මාතර නව අධිකරණ සංකීර්ණය ඉතා කඩිනමින් ජනතා අයිතියට

මාතර නව අධිකරණ සංකීර්ණය ඉතා කඩිනමින් ජනතා අයිතියට

අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම අදහස් පළ කළේ මාතර කොටවිල ප්‍රදේශයේ ඉදි වන නව අධිකරණ සංකීර්ණයේ කටයුතු නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට අද එක්වෙමිනි රුපියල් බිලියන එකයි දශම දෙකක් වියදම් කරලා ඉදි කර ඇති මාතර නව අධිකරණ සංකීර්ණය ඉතා කඩිනමින් ජනතා අයිතියට පත් කළ යුතුයි.ගොඩනැගිලි ඉදි කර ඇති ආකාරය…

ළමා අයිතිවාසිකම් රකින පොලීසියේ හැසීරිම

ළමා අයිතිවාසිකම් රකින පොලීසියේ හැසීරිම

නිකවැරටිය ප්‍රදේශයේදි බාල වයස්කාර දැරියකට අමානුෂික ලෙස පහර දිමේ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වුවද ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරිම පැහැර හැරි උප පොලිස් පරික්ෂිකාවන් දෙදෙනෙකු වහා ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමට ලක් වුයේ  සිටය. දහතුන් හැවිරිදි මෙම දැරියගේ දෙමාපියන් නීතියෙන් වෙන්ව සිටින අතර ඇයගේ මිත්තණිය භාරයේ මෙම දැරියත් නැගණියත් ජිවත්ව ඇත. පසුව පියා විසින් මෙම දැරියව…

එක්සත් ජනපදයේ සරණාගතභාවය අපේක්ෂා කරන මෙක්සිකානුවන් ගෝතමාලවට

එක්සත් ජනපදයේ සරණාගතභාවය අපේක්ෂා කරන මෙක්සිකානුවන් ගෝතමාලවට

එක්සත් ජනපදයේ සරණාගතභාවය අපේක්ෂා කරන සමහර මෙක්සිකානුවන් ද්විපාර්ශ්වික ගිවිසුමක කොටසක් ලෙස ගෝතමාලවට  යවන බව ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි. “එක්සත් ජනපදයේ මානුෂීය ආරක්ෂාව අපේක්ෂා කරන සමහර මෙක්සිකානුවන්ට දැන් ගෝතමාලාවට  මාරු වීමට සුදුසුකම් ලැබිය හැකි අතර ඒහි  සරණාගත සමුපකාර ගිවිසුමේ නියමයන් යටතේ එහි ආරක්ෂාව ලබා ගැනීමට අවස්ථාව ලබා දී තිබේ” යැයි ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව ප්‍රකාශකයෙක්  ප්‍රකාශයක් නිකුත්…

නිවාස සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක්

නිවාස සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස රේණුක පෙරේරා මහතා අද එම අධිකාරියේදී වැඩභාර  ගන්නා ලදී. එම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ඇතුළු අධිකාරියේ නිලධාරින් එක්වූහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ රේණුක පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  පාලක ලේකම්වරයා ලෙසද කටයුතු කරයි.

ඉරාන හමුදාවේ විශේෂ බළකායට නව නායකයෙකු

ඉරාන හමුදාවේ විශේෂ බළකායට නව නායකයෙකු

ඉරාකයේ සිටින ඇමෙරිකානු හමුදා එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයකින්  ‘කුද්ස්’ විශේෂ බළකායේ ප්‍රධානී ජෙනරාල් කසීම් සුලෙයිමානී මරුමුවට පත්විමේන් පසු    එම තනතුරට බ්‍රිගේඩියර් ජෙනරාල් ඉස්මයිල් කානී පත් කරනවා යැයි අයතොල්ලා අලි කමේනී නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. එම නිවේදනය ඉරාන උත්තරීතර නායකයාගේ වෙබ් අඩවියේද සඳහන් කර ඇත.

රුසියාවේ – චීනයේ ප්‍රතිචාර ඇමරිකාවේ විවේචනයට

රුසියාවේ – චීනයේ ප්‍රතිචාර ඇමරිකාවේ විවේචනයට

ඉරාකයේ ඇති වී තිබෙන ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් රුසියාව සහ චීනය දක්වන ලද ප්‍රතිචාරය ඇමෙරිකා එක්සත් ජනපදයේ විවේචනයට ලක්විය. එම සිදුවීම සම්බන්ධයෙන් රුසියාව සහ චීනය අනුගමනය කළ නිහඬ ප්‍රතිපත්තිය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ද හෑල්ලුවට ලක් කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයට පත් කර සිටින ඇමෙරිකානු දූත පිරිස සඳහන් කළේය.

රුපියල ඉහළට

රුපියල ඉහළට

වසර නවයකට පසුව පසුගිය වසරේදී ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ යාමක් පෙන්නුම් කළේ යැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා පැවැසීය. 2018 වසරේදී සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වීමෙන් පසුව ශ්‍රී ලංකා රුපියල ඉහළ ස්ථාවරත්වයක් පෙන්නුම් කර ඇති බව ද හෙතෙම කීය. ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ පැවැති ‘ප්‍රතිපත්ති පෙර දැක්ම’…

වහාම ක්‍රියාත්මක වන පරිදි බඩඉරිඟු සහ රටකජු ආනයනය අත්හිටුවයි

වහාම ක්‍රියාත්මක වන පරිදි බඩඉරිඟු සහ රටකජු ආනයනය අත්හිටුවයි

ජනවාරි මස 15 වනදා සිට බඩඉරිඟු සහ රටකජු ආනයනය අත්හිටුවීමට රජය පියවර ගෙන ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සදහන් කරයි. රටකජු සහ බඩඉරිඟු ගොවීන්ගේ අස්වනු ඉදිරියේදී වෙළඳපොලට නිකුත් කිරීමට නියමිත බැවින් දේශීය ගොවියා ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව වැඩිදුරටත්  සදහන් කළේය.

Water_Cut

මහරගම ඇතුළු ප්‍රදේශ රැසකට පැය 24 ක ජල කප්පාදුවක්

මහරගම ඇතුළු ප්‍රදේශ රැසකට අද පෙරවරු 9 සිට පැය 24 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තෙගොඩ, හෝමාගම, මීපේ සහ පාදුක්ක යන ප්‍රදේශවලට අද පෙරවරු 9 සිට පැය 24 ක් ජල සැපයුම අත්හිටුවනු ඇති.

පස්සර බස් අනතුරින් 8 දෙනෙකු මරුට : 40කට තුවාල

පස්සර බස් අනතුරින් 8 දෙනෙකු මරුට : 40කට තුවාල

බදුල්ල, පස්සර මඩොල්සිම මාර්ගයේ හයේ කණුව ප්‍රදේශයේ ලංගම බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරින් මේ වන විට 8 දෙනෙකු මරුමුවට පත්ව 40ක් බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති. බදුල්ල පස්සර හයේ කණුව ප්‍රදේශයේදී ඊයේ පස්වරු 4.30 ට පමණ ඇකිරිය බලා ධාවනය ආරම්භ කර ඇති මෙම බස් රථය අඩි 100 ත් 150 ත් අතර ප්‍රපාතයකට පෙරළීමෙන්…