම්භ කර තිබේ. ඒ් අනුව  කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අද සිදුකළ ඉල්ලීමක් සලකා බැලූ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ විදේශ ගමන්  වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. හිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතා ගේ…

යුක්රේන ගුවන් යානයක් ඉරානයට කඩා වැටෙයි

යුක්රේන ගුවන් යානයක් ඉරානයට කඩා වැටෙයි

මගීන් හා කාර්ය මණ්ඩල සාමාජිකයන් 170 දෙනෙක් රැගත් යුක්‍රේනයට අයත් මගී ප්‍රවාහන ගුවන්යානාවක් ඉරානයේ ටෙහෙරාන් ගුවන්තොටුපොළ සමීපයේදී අනතුරට පත්ව තිබේ. අනතුරට පත්වන අවස්ථාවේදී බෝයිං 737-800 වර්ගයට අයත් යානාව ටෙහෙරාන් නුවර ඉමාම් කමෙයිනි ගුවන්තොටුපොළේ සිට පෙරවරු 6.12 ට  යුක්‍රේනයේ කිව් ගුවන්තොටුපොළ බලා පියාසර කරමින් පැවැතියේය. යානාව ගුවන්ගත කිරීමෙන් මිනිත්තු කිහිපයකට පසුව එය රේඩාර් තිරයෙන් මැකීගොස් ඇති…

ඉන්දියාවට කඩුලු 7ක ජයක්

ඉන්දියාවට කඩුලු 7ක ජයක්

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග ඊයේ ඉන්දෝර්හිදී පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන් කඩුලු 7ක ජයක් අත්කර ගැනීමට සත්කාරක ඉන්දියානු කණ්ඩායම සමත් විය. තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පිල කඩුලු 9ක් දැවී රැස්කළ ලකුණු 142ක හඹාගිය ඉන්දියාව පන්දු 15ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියේ කඩුලු 3ක් පමණක් අහිමිකර ගනිමිනි. දෙපිල අතර තරගාවලියේ තෙවැනි සහ…

මහනුවර හා කොළඹ වායුගෝලය වෙනස් වෙයි

මහනුවර හා කොළඹ වායුගෝලය වෙනස් වෙයි

මහනුවර හා කොළඹ ඇතුළු නගරවල වායුගෝලයේ මයික්‍රෝ ස්කේල් ප්ලාස්ටික් අංශු වැඩිවීමේ අවදානමක් පවතින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලය කළ සමීක්ෂණයකින් හෙළිව තිබෙයි. පේරාදෙණි වීශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය එච්.එම්.ටී.ජී.ඒ.පිටවල මහතා මේ බව  ප්‍රකාශ කරන ලදි පසුගිය සති දෙක තුළ රාත්‍රි කාලයේ දී කොළඹ නගරය ආශ්‍රිත වායුගෝලයේ දූවිලි අංශු ඉහළ යාමේ තත්ත්වය මේ…

අද (08) සිට දිවයින පුරා සියලු පාසල් වෙතින් සිසුදරුවන්ට නිල ඇඳුම් තිළිණ පත්

අද (08) සිට දිවයින පුරා සියලු පාසල් වෙතින් සිසුදරුවන්ට නිල ඇඳුම් තිළිණ පත්

2020 වසර වෙනුවෙන් රජයේ සියලු පාසල් සහ පිරිවෙන් සිසුන් වෙත නිල ඇඳුම් තිළිණපත් බෙදාහැරීමේ කටයුතු මේ වනවිට අවසන් කර තිබේ. ඒ අනුව අද (08) සිට දිවයින පුරා සියලු පාසල් වෙතින් සිසුදරුවන්ට මෙම තිළිණ පත් ලබාගැනීමේ අවස්ථාව සැලසෙනු ඇත. මෙම වර්ෂයේ පාසල් නිල ඇඳුම් සඳහා රජය වැය කර ඇති මුදල රුපියල් මිලියන 2900ක් වන අතර, කාණ්ඩ…

සේව් ද ස්පෝර්ට්ස් ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙලට ඉල්ලුම් පත් කැඳවයි

සේව් ද ස්පෝර්ට්ස් ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙලට ඉල්ලුම් පත් කැඳවයි

ශ්‍රී ලාංකේය ක්‍රීඩා සාහිත්‍යයේ ප්‍රගමනය උදෙසා සේව් ද ස්පෝර්ට්ස් සංවිධානය ඉදිරිපත් කරන ”සේව් ද ස්පෝර්ස්ට් ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙල 2020” සඳහා ඉල්ලුම් පත් කැඳවීම ආරම්භ කෙරේ. ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සාහිත්‍යය අරමුණු කර ගනිමින් ඒසඳහාම පැවැත්වෙන පළමු සහ එකම සම්මාන උළෙල මෙයයි. ඒබව අවධාරණය කරමින් සේව් ද ස්පෝර්ස් සංවිධානයේ සභාපති ම. ප. තමීර මංජු මහතා පැවසුවේ…

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ  ප්‍රමාදයක්

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ප්‍රමාදයක්

ගාල්ල සිට කොටුව බලා ධාවනය වූ දුම්රියක් කහව ප්‍රදේශයේදී කාර්මික දෝෂයකට ලක්වී ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි. කාර්මික දෝෂයකට ලක් වූ දුම්රිය යථාතත්ත්වයට පත් කිරීම මේ වන විට සිදුකරන බවද වැඩිදුරටත් සදහන් කරයි.