බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුගේ නඩු තීන්දුව ගැන හමුදාපතිගෙන් ප්‍රකාශයක්

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුගේ නඩු තීන්දුව ගැන හමුදාපතිගෙන් ප්‍රකාශයක්

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා සම්බන්ධයෙන් එංගලන්තයේ වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා දී ඇති නඩු තීන්දුව සම්බන්ධයෙන් රාජතාන්ත්‍රික මට්ටමින් මැදිහත්වීමට බලාපොරොත්තු වන බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. අදාළ සිද්ධිය පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශය මැදිහත් වීමෙන් සොයා බැලීමක් සිදුකරන බව යුධ හමුදාපතිවරයා ප්‍රකාශ කරයි.

ලොව හොදම ස්ථාන 20 අතර පළමු ස්ථානය ලෙස ශ්‍රී ලංකාව ලෙස නම් කරයි
|

ලොව හොදම ස්ථාන 20 අතර පළමු ස්ථානය ලෙස ශ්‍රී ලංකාව ලෙස නම් කරයි

එළඹෙන සීත සෘතුවේදී උණුසුම් කාලගුණයක් සහිත පරිසරයක නිවාඩුවක් ගත කිරීම සඳහා තෝරා ගත යුතු ලොව හොදම ස්ථාන 20 අතර පළමු ස්ථානය ලෙස ශ්‍රී ලංකාව ලෙස නම් කර තිබේ. ඉකුත් පාස්කු ප්‍රහාරයෙන් පසුවද සංචාරය සඳහා ලොව හොදම රටක් ලෙස usatoday.com වෙබ් අඩවිය ශ්‍රී ලංකාව නම් කිරීම මගින් මෙරට ආරක්ෂාව තහවුරු වී ඇති බවට වන පණිවිඩය ලොවට…

ලෝක හෙවිවේට් බොක්සිං කිරුළ  බ්‍රිතාන්‍යයේ ඇන්තනි ජොෂුවාට

ලෝක හෙවිවේට් බොක්සිං කිරුළ බ්‍රිතාන්‍යයේ ඇන්තනි ජොෂුවාට

ඇමරිකාවේ නිව්යෝක් නුවරදී තමා පරාජය ලැබූ මෙක්සිකෝවේ ඇන්ඩි රුයිස් පරදවා නැවතත් ලෝක හෙවිවේට් බොක්සිං කිරුළ දිනාගැනීමට බ්‍රිතාන්‍යයේ ඇන්තනි ජොෂුවා ඊයේ සමත්වුණා. රියාද් නුවර දිරියා ක්‍රීඩාගාරයේ 14,000 කට අධික ක්‍රීඩාලෝලීන් ඉදිරියේ පැවති එම තරගයේදී ජොෂුවා, ඇන්ඩි රුයිස් වට තුනකදී ලකුණුවලින් පරාජයට පත් කරනු ලැබුවා.

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු වරදකරු වෙයි

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු වරදකරු වෙයි

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ වරදකරු බවට තීන්දු කර තිබේ. 2018 වසරේ පෙබරවාරි 04 වැනිදා පැවැති 70 වැනි නිදහස් සමරු උළෙලට විරෝධය පෑ උද්ඝෝෂකයාන්ට අතින් සංඥාකරමින් තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එවකට එම මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයා ලෙස සේවය කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනු කරන ලද නඩුවේ අවසන් තීන්දුව…

අයහපත් කාලගුණයෙන් ලක්ෂ දෙකකට අධික පිරිසක් පීඩාවට

අයහපත් කාලගුණයෙන් ලක්ෂ දෙකකට අධික පිරිසක් පීඩාවට

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 70,000කට අධික සංඛ්‍යාවක් පීඩාවට පත්ව සටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මඩකලපුව, අම්පාර, බදුල්ල, මොණරාගල, නුවරඑළිය, මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර උතුරු පළාතේත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තු සඳහන් කරයි. සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ දකුණු පළාත්වල…

රාජ්‍ය ආයතනවලට ඩයරි කැලැන්ඩර් එපා

රාජ්‍ය ආයතනවලට ඩයරි කැලැන්ඩර් එපා

ඒකාබද්ධ අරමුදලේ හෝ වෙනත් කිසිදු ව්‍යවස්ථාපිත අරමුදලක මුදල් උපයෝගී කරගනිමින් ලබන වසර සඳහා දිනපොත් හා කැලැන්ඩර් මුද්‍රණය නොකරන ලෙස රජය සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දී ඇත. ජනතාවට මෑතකාලීනව දුන් බදු සහන හමුවේ අත්‍යවශ්‍ය නොවන සහ ප්‍රමුඛතාවයෙන් අඩු වියදම් කපාහරින ලෙසටද එමගින් දැනුම් දී තිඛෙනවා. වාහන  ගමන් බිමන් ගොඩනැගිලි පහසුකම් වැනි දෑ ඊට යටත්වනු ඇති….

දුම්රිය පාලන කටයුතු සඳහා GPS තාක්ෂණය

දුම්රිය පාලන කටයුතු සඳහා GPS තාක්ෂණය

දුම්රිය පාලන කටයුතු සඳහා GPS තාක්ෂණය යොදාගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිඛෙනවා. එහි සමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කලේ ව්‍යපෘතියේ පළමු අදියර යටතේ මේ වන විට දුම්රිය 20 කට GPS උපාංග සවිකර ඇති බවයි. එමගින් දුම්රිය ධාවන වේලාවන් සහ ප්‍රමාද වේලාවන් මගීන් වෙත පහසුවෙන් දැනුම් දීමට හැකිවීම විශේෂත්වයක්. මෙම ව්‍යපෘතිය දුම්රිය දෙපාර්තමේන්තුව සහ ආරක්ෂක අමාත්‍යංශය…

විල්පත්තුව හෙළි කිරිම හා පාස්කු ප්‍රහාරය ගැන රිෂාඩ්ට ඒරෙහි චෝදනා ගැන හොයන්න කොමිසමක් ඉල්ලයි

විල්පත්තුව හෙළි කිරිම හා පාස්කු ප්‍රහාරය ගැන රිෂාඩ්ට ඒරෙහි චෝදනා ගැන හොයන්න කොමිසමක් ඉල්ලයි

පාස්කු ප්‍රහාරය හා විල්පත්තු ජාතික වනෝද්‍යානය හෙළිකිරීමට එරෙහිව තමාට එල්ල වන චෝදනා ගැන ජනාධිපති කොමිසමක් පත්කර විමර්ශනයක් සිදුකරන ලෙස හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  මහතාට ලිපියක් යවමින්  ඉල්ලීමක්  කර තිබේ. විල්පත්තු ජාතික වනෝද්‍යානය හෙලිකර නිවාස ඉදිකිරීම හා අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයට තමා සම්බන්ධ බවට විවිධ පාර්ශව වලින් නැගෙන චෝදනා පිළිබඳ පාර්ලිමේන්තු තේරීම්කාරක…

මිනිස් ජාවාරම් මැඩපැවැත්විම සඳහා නාවික හමුදාව සහ පොලීසිය එක්ව ඒකාබද්ධ මෙහෙයුමක්

මිනිස් ජාවාරම් මැඩපැවැත්විම සඳහා නාවික හමුදාව සහ පොලීසිය එක්ව ඒකාබද්ධ මෙහෙයුමක්

 නාවික හමුදාව සහ පොලීසිය එක්ව සිදුකල ඒකාබද්ධ මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරට සිට විදේශ ගතවීමට උත්සාහ කළ ශ්‍රී ලාංකික පුද්ගලයින් පිරිසක් අත් අඩංගුවට ගැනීමට සමත්ව ඇත. මිනිස් ජාවාරම මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා  නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් දැඩි අවධානයකින් කටයුතු කරනු ලබන අතර, ඒ සඳහා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා පොලීසිය…

ගල්,වැලි ප්‍රවාහන බලපත්‍ර අවලංගු කිරිමෙන් රජයට විශාල ආදායමක් අහිමි වෙනවා

ගල්,වැලි ප්‍රවාහන බලපත්‍ර අවලංගු කිරිමෙන් රජයට විශාල ආදායමක් අහිමි වෙනවා

වැලි හා පස් ප්‍රවාහනය කිරීම සඳහා පනවා තිබු බලපත්‍ර ක්‍රමය  අවලංගු කිරීම තුළින් රජයට විශාල මුදලක් අහිමි වන බව පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ මධ්‍යම කමිටු සමාජික පුබුදු ජයගොඩ මහතා පවසයි. නුදුරු දිනකදීම ලංකාවේ ගංගා පද්ධතියට කරදිය මිශ්‍ර වි විනාශව ගොස් ඒ මඟින් ජනතාවගේ පානීය ජලයේ ඉදලා කෘෂි කර්මාන්තය දක්වාම දැවැන්ත ප්‍රශ්නයක් උද්ගත වනු ඇති බවද ඔහු…