වසර 40කට පසු කියුබාවට අගමැතිවරයෙක්

වසර 40කට පසු කියුබාවට අගමැතිවරයෙක්

විප්ලවවාදි නායක ෆිදෙල් කැස්ත්‍රෝ 1976 වසරේ දි අගමැති ධුරය අහෝසි කල පසු  කියුබාවට අගමැතිවරයෙක් පත්කර තිබෙනවා. කොමියුනිස්ට්ස් පාලනය මගින් සම්මත කරගත් පනත මඟින් නව අගමැතිවරයෙකු සඳහා අවස්ථාව ලබාගෙන තිබෙනවා. එරට ජාතික සභාවේ නියෝජිතයන් අගමැතිවරයාගේ පත් කිරිම ඒකමතිකව අනුමත කර ඇති බවයි වාර්තා වන්නේ.

දක්ෂිණ අධිවේගි මාර්ගයේ බස් ගාස්තු අඩුවෙයි

දක්ෂිණ අධිවේගි මාර්ගයේ බස් ගාස්තු අඩුවෙයි

හෙට(22) සිට දක්ෂිණ අධිවේගි මාර්ගයේ බස් ගාස්තු අඩු කිරිමට තීරණය කර ඇත. මාතර සිට මීගමුව දක්වාත් ගාල්ල සිට මීගමුව දක්වාත් ධාවනය වන බස්රථවල ගාස්තු මෙලෙස අඩු කරන බවයි මගී ප‍්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කළේ. මීගමුව සිට මාතර දක්වා රුපියල් හත්සියක් දක්වා සහ මීගමුව සිට ගාල්ල දක්වා රුපියල් හයසියක් ලෙස නව සංශෝධිත බස් ගාස්තු ප‍්‍රකාශයට පත්කර…

ගංවතුරට ගසාගෙන ගිය බස් රථයක මගීන් 54ක් මුදාගනියි

ගංවතුරට ගසාගෙන ගිය බස් රථයක මගීන් 54ක් මුදාගනියි

ගංවතුරට ගසාගෙන ගිය බස් රථයක කොටුවීසිටි කුඩාදරුවන්, ගැබිණි මවුවරුන්, කාන්තාවන් ඇතුළු මගීන් 54 දෙනෙකු පොලොන්නරුව ගල්ලෑල්ල ප්‍රදේශයේදී ජලයෙන් යටවී තිබූ ප්‍රදේශයේදී ගංවතුරට හසුවී ගසා ගෙනගොස් තිබියදී පොලීසිය, යුදහමුදාව, සිවිල්ආරක්‍ෂක බලකාය ඇතුළු සහන කණ්ඩායම් විසින් බේරගෙන තිබේ. පොලොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ගල්ලෑල්ල ප්‍රදේශයේ මේ වනවිට ජල මට්ටමඅඩි 06 ක් පමණ දක්වා ඉහළ නැඟ තිබෙන බව පොලීසිය…

දුන්හිද ප්‍රවේශ මාර්ගය වසා දමයි

දුන්හිද ප්‍රවේශ මාර්ගය වසා දමයි

දුන්හිඳ ඇල්ල නැරඹීමට  යන ප්‍රවේශ මාර්ගය  අද (22) සිට නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව වසා දැමූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල් උදයකුමාර මහතා පැවසීය . මෙම පාසල් නිවාඩු සමයේ දේශීය  විදේශීය විශාල සංචාරකයන් පිරිසක් බදුල්ල දුන්හිඳ දිය ඇල්ල  නැරඹීමට පැමිණෙන බවත්,  බදුල්ල දිස්ත්‍රික්කයේ මේ දිනවල පවතින අධික වර්ෂාවත් සමඟ ඇති වී තිබෙන …

පාඨලී  අත්අඩංගුවට ගැනීමේ  ක්‍රියාවලිය සම්ප්‍රදාය උල්ලංඝනය කිරිමක්

පාඨලී අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය සම්ප්‍රදාය උල්ලංඝනය කිරිමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීමේදී සිදුව ඇති ක්‍රියාවලිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීම පිළිබඳව මෙතෙක් පැවති සම්ප්‍රදාය උල්ලංඝනය කිරිමක් බව පැහැදිලිව පෙනී යයි. පාර්ලිමේන්තුවේ පුර්වගාමි කථානායකවරුන්  විසින්ද පාර්ලිමේන්තුවේ හා එහි මන්ත්‍රීවරුන්ගේ  වරප්‍රසාද ආරක්ෂා කරනු වස් අනුගමනය කරනු ලැබ  ඇති මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීමට අදාළ  පිළිවෙත මෙවැනිම සිද්ධීන් සම්බන්ධව හිටපු ගරු කථානායක චමල් රාජපක්ෂ මැතිතුමා…

දේශගුණික විපර්යාස ඇතිවුණේ කොහොමද කියන්න කවුරුත් දන්නේ නෑ

දේශගුණික විපර්යාස ඇතිවුණේ කොහොමද කියන්න කවුරුත් දන්නේ නෑ

දේශගුණික විපර්යාසවලට හේතුව කුමක්දැයි කවුරුවත් දන්නේ නැහැ‘‘ යැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි. දේශගුණික විපර්යාස මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා සිදුවන්නක්ද නැතහොත් විශ්වීය ක්‍රියාවලිය නිසා සිදුවන්නක් ද කියන්න බැහැ යැයි රුසියානු ජනාධිපතිවරයා කීවේය. අපි දන්නවා පෘථිවියේ ඉතිහාසය. උණුසුම් කාලවකවානු තිබුණා. ඒ වගේම ශීත කාලත් තිබුණා. එය තීරණය වන්නේ විශ්වයේ ක්‍රියාවලිය මත” යැයි ද හෙතෙම කීය. “දේශගුණික විපර්යාස…

මැතිවරණ නීති සංශෝදනය කිරීම සදහා යෝජනාවක්

මැතිවරණ නීති සංශෝදනය කිරීම සදහා යෝජනාවක්

පසුගිය ජනාධිපතිවරණයේදී ලද අත්දැකීම් අනුව විශාල අපේක්ෂකයින් සංඛ්‍යාවක් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම නිසා රජයට දරන්නවූ දැවැන්ත වැය බරත්, ඡන්දදායකයින්ට සිදුවූ අපහසුතාවයත් මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුවට, මැතිවරණ කොමසාරිස්වරයාට, මැතිවරණය පවත්වාගෙන යාමට වූ අපහසුතාවයන් සැලකිල්ලට ගෙන විශේෂයෙන්ම ඒ අතුරින් අතිමහත් බහුතරයක් අපේක්ෂකයින්ට 0.1% වත් ප්‍රතිශතයක් ලබා ගැනීමට නොහැකිවූ බව සැලකිල්ලට ගනිමින් ජනාධිපති මැතිවරණ පනත කුමන ආකාරයකින් සංශෝධනය කොට ඒ සදහා මෙම තත්වය මගහරවාලීම සදහා ජනාධිපතිවරණ මැතිවරණ…

ජාතික පාසල් 278ක විදුහල්පති පුරප්පාඩු සඳහා  විසඳුම්

ජාතික පාසල් 278ක විදුහල්පති පුරප්පාඩු සඳහා විසඳුම්

ජාතික පාසල් 278ක විදුහල්පති පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවා කොමිසමේ අධ්‍යාපන සේවා කමිටුවේ නියමය පරිදි ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ සුදුසුකම් ලත් නිලධාරීන්ගෙන් පසුගිය අගෝස්තු මාසයේ දී අයදුම්පත් කැඳවන ලදී. ඒ අනුව, අයදුම්පත් යොමු කළ, නියමිත සුදුසුකම් සහිත නිලධාරීන් තෝරාගැනීම සඳහා වන සම්මුඛ පරීක්ෂණ දෙසැම්බර් 23 වැනි දා සිට ආරම්භ කිරීමට අධ්‍යාපන ක්‍රීඩා හා…

weather today at my location

නාය අවදානමක් හේතුවෙන් 335ක් ඉවතට

තද වර්ෂාව සමඟ නායයාමේ අවදානමක් මතු වූ බැවින් හපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පුද්ගලයින් 335ක් ආරක්ෂිතව ඉවත් කළ බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. අධික වර්ෂාවක් ලැබීමත් සමග භූමියේ නායයාමේ පූර්ව ලක්ෂණ මතුවූ බැවින් මෙසේ පුද්ගලයින් පදිංචි ස්ථානවලින් ඉවත් කළ බව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි.

රාජ්‍ය සේවා‍ දැල්පන්දු තරඟාවලියේ ‘ඒ’ කාණ්ඩයේ ශූරතාවය ශ්‍රී ලංකා නාවික හමුදාවට

රාජ්‍ය සේවා‍ දැල්පන්දු තරඟාවලියේ ‘ඒ’ කාණ්ඩයේ ශූරතාවය ශ්‍රී ලංකා නාවික හමුදාවට

රාජ්‍ය සේවා පිළිමළුන් පිටුදැකීමේ දැල්පන්දු තරඟාවලිය 2019 දෙසැම්බර් 17 සහ 18 යන දෙදින ත්‍රිකුණාමලය, ගෘහස්ථ ක්‍රීඩාංගණ‍යේදී පැවැති අතර, එහි ‘ඒ’ කාණ්ඩය යටතේ තරඟ කළ ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා දැල් පන්දු කණ්ඩායම එහි ශූරතාවය හිමි කර ගැනීමට සමත්වන ලදී. මෙම තරඟාවලිය  ‘ඒ’, ‘බී’ සහ ‘සී’ වශයෙන් කාණ්ඩ තුනක් යටතේ පැවැති අතර, නාවික හමුදා කණ්ඩායම ‘ඒ’…