rupiyala

රුපියල අතිප්‍රමාණ වෙයි

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට බින්දුවයි දශම 07 කින් අතිප්‍රමාණ වී තිබෙන බව වාර්තා වෙනවා.

උසස් පෙළ විභාග සහතික අද සිට

උසස් පෙළ විභාග සහතික අද සිට

මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිඑල ලබාගැනීමට අපේක්ෂා කරන සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවට පැමිණ ලේඛනවලට අදාල විභාග සහතික අද සිට ලබාගැනීමේ හැකියාව පවතිනවා. ඔන්ලයින් ක්‍රමයටද විභාග සහතිකය ලබා ගැනීමට අද සිට අවස්ථාව පවතින බව සදහන් වේ.

ගණිකාවන්ට එරෙහි දඩමුදල් සමඟ සිර දඩුවම් අහෝසියි

ගණිකාවන්ට එරෙහි දඩමුදල් සමඟ සිර දඩුවම් අහෝසියි

ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් වෙනුවෙන් නව දඩුවම් ක්‍රමයක් හදුන්වා දීමට චීනය පියවර ගෙන ඇත. ඒ අනුව දැනට පනවා ඇති කාන්තාවකට එරෙහිව ඇමරිකානු ඩොලර් 540 ක දඩමුදලක් සමඟ සිර දඩුවම් නීතිය අවලංගු වන බව චීන රජය පවසයි. ගණිකා වෘත්තියේ යෙදෙන චීන කාන්තාවන්ට  වසර දෙකක පුහුණුවක් ලබාධීමටත්, ඉන් අනතුරුව ඔවුන් ස්වයං රැකියා සඳහා යොමු කිරීමටත්  නව නීති…

තිසර යුද හමුදාවට

තිසර යුද හමුදාවට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන තිසර පෙරේරා ස්වේච්ජා බලසේනාවේ බලලත් කමිෂන් නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවට අද එක්වී ඇත. තිසර යුද හමුදා මේජර්වරයෙකු වශයෙන් කටයුතු කරනු ඇති අතර ඔහුගේ මව් ඒකකය වන්නේ ගජබා රෙජිමේන්තුවයි. ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ අරමුණින් තිසර පෙරේරා මෙලෙස යුද හමුදාවට එක්වී ති  …

දුම්රිය ආරක්ෂක සේවයට නිලධාරීන් 180 දෙනෙකු බඳවා ගැනේ

දුම්රිය ආරක්ෂක සේවයට නිලධාරීන් 180 දෙනෙකු බඳවා ගැනේ

දුම්රිය ආරක්ෂක සේවය සඳහා නව නිලධාරීන් 180 දෙනෙකු බඳවා ගැනීමට දුම්රිය ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න මහතා සදහන් කරයි. මේ වනවිට දුම්රිය ආරක්ෂක සේවයේ පුරප්පාඩු 253 ක් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

දෙහිවලට සතුන් සඳහාම සියලු පහසුකම්වලින් සමන්විත විශේෂිත රෝහලක්

දෙහිවලට සතුන් සඳහාම සියලු පහසුකම්වලින් සමන්විත විශේෂිත රෝහලක්

සත්ත්ව උද්‍යාන සතුන් සඳහාම විශේෂිත සියලු පහසුකම්වලින් සමන්විත මහල් 2කින් යුත් රෝහලක් දෙහිවල සත්ත්ව උද්‍යානය තුළ දිරියේදී විවෘත කිරීමට නියමිත බව ජාතික සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුවේ සත්ත්ව සෞඛ්‍ය අධ්‍යක්ෂ පවසයි. දරුණු ආබාධවලට ලක් වූ සතුන් රෝහල තුළ රැගෙන යෑම සහ එසවීම සඳහා ”ග්‍රැන්ටිය” නමින් හඳුන්වන විශේෂිත යන්ත්‍රයක් ද එහි ස්ථාපිත කර ඇති බව සදහන්.

මැදපෙරදිගට යුද නෞකා යවන්න ජපානයෙන් තීරණයක්

මැදපෙරදිගට යුද නෞකා යවන්න ජපානයෙන් තීරණයක්

මැදපෙරදිග කලාපය වෙත යුද නෞකා පිටත්කර යැවීමට ජපාන රජය තීරණය කර ඇත. සිය වෙළෙද නෞකාවල ආරක්ෂාව තහවුරු කිරීම සදහා ඒ වෙත යුද නෞකා පිටත්කර යැවීමට ජපානය තීරණය කර ඇත. හෙලිකොප්ටර් යානාවලින් සමන්විත යුද නෞකා සහ ඊට අමතරව ප්‍රහාරක ගුවන්යානාද අදාළ කලාපය වෙත යොමුකිරීමට ජපාන රජය කටයුතු කර ඇත. ගල්ෆ් කලාපයට අයත් හෝමූස් සමුද්‍ර සන්ධිය හැර…

මෙරට නිපද වූ මෝටර් රථය ලියාපදිංචි කරන්න දෙන්නෙ නෑ

මෙරට නිපද වූ මෝටර් රථය ලියාපදිංචි කරන්න දෙන්නෙ නෑ

නව නිර්මාණකරුවන් දිරි ගැන්වීම සඳහා නව ප‍්‍රතිපත්තියක සිට රජය කටයුතු කළ යුතු බව නව නිපැයුම් ප‍්‍රවර්ධනය කිරීමේ ව්‍යාපාරය පවසනවා. අඩු වියදම් මෝටර් රථයක් නිපදවූ ශානක දසනායක ද මෙම මාධ්‍ය හමුවේදී අදහස් පළ කළා. එහිදී ඔහු පෙන්වා දුන්නේ “අපිට හැකියාවක් ලැබිලා තියෙනවා ලංකාවේ අමුද්‍රව්‍ය යොදාගෙන අඩු වියදම් මෝටර් රථයක් නිෂ්පාදනය කරන්න. මට තියෙන ගැටලුව තමයි මේ…

රජයේ සියලුම ආයතනවල වියදම් සීමා කිරීම සදහා විශේෂ චක්‍රලේඛයක්

රජයේ සියලුම ආයතනවල වියදම් සීමා කිරීම සදහා විශේෂ චක්‍රලේඛයක්

රජයේ සියලුම ආයතනවල වියදම් සීමා කරමින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. රාජ්‍ය ආයතනවල ජලය, විදුලිය, දුරකථන සහ අනෙකුත් වියදම් සීමා කරන ලෙසටත් රාජ්‍ය සේවකයන්ගේ විදේශිය සංචාර සීමා කරන ලෙසටත් එම චක්‍රලේඛයෙන් දැනුම් දී තිබෙනවා.

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කටයුතු කාර්යක්ෂම වෙයි

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කටයුතු කාර්යක්ෂම වෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වේරහැර පිහිටි මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණයකට එක්වීමත් සමඟ එහි කටයුතු කාර්යක්ෂම කිරීමට පියවර ගෙන තිබෙනවා. රියදුරු බලපත්‍රය ලබාගැනීම සඳහා ඉල්ලුම්කරු විසින් අයදුම්පත්‍රය භාරදුන් පසු එය සකස් කර ඇති බවට ඔහුගේ දුරකථන අංකයට කෙටි පණිවුඩයක් මඟින් එය දැනුම්දීම සිදුකරනු ලබන බව සදහන් වේ.