dengue treatment DengueAwareness FightDengue DenguePrevention StopDengue DengueSymptoms HealthEducation MosquitoControl PublicHealth StaySafe DengueOutbreak

ඩෙංගු රෝගීන් ප්‍රමාණය සිඝ්‍රයෙන් ඉහලට

අනෙකුත් වසර වලට සාපේක්ෂව මෙවර ඩෙංගු රෝගීන් ප්‍රමාණය සිඝ්‍රයෙන් ඉහල ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. මේ වසර අවසානය වන විට වාර්තා වී ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 91,000 කට අධික බව ත් එය පසුගිය වසරට සාපේක්ෂව 50% කින් ඉහළ යෑමක් බවයි පැවසෙන්නේ.

rajithe

රාජිත අසනීපෙන් – රෝහලේ ගත කෙරේ

අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇති හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා මේ වන විටත් නාරාහේන්පිට පිහිටි පෞද්ගලික රෝහලේ හෘද රෝග ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලබයි. සුදුවෑන් ප්‍රවෘත්ති සාකච්ඡාවට අදාළව වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට වරෙන්තුවක් නිකුත් කළේ පසුගිය 24 වැනිදායි. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පෙරේදා දිනයේ ද…

කස්කස්ථානයේ පුද්ගලයින් 100 දෙනකු රැගත් ගුවන් යානයක් කඩා වැටෙයි

කස්කස්ථානයේ පුද්ගලයින් 100 දෙනකු රැගත් ගුවන් යානයක් කඩා වැටෙයි

කස්කස්ථානයේ අල්මාටි ගුවන් තොටුපොළ ආසන්නයේදී මගීන් 95 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සේවකයින් 5 දෙනෙකු රැගත් ගුවන් යානයක් කඩා වැටී ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, අල්මටි ගුවන්තොටුපළින් ගුවන්ගත කර සුලු වේලාවකට පසුව යානය එලෙස කඩා වැටී ඇති බවයි. යානය කසකස්ථානයේ විශාලතම නගරය වන අල්මටි සිට එරට අගනගරය වන නර්සුල්තාන් වෙත ගමන් කිරීමට නියමිතව තිබී තිබේ.  

ලංකාවේ නිෂ්පාදිත නියමු යාත්‍රා 2 ක් කොළඹ වරායට

ලංකාවේ නිෂ්පාදිත නියමු යාත්‍රා 2 ක් කොළඹ වරායට

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත නව නියමු යාත්‍රා 2ක් කොළඹ වරායට එක් කිරීම නාවික කටයුතු, මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන්  සිදු කෙරුණි. දිගින් මීටර් 12ක් සහ පළලින් මීටර් 5.5ක් වන මෙම යාත්‍රාවලට නාවික සැතපුම් 22ක වේගයෙන් ගමන් කළ හැකි බව අමාත්‍යාංශය කියයි. කොළඹ නැව් තටාකාංගන පෞද්ගලික සමාගම මෙම අධිවේගී නවීන යාත්‍රා 2 නිෂ්පාදනය…

වයින් විස වී 11 ක් මරුට 300 ක් රෝහල් ගතකරයි

වයින් විස වී 11 ක් මරුට 300 ක් රෝහල් ගතකරයි

පිලිපීනයේ පොල් වලින් නිපදවන ලද වයින් වර්ගයක් විෂවීම හේතුවෙන් පුද්ගයින් 11 දෙනකු මියගොස් 300 ක් රෝහල් ගතකර ඇතැයි විදෙස් මාධ්‍යය වාර්තා කරයි. මැනිලා නගරයට දකුණින් පිහිටි ලගුනා සහ ක්විසෝන් යන පළාත් දෙකෙන් මෙම මරණ වාර්තා වන අතර නත්තල් උත්සව සැමරුම් අවස්ථාවලදී මෙම වයින් පානය කර ඇති බව සඳහන් වේ.

rice

රජයෙන් සහල් මෝල් ආරම්භ කරන බව එස්.එම්. කියයි

පෞද්ගලික සහල් මෝල් හිමියන් සතු සහල් මිල තීරණය කිරීමේ වෙළඳ ඒකාධිකාරිය බිඳ දැමීම සඳහා ඉදිරියේදී රජය විසින් සහල් මෝල් ආරම්භ කරන බව අමාත්‍ය එස්.එම් .චන්ද්‍රසේන මහතා පවසයි. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

සුනාමි ව්‍යසනයට අදට වසර 15 යි

සුනාමි ව්‍යසනයට අදට වසර 15 යි

සුනාමි ව්‍යසනය සිදුවී වසර 15ක් පිරෙන අද දින ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා විජේරාම නිල නිවසේදී විනාඩි 02ක නිශ්ෂබ්දතාවයක් සුරකිමින් සුනාමි ව්‍යසනයෙන් මියගිය අය සිහිපත් කළේය.  ජාතික සුරක්ෂිත දිනය අදට යෙදී තිබෙනවා. සෑම වර්ෂයකම සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ව්‍යසන නිසා මියගිය ජනතාව සිහිපත් කරමින් පිං පැමිණවීම ප්‍රධාන තේමාව කරගනිමින් ජාතික සුරක්ෂිත දිනය සැමරෙනවා. 2004 වර්ෂයේ…

දුර්ලභ සූර්යග්‍රහණයක් දැකබලා ගැනිමේ අවස්ථාව අද උදාවෙයි.

දුර්ලභ සූර්යග්‍රහණයක් දැකබලා ගැනිමේ අවස්ථාව අද උදාවෙයි.

වසර ගණනාවකට පසුව දිස්වන දුර්ලබ ගණයේ වළයාකාර සූර්යග්‍රහණය දැකබලා ගැනිමේ අවස්ථාව අද උදාවෙයි. අද පෙරවරු 08.10න් පසුව මෙම සූර්යක් ග්‍රහණය දැකබලා ගැනිමට හැකියාව පවතින බවයි ශ්‍රී ලංකා ග්‍රහලෝකගාරයේ තාරකා විද්‍යා ප්‍රදර්ශක නාලක අබේසේකර මහතා සදහන් කළේ. අවසන් වරට මෙවැනි සූර්යක් ග්‍රහණයක් 2010 වර්ෂයේදී දර්ශනය වී ඇති අතර නැවත වරක් මෙවැනි සූර්යක් ග්‍රහණයක් දැකබලා ගැනිමට හැකියාව…

කොලොම්බියාවට ප්‍රබල භූ කම්පන

කොලොම්බියාවට ප්‍රබල භූ කම්පන

කොලොම්බියාවට ප්‍රබල භූමි කම්පා දෙකකින් බලපෑම් එල්ල වී ඇත. සුනාමි අවදානමක් නොමැති බවයි එරට සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසන්නේ. මධ්‍යම කොලොම්බියාවේ බොගෝටා අගනගරය ආශ්‍රිතව රිච්ටර් පරිමාණයේ ඒකක හයක් සහ පහයි දශම අටක්වූ භූකම්පන දෙකක් හටගෙන තිබුණි. භූකම්පන දෙකේම අපකේන්ද්‍රය එකිනෙකට සමීපයේ පිහිටා තිබූ බවයි එරට වාර්තා සඳහන් කළේ.

දෙවියන් වහන්සේගේ ආදරය සැමට සමාන බව පාප් වහන්සේ පවසයි

දෙවියන් වහන්සේගේ ආදරය සැමට සමාන බව පාප් වහන්සේ පවසයි

වතිකානයේ ශාන්ත පීතර බැසිලිකා දේවස්ථානයේ පැවැති නත්තල් දේව මෙහෙයට සහභාගී වෙමින් පාප් වහන්සේ මේ බව ප්‍රකාශ කර තිබේ.  දෙවියන් වහන්සේ සමාජයේ සෑම කෙනෙකුටම ආදරය දක්වන බව ප්‍රැන්සිස් පාප් වහන්සේ පවසයි. උන්වහන්සේ පෙන්වා දෙන්නේ දෙවියන් වහන්සේගේ ආදරය හොඳ නරක පුද්ගලයින් ලෙස බේදයක් නොමැති බවයි.