නත්තල් දින(25)  බලපත්‍ර ලත් සියලුම මත්පැන් වෙළඳසැල් වැසෙයි

නත්තල් දින(25) බලපත්‍ර ලත් සියලුම මත්පැන් වෙළඳසැල් වැසෙයි

නත්තල් දින (25)  දිවයින පුරා සියලු සුරා සැල් වසා දැමෙන බව සුරාබදු දෙපාර්තුමේන්තුව සදහන් කරයි. මත්පැන් විකිණීමේ සුරාබදු බලපත්‍ර ලත් සියලුම මත්පැන් වෙළඳසැල් වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල් විසින් නියෝග කර ඇත. කොන්දේසි කඩන වෙළෙදුන්ට එරහිව නීත්‍යානුකූල පියවර ගැනීමටත්  මහජනතාවගෙන් ලැබෙන පැමිණිලි භාර ගැනීම සඳහා අංක 1913 දරන හෙටි දුරකතන අංකයට ඇමතීමට අවස්ථාව ලබා දී…

ඕනෑම දේශපාලන පක්ෂයකට වැඩකරන්න ඕන කෙනෙකුට අයිතියක් තියෙනවා

ඕනෑම දේශපාලන පක්ෂයකට වැඩකරන්න ඕන කෙනෙකුට අයිතියක් තියෙනවා

අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම අදහස් පළ කළේ මහියංගණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ පැවති උත්සවයකට එක්වෙමිනි. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජය එක් පක්ෂයකට විතරක් අයිති දෙයක් නෙමෙයි.ඒ ජයග්‍රහණය අපි සියලු දෙනාටම අයිතියි.අපේ සහාය ලැබුනු ආකාරය ගැන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇතුළු ඉහළ නායකත්වය පිළි අර ගෙන තියෙනවා.අපි යන…

නාවික හා සාගරික විද්‍යාපීඨයේදී පුහුණුව නිමකළ මධ්‍ය නිලධාරීන් 36 දෙනෙකු අධිකාරියට පත් කෙරේ

නාවික හා සාගරික විද්‍යාපීඨයේදී පුහුණුව නිමකළ මධ්‍ය නිලධාරීන් 36 දෙනෙකු අධිකාරියට පත් කෙරේ

ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව නිම කළ මධ්‍ය නිලධාරින් 36 දෙනෙකු අද (2019 දෙසැම්බර් 21) අධිකාරියට පත් කරන ලදී. ඒ අනුව ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව නිම කළ 60 වන ශිෂ්‍යභට යන බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරීන් 36 දෙනෙකු සිය මූලික පුහුණුව අවසන් කිරීමෙන් පසු මෙලෙස අධිකාරියට පත් කරන ලදී. ත්‍රිකුණාමලය නාවික හා…

අමෙරිකා – මෙක්සිකෝ දේශ සීමාවෙන් වෙන්වූවන් එක් වූ නත්තල් සාදය

අමෙරිකා – මෙක්සිකෝ දේශ සීමාවෙන් වෙන්වූවන් එක් වූ නත්තල් සාදය

අමෙරිකා – මෙක්සිකෝ දේශ සීමාවෙන් වෙන් වී සිටින පවුල්වල සාමාජිකයන් ඒකරාශී කිරීමේ අරමුණින් දේශ සීමාව ආසන්නයේදී නත්තල් සාදයක් පවත්වා ඇත. මධ්‍යම අමෙරිකානු සංක්‍රමණිකයන් බොහෝ පිරිසක් සාදයට සහභාගීවී සිටි බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙක්සිකෝ දේශ සීමාව ඔස්සේ අමෙරිකාවට ඇතුළුවී එරට පුරවැසිභාවය ලබාගැනීමේ අරමුණින් ග්වාතමාලාව, හොන්ඩියුරාස්, එල් සැල්වදෝර් වැනි රටවලින් පැමිණි සංක්‍රමණිකයන් දහස් ගණනක් මේ වන…

ලොත­රැයි ඉති­හා­සයේ දැවැ­න්තම ජය­මල්ල කෝටි­පති ජය­ග්‍රා­හ­ක­යා

ලොත­රැයි ඉති­හා­සයේ දැවැ­න්තම ජය­මල්ල කෝටි­පති ජය­ග්‍රා­හ­ක­යා

සංවර්ධන ලොතරැයි ඉතිහාසයේ දැවැන්තම කෝටිපති ජයමල්ල වූ රු.145,029,213ක මුදල පසුගිය ඔක්තෝම්බර් 27 වැනි දින පවත්වන ලද ‘කෝටිපති කප්රුක” 513 වැනි වාරයේ දිනුම් ඇදීමේදී දිනාගත් රත්නපුර, මලංගම ප්‍රදේශයේ කුමාර ප්‍රියන්ත මහතාට අදාළ චෙක්පත ප්‍රදානය කිරීම පසුගිය දා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය සහ මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ මහතා අතින් අරලියගහ මන්දිරයේ දී සිදුවිය. එම ජයග්‍රාහී…

ආණ්ඩුවේ යහපත් තීරණවලට සහයෝගය

ආණ්ඩුවේ යහපත් තීරණවලට සහයෝගය

රටට කරන්න පුළුවන් හොඳම දේ කරන්න අපි සෑමවිටම සහයෝගය ලබා දෙන බවත් සියලු බේද ඉවතදාලා, එක්සිත්ව එක්සත්ව කටයුතු කරමින් රට ඉලක්ක කර ජනතා සුබසිද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමේ කාලය දැන් එළැඹී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පැවසී ය. මෙම අදහස් පළකළේ මට්ටක්කුලිය, විස්ට්වයික් ක්‍රීඩාංගනයේ පැවති, එළඹෙන නව වසර වෙනුවෙන් අඩුආදායම්ලාභී පවුල්වල දරුදැරියන් වෙනුවෙන් අභ්‍යාස…

badweather

වැසි වැඩිවෙයි – දිස්ත්‍රික් කිහිපයකට නායයාමේ රතු නිවේදන – 64,608ක් පීඩාවට

දිවයිනේ දිස්ත්‍රික් 13 කට  බලපා ඇති වැසි තත්ත්වය අද සිට යළිත් ඉහළ යන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අයහපත් කාලගුණයෙන් වැඩිම බලපෑම් එල්ල වී ඇත්තේ අනුරාධපුරය, පොළොන්නරුව,හම්බන්තොට, අම්පාර, ත්‍රිකුණාමලය, වව්නියාව ඇතුළු දිස්ත්‍රික් 13 කටයි. මාතලේ, නුවර, නුවරළිය,බදුල්ල, මොනරාගල සහ රත්නපුර යන දිස්ත්‍රික්වලට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. පවුල් 18,840 අයත් පුද්ගලයින් 64,608 දෙනෙකු පීඩාවට…

විදේශයන් සමග ගිවිසුම් අත්සන් නොතබන්නැයි ජනපති ලේකම්ගෙන් උපදෙස්

විදේශයන් සමග ගිවිසුම් අත්සන් නොතබන්නැයි ජනපති ලේකම්ගෙන් උපදෙස්

සියලු අමාත්‍යංශ පූර්ණ හා අර්ධ රාජ්‍ය ආයතන, දෙපාර්තමේන්තු සහ පළාත් සභා වෙත ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතාගේ අත්සනින් යුතු විශේෂ චක්‍රලේඛයක් මගින් විදේශීය රාජ්‍යයන් සහ ආයතන සමග සෘජු එකඟතා හෝ අවබෝධතාවන් සහිත ගිවිසුම්වලට එළැඹීමෙන් වළකින ලෙස ජනාධිපති කාර්යාලය රාජ්‍ය ආයතන වෙත දැනුම් දී ඇත. ගිවිසුමකට එළැඹීමේ අවශ්‍යතාවක් ඇත්නම්, එම කටයුතු විදේශ අමාත්‍යංශය, මුදල් අමාත්‍යංශය, නීතිපති…

අද සහ හෙට වැසි වැඩි වෙයි

අද සහ හෙට වැසි වැඩි වෙයි

දිවයින පුරා වැසි තත්ත්වය අද සහ හෙට දිනයන්හිදීද තවදුරටත් වැඩිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. අනුරාධපුර, ගල්නෑව, හූරිගස්වැව ප්‍රදේශයේ ජල ගැලීමෙන් කොටු වී සිටින පුද්ගලයින් පිරිසක් බේරා ගැනීමට නාවික හමුදාව ඊයේ රාත්‍රියේදී සමත් වුණා. අඹේවෙල වෝවික් වතුයායේ නිවාස කිහිපයක් නායයාමේ අවධානමට ලක්ව තිබේ. අවතැන් වූ පුද්ගලයින් සඳහා අවශ්‍ය ආහාර ඇතුළු අනෙකුත් අවශ්‍යතා සැපයීමට වැලිමඩ…

badweather

එල්සා සුළි කුණාටුවෙන් 5ක් මරුට

ස්පාඤ්ඤය හා පෘතුගාලය හරහා හමාගිය එල්සා සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයන් පස්දෙනකු මරුමුවට පත්වී ඇතැයි වාර්තා වේ. ගස් හා විදුලි කණු කඩා වැටී ඇති අතර ප්‍රදේශයේ ගොඩනැගිලි බොහොමයකට හානි සිදුවී ඇති බව සඳහන් වේ. ඉදිරියේදි කාළගුණ තත්ත්වය තවත් නරක අතට හැරෙනු ඇති බවට විදෙස් වාර්තා අනතුරු අඟවති.