සජිත් අද විපක්ෂ නායක ධුරයට

සජිත් අද විපක්ෂ නායක ධුරයට

ජනාධිපතිවරයා ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කර සභාව කල් තැබීමෙන් පසුව පස්වරු 1 ට පාර්ලිමේන්තුව යලි රැස්වීමෙන් පසු  විපක්‍ෂ නායකවරයා ලෙස  සජිත් ප්‍රේමදාස මහතා  නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සදහන් කරයි. සභා නායක, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ විපක්ෂයේ සංවිධායක ඇතුළු තනතුරු පත්කිරීමට නියමිතව ඇත්තේ ඉන් පසුවයි.

dailyreporter
|

08 වන පාර්ලිමේන්තුවේ සිව් වන සභාවාරය අද

08 වන පාර්ලිමේන්තුවේ සිව් වන සභාවාරය අද (03) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්  ආරම්භ කිරීමට නියමිතව ඇත. අද පෙරවරු 10 ට සභාවේ කටයුතු ආරම්භ කිරීමට නියමිත අතර එහිදී ජනාධිපතිවරයා රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය, ඉදිරිපත් කිරීමට නියමිතයි. ජනාධිපතිවරයා සතු බලතල අනුව පසුගිය දෙසැම්බර් මස 02 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවේ තුන්වන සභාවාරය වාර අවසාන කරනු…

කෑගල්ල බන්ධනාගාර සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක්

කෑගල්ල බන්ධනාගාර සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක්

කෑගල්ල බන්ධනාගාරය තුලදී සිදු වු පහර දීමකින් පුද්ගලයෙකු මිය ගොස් ඇති බව කියන සිදුවීම සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත. මත්පැන් නඩුවක වරෙන්තුකරුවෙකු ලෙස ඉකුත් 27 දා ගොකරැල්ල පොලිසිය විසින් කුරුණෑගල, මදුරාගොඩ, වදුරැස්ස පදිංචිව සිටි ඩබ්ලිව්.ඩී.නාලක දේවබණ්ඩාර ගුණවර්ධන නැමැති තිස්හය හැවිරිදි එක්දරු පියා අත්අඩංගුවට ගෙන තිබේ. මොහු සමඟ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන…

dolor

නව රජයේ පළමු විදේශ ආයෝජන ව්‍යාපෘතිය

නව රජය බලයට පත්වීමෙන් පසු ක්‍රියාත්මක කෙරෙන පළමු විදේශ ආයෝජන ව්‍යාපෘතිය සඳහා පෙරනියල් රියල් එස්ටේට් හෝල්ඩිංග්ස් සමාගම සූදානම් වෙයි. කොළඹ බාලදක්ෂ මාවතේ බේරේ වැව සහ ෂැංග්‍රිලා හෝටලය අතර පිහිටි අක්කර තුනක භූමි භාගය තුළ මෙම ආයෝජනය සිදු කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි. ඇ.ඩො. මිලියන 250 ක විදේශ ආයෝජන ව්‍යාපෘතියක් වන මෙමගින් මහල් 30 ක වාණිජ…

parli

ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව ඉතා උසස් තත්ත්වයට

ලොව පුරා පිහිටි පාර්ලිමේන්තු 170 ක් අතරින් ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව ඉතා උසස් තත්ත්වයට පත්ව ඇති බවත්,එය මේ වන විට ලොව ආදර්ශවත් පාර්ලිමේන්තුවක් බවට පත්ව ඇති බවත්  කථානායක කරු ජයසූරිය මහතා පවසයි. “මේ වන විට අලුත් ජනාධිපතිවරයෙක් පත්ව සිටිනවා.අලුත් ආණ්ඩුවක් ක්‍රියාත්මයි.ඉදිරියේ දී මහමැතිවරණයක් පැවැත්වෙනවා.එහිදී නව කථානායකවරයෙක් පත් වෙන්න පුළුවන්. එතුමා මෙම තත්ත්වය තවදුරටත් ඉදිරියට ගෙන යනු…

සිමොනෙටා සොමාරුගා ස්විට්සර්ලන්ත ජනාධිපති ධුරයට

සිමොනෙටා සොමාරුගා ස්විට්සර්ලන්ත ජනාධිපති ධුරයට

සමාජවාදී පක්ෂයේ කැබිනට් සාමාජික සිමොනෙටා සොමාරුගා ස්විට්සර්ලන්ත ජනාධිපති ධුරය භාර ගත්තාය. 59 හැවිරිදි සොමරුගා ධනවත් ඇල්පයින් ජාතියේ විධායක ශාඛාව වන ස්විට්සර්ලන්තයේ සාමාජිකයන් හත් දෙනෙකුගෙන් යුත් ෆෙඩරල් කවුන්සිලයේ පරිසර, ප්‍රවාහන, බලශක්ති හා සන්නිවේදන අමාත්‍යවරිය වේ. ඇය මීට පෙර අධිකරණ අමාත්‍ය ධුරය හෙබවූ 2010 සිට කවුන්සිලයේ අසුන්ගෙන ඇත. දක්ෂිණාංශික ස්විට්සර්ලන්ත මහජන පක්ෂයේ (එස්වීපී) මුදල් ඇමති උයිලි මොරර්ගෙන්…

මන්චි ජාතික වොලිබෝල් තරගාවලියේ සුපර් ලීග් කාන්තා අංශයේ අනුශූරතාවය නාවික හමුදාවට

මන්චි ජාතික වොලිබෝල් තරගාවලියේ සුපර් ලීග් කාන්තා අංශයේ අනුශූරතාවය නාවික හමුදාවට

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සංවිධානය කළ 2019 මන්චි ජාතික වොලිබෝල් තරඟාවලිය මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී 2019 දෙසැම්බර් 28 වන දින නිමාවට පත් වූ අතර, එහිදී සුපර් ලීග් (Supper League) කාන්තා අංශයේ අනුශූරතාවය ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා කණ්ඩායම හිමිකර ගැනීමට සමත් විය. තවද, මන්චි ජාතික වොලිබෝල් තරඟාවලියක අවසන් මහ තරඟයක් සඳහා ශ්‍රී…

නව වසරේ අලුත් බබාලා 392078 ක්

නව වසරේ අලුත් බබාලා 392078 ක්

2020 නව වසර උදාවීමත් සමඟ ලොවපුරා දරුවන් 392,078 දෙනෙකු උපත ලබා ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. පැසිෆික් සාගරයේ ෆීජි දුපත්හි පළමු දරුවා උපත ලබා ඇති අතර එක්සත් ජනපදයේ අවසන් දරුවා බිහිව තිබේ. වැඩිම දරු උපත් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ඉන්දියාවෙනි. ඒ 67385 කි. යුනිසේෆ් සංවිධානය සඳහන් කරන ආාකරයට 2018 වසරේදි උපත ලද දරුවන් සංඛ්‍යාවෙන්…

හමුදාපති වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයේ අද වැඩ භාර ගනී

හමුදාපති වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයේ අද වැඩ භාර ගනී

හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයේ අද වැඩ භාරගැනීමට නියමිතව තිබෙනවා. අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයෙන් විශ්‍රාම යාම හේතුවෙන් ජනාධිපතිවරයා විසින් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයට පත් කරනු ලැබුවා.

police police station ips police full form police rajasthan

පොලිස් මාධ්‍ය ඒකකය යළි වැඩ අරඹයි

නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයකු යටතේ පොලිස් මාධ්‍ය ඒකකය අද සිට යළි පිහිටුවා ඇති බව පොලිස් මුලස්ථානය සදහන් කරයි. පොලිස් මාධ්‍ය කොට්ඨාසය ඉකුත් නොවැම්බර් 27 දින සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටවනු ලැබු පසු ජාතික පොලිස් කොමිසමේ නිර්දේශ අනුව වැඩ බලන පොලිස්පතිවරයා විසින් නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පත්කර ඇති බව…